2024-12-29

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagement with the digital world. It encourages users to “Do More. Be More.” in their lives by providing them with the resources and tools they need to succeed in the digital age.
maxa - Do more. Be more. With digital.
www.maxa.lk
https://g.co/kgs/PceXqfr


 

2024-12-25

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූව තවමත් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතිය සමග වන භාවිතාකරන්නන් හට තම දුරකථන භාවිතව ඉහලට ගෙනෙන්නට සිදුවනු ඇත. එසේම මෑතකදී WhatsApp පැවසුවේ May 5, 2025 සිට  iOS 15.1 සිට පහලට වන මෙහෙයුම් පද්ධති සදහා සහය දැක්වීමද අවසන් කරන්නට සුදානම් බවකි. නව තාක්ෂණික අංගයන් සමග කටයුතු කරන්නට මෙන්ම ආරක්ෂිත බව හොඳින් තබාගන්නට වැනි නෙක හේතූන් මත මෙම පියවරයන් ගැනීම සිදුවන අතර ඔවුන් උපදෙස් දෙන්නේ මෙම උපාංග භාවිතාකරන්නන් හට තම  දත්ත ගොනු වල බැකප් කර සුරල්ශිත කරගන්නට කටයුතු කල යුතු බවයි.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2024-12-24

Microsoft විසින් win 11 සදහා TPM අනිවාර්ය බව පවසයි.

Windows 11 සමග භාවිතාකරන්නන් හට හමුවූ ප්‍රමුක ගැටළුවක් වූ TPM (Trusted Platform Module) 2.0, VBS (Virtualization-based Security), යන අංග දෙක පිලිබඳව නැවත පැහැදිලි කරමින් සිටිනවා. Microsoft ආයතනය windows 11 සමග මෙම අවශ්‍යතා mandatory මට්ටමින් ඉල්ලා සිටි අතර බොහෝ windows 10 මට්ටමේ භාවිතාකරන්නන් හට windows 11 වෙතට පිවිසෙන්නට එය බාදාවක් විය. බොහෝ භාවිතාකරන්නන් windows 10 වල නිල සහය අවසන් කරන්නට නියමිත එලබෙන වසර වන විට මෙම අනිවාර්ය අවශ්‍යතාවල පහල දැමීමක් බලා පොරොත්තුවූ මුත් microsoft ආයතනය පසුගිය දා නැවත පවසා සිටියේ එසේ සිදු නොවන්නේ වැඩි ආරක්ශිත මෙහෙයුම් පද්ධති භාවිතාවක් සදහා එය අනිවාර්ය වන බවකි. මේ වන විට Microsoft ආයතනය නැවත පවසා සිටින්නේ BitLocker වැනි මෙහෙයුම් පද්ධතියේ වැඩි දියුනු ආරක්ෂිත බවක් පවත්වාගෙන යාම සදහා මෙම අංගයන් අනිවාර්ය බවයි.
Pubudu Siriwansa

www.pariganakaya.lk 

 

Google වල Gemini තවත් ඉදිරියට..

Google පවසන්නේ තම Gemini AI හැකියාව තවත් භාෂා 40 ක් සදහා සූදානම් බවයි. නිරන්තරයෙන් දියුනු කරමින් තම AI හැකියාව ChatGPT සමග ඉතා තරගකාරී මට්ටමක තබා ගන්නට Google නිරන්තරයෙ කටයුතු කරමින් සිටින අතර Gemin වල "Deep Research," හැකියාව මේ අනූව වඩාත් පුලුල් සේවාවකට සූදානම් වෙමින් සිටී. මෙම Deep Research සමග Gemini Advanced භාවිතාකරන්නෙකුට වඩත් ගැබුරු research reports එකක මට්ටමට යා හැකි අතර වඩාත් සාර්ථක Output එකක් සදහා එය සූදානමින් සිටින බවටයි පිලි ගැන්නේ. Gemini 2.0 Flash සමග වඩාත් දියුනු  image / audio හැකියාවක් ලැබෙන අතර Google DeepMind  මෑතකදී කල නිකුතුවන් සමග  4K resolution මට්ටමේ high-quality videos ලබා දෙන්නටද සූදානම් ව සිටී.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2024-12-23

Gmail සමග තරගයක් විය හැකි XMail ...

Email භාවිතාව යනු අන්තර්ජාල භාවිතාවේ මුල්ම ස්වර්ණමය සලකුනක් විය. එනම් අතර්ජාලය වෙතට භාවිතාකරන්නන් බහුලවම කැඳවන්නට මුල්වූ පලමු  සාධකය එය වූ නිසාවෙනි. අද වන විට භාවිතාකරන්නෙකු ගේ පලමු අන්තර්ජාලය මත තබන්නට පොලබවන සාධකයද එය වෙමින් ඇත. එනම් ඔබගේ අනන්‍යතාව අන්තර්ජාලය මත සලකුනු කරන පලමු පිවිසුම එය වන නිසාවෙනි.  1996 වන විට එය සුපෝඛභෝගී භාවිතාවක් ලෙසට සැලකුනු අතර අද වන විට සෑම අයැකුටම අඩුම තරමින් email දෙකක් වත් වන බවට ගනනය වෙමින් ඇත. එනම් දෛනිකව බිලියන 300 අද වන විට ඔබ මොබ ගමන් කරන අතර එක් පුද්ගලයෙකුට අවලම ලෙසට දිනකට email 121 ක් ලබන බවට ද ගනනය වෙමින් ඇත. 1990 අවසාන භාගය වන විට Hotmail වලින් ප්‍රමුක භාවිතාව පැමිනි අතර අධික spam සමග එහි ජනංප්‍රියතාවයට ගැටළු සහගත විනි. Gmail මේ බොහෝ දුර්වලතාවලට විසඳුමක් ‍රැගෙන පැමිනි අතර අද වන විට එය ප්‍රමුක භාවිතාව ලෙසට පිලිගැනේ. එය අදවන විට සමස්ථ ලොව වව්සියන්ගෙන් 1/3 කගේ භාවිතාව දිනාගෙන ඇත. 
      මේ වන විට Elon Musk පවසන්නේ තමන්ද XMail සමග Gmail සමග තරගයකට සූදානම් බවට පවසා සිටින අතර එය එලබෙන යුගයේ Email ආකෘතිය වෙනස් කරන්නට සමත් වනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් ඇත. මෙය තවමත් සංකල්ප මට්ටමේ වන බවට අමතක නොකල යුතු අතර මේ වන විට වෙබ් අපරාධකරුවන්ගේ උගුල් සදහා එය අවස්ථාවක් කරගනිමින් සිටින බවද අනතුරු ඇගවෙමින් ඇත.
Pubudu Siriwansa

www.pariganakaya.lk 

 

2024-12-15

Win 11 වලට unsupported hardware ගැටළුව.

මේ වන විටත් Microsoft පවසන්නේ තමන්  windows 11  මුල්ම නිකුතුවත් සමග සිටි අවම දෘඩාංග අවශ්‍යතා පිලිබන්දව ස්ථාවරය වෙනස් කරන්නට කටයුතු නොකරන බවකි. එනම් windows 11 මෙහෙයුම් පද්ධතිය unsupported hardware වෙතට ස්ථාපනයෙන් ගැටළු කාරි වීමේදී ඔවුන් විසින් වගනොකියන බව තව දුරටත් වලංගු බවත් එසේ ගැටළු කාරී වීමකදී windows 10 වෙතට නැවත පැමිනීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොවන බවටත් ඔවුන් පවසා සිටිනවා. windows 10 සදහා Microsoft අයතනයේ නිළ සහය එලබෙන 2025 වන විට අවසන් කරන්නට නියමිතව ඇති අතර මේ වන විටත් windows 10 භාවිතකරන්නන් හට windows 11 සදහා සහය දක්වන Hardware මට්ටමකට යන්නට හෝ අමතර මුදල්ක් ගෙවා windows 10 සදහා අත්‍යාවශ්ය යාවත්කලීන ලබා ගනටත් යන විසදුම් දෙකෙන් එකක් ‍තෝරා ගන්නට සිදුව තිබෙනවා.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2024-12-12

Gemini smart assistant

Google පවසන්නේ තම Gemini නම් AI හැකියාව ක්‍රමයෙන් Android දෙසට මුදා හරින්නට සූදානම් බවකි. දුරකථන ඇමතුම් වලට answers කිරීමේ සිට ලැබෙන කෙටි පනිවිඬ වලට answers කිරීම දක්වා පමනක් නොව තම භාවිතාකරන්නාගේ ගේ දෛනික හැසිරීම් මතක තබා ගනිමින් අවශ්‍ය විටකදී ඒවා ඔස්සේ සහය ලබා දෙන්නටත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය වැනි අවස්ථා වලදී ආරක්ශිත බව සහතික කරන්නටත් ඇතුලු පහසුකම් රාශියක් මේ ඔස්සේ Android භාවිතා කරන්නන් වෙතට සූදානම් බවටයි පැහැදිලි කෙරෙන්නේ. සුපුරුදු පරිදි තම Pixel phones සදහා පලමු නිකුතුවට සූදානම් වන මේ අංගයන් පිලිබඳව පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මෙම Gemini smart assistant සමග Android වල දෛනික භාවිතාව මහත් සේ වෙනසක් කරන්නට සූදානම් බවකි. එලබෙන DECEMBER PIXEL DROP සමග මෙම අත්දැකීම් පලමුව භාවිතාකරන්නන් වෙතට නිකුත් වනු ඇත.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

YouTube වල භාෂා ගැටලුවට විසදුමක්.

YouTube පවසන්නේ තම platform ය තුල auto-dubbing හැකියාව හොඳින්ම සංක්‍රිය බවයි. ඒ අනූව විවිධ භාෂා කථාකරන  viewers ලා හට ගැටළුවකින් තොරව content පරිහරනයට අවස්ථාව උදා වනු ඇති. මේ අනූව English වල වීඩියෝවක් French, German, Hindi, Indonesian, Italian, Japanese, Portuguese, Spanish භාෂා භාවිතා කරන්නෙකුටත් වගේම මේ භාෂා භාවිතා කරන්නෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් content අත්විඳින්නටත් අවස්ථාව ලැබෙනු ඇත. මේ  සදහා  Google DeepMind , Google Translate teams වැනි හැකියාවන් යොදාගෙන ඇති අතර AI-generated content නිසා විය හැකි සමහර දුර්වලතා තවමත් බලාපොරොත්තු විය යුතු බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවමත් සියලුම channel සදහා මෙම හැකියාව සූදානම් නැති අතර YouTube මෑතකදී හඳුන්වා දුන් Erase Song අංගය ඔස්සේ copyrighted song ගැටළුව පහසුවෙන් මග හරින්නට හැකිව ඇත.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2024-12-09

Gen Z වෙතින් Branding ලෝකය වෙතට

Gen Z වෙතින් Branding ලෝකය වෙතට සිදුවෙමින් ඇති වෙනස තීරනාත්මක බවටයි හදාරන්නන් පවසන්නේ. සාම්ප්‍රධායික අවකාශයන් බොහෝ සෙයින් ඔවුන් වෙනස් කරමින් සිටින බවටයි ප්‍රමුක මතය වෙමින් ඇත්තේ. TikTok ප්‍රමුක සෙවුම් යන්ත්‍රයක් වන විට සෙවීමේ ආකරයේ සිට සොයන දෑ ගැන මෙන්ම දෑ වෙතට ආකර්ෂණය වීම දක්වා සියල්ල වෙනස් බවක් ගන්නා බවටයි හදාරන්නන් පවසන්නේ. "ඔවුන් සාම්ප්‍රධායික මාධ්‍ය අවකාශය පැහැදිලිවම සියලුම ආකාර වලට අභියෝගයට ලක් කරමින් සිටිනවා. සරල සැහැල්ලු නව ආකෘති වලට භාවිතාව ගෙනෙමින් සිටිනවා." හදාරන්නන් කාරනාව පැහැදිලි කරමින් සිටිනවා. එසේම ඔවුන් පවසන්නේ " තව දුරටත් බරපතල වෙහෙස කර තාක්ෂණික උපංක්‍රම ඉතා සරලව නොසලකා හරිමින් සිටිනවා."
Pubudu Siriwansa www.pariganakaya.com

 

PARIGANAKAYA

Pariganakaya is your one-stop digital destination, empowering you to navigate the digital world with confidence. Our platform offers a seamless blend of news, reviews, and learning opportunities to keep you informed and skilled. Stay updated on the latest tech trends, explore in-depth product reviews, and enhance your digital literacy through our engaging workshops and programs. Join us in shaping the future of technology.
www.pariganakaya.com
www.pariganakaya.lk
www.pariganakaya.store
070 6006 404
036 2235237
Pariganakaya: Your Digital Companion #digitalplatform #technews #productreviews #learnings #workshops #digitalempowerment #techsavvy #futureoftech


 

2024-12-08

සමාජ ජාලා යනු ...

 

සමාජ ජාලා යනු ඔබව වඩ වඩාත් හුඳකලා කරන්නට කටයුතු කරන භාවිතාවකි. එය භෞතිකව ඔබව හුදකලා කීරීමේ සිට කුඩා කන්ඩායම් ලෙසට හුදකලා කරන්නට කටයුතු කරමින් සිටී. හදාරන්නන් පවසන්නේ වෛරය, බිය වැනි භාවමය කලයන් ඔස්සේ එය සාර්ථකව අප වඩාත් හුදකලා කලාප වල සිරකරන්නට සමත්ව ඇති බවය. ඉතා කුඩා කලාප වල අප සිර කරන්නට සමත් වෙමින් තිබෙන බවය. මේ බව ඔවුන්  කූඩා වෙළඳ අනන්‍යතාවයකට සිට රටක ප්‍රධාන දේශපාලණ පෙරලියක් දක්වා වන නෙක ක්‍රියා කාරකම් සදහා භාවිතාවන් වලට යොදා ගනිමින් සිටී. AI වෙතින් පැමිනිය හැකි ප්‍රබල අවභාවිතාවක් ලෙසට ඔවුන් අනතුරු අගවන්නට මෙ ස්වභාවයේ නවතම පොලා පැනීම් හුවා දක්වනු පෙනේ. ඔබගේ මෑත අතීතය හදාරන්න, ඔබගේ සමහර තනි තීරන වලට සිට සමහර පොඳු තිරන වලදී ඔබව පාලනය වී ඇති ආකාරය පසක් කර ගන්න කියා ඔවුන් යෝජනා කරමින් සිටී.
Pubudu Siriwansa


AI

ඔබගේ වඩාත්ම සාර්ථක බාහිර ලෝකය මහට වූ භෞතික පරාරෝපනය AI බව බවට පත්වීම අවිවාධිතය. එහි වන තීරනාත්මකම සාධකය ඔබව ඉක්මවා යන්නට හැකිවිය හැකි ශක්‍යතාවයය.
Pubudu Siriwansa

 

AI තරගය

තම AI හැකියාව ඉහලින්ම තබා ගන්නට සියලුම පාහේ ප්‍රමුකයන් කටයුතු කරමින් සිටී. සාර්ථකම language models තමන් සතු බව ‍රැක ගන්නට ඔවුන්ගෙ වන උත්සාහය නිරන්තරය. AI benchmarks පවසන්නේ Gemini-Exp-1206 සමග නැවත තත්වය වෙනස් ව ඇති බවකි. මේ වන විටක Gemini-exp-1206 මොඩලය Google AI Studio සමග මෙන්ම Gemini API ලෙසටද ලබා ගන්නට හැක. Meta වෙතින්ද AI වෙතට තම දායකතය තහවුරු කරමින් Llama 3.3 70B open-source මොඩලය නිකුත්කර ඇත.
Pubudu Siriwnsa

 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...