2024-10-05

Google Play Store වෙතින් Kaspersky ඉවත් කෙරේ.

Google වෙතින් නිවේදනය වන්නේ තම Google Play store වෙතින් Kaspersky වල Android security app පමනක් නොව ඔවුන්ගේ developer accounts පවා ඉවත්කරන්නට තමන් කටයුතු කර ඇති බවකි. මේ අනූව Google Play වෙතින් Kaspersky Endpoint Security සහ VPN, Antivirus ආදිය සියල්ල US භාවිතා   කරන්නන් සදහා   පමනක් නොව  ලොව පුරා භාවිතා  කරන්නන් සදහා  මින් ඉදිරියට  ඉඩ නොලැබෙනු ඇත. මේ අතර Kaspersky  නිවේදනය  කරන්නේ  මෙම Google's app store ඉවත්කිරීම ගැන තමන් විමර්ශනය කරමින් සිටින බවයි. Kaspersky වැඩි දුරටත් නිවේදනය කරන්නේ තම නිකුතූන් වල downloading / updating සදහා   විකල්ප  ආකාර සදාඅ ද තමන් කටයුතු කරමින් සිටින බවකි. දැනට අනෙකුත් ඇප්ස් ස්ටෝර්ස් එනම් Galaxy Store, Huawei AppGallery, Xiaomi GetApps වැනි ඒවා ඔස්සේ මෙම භාගත කර  ගැනීම්  සදහා සූදානම් බවටද ඔවුන් නිවේදනය කර සිටිනවා.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...