2024-10-06

Meta ගෙනෙන Movie Gen

 

Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට  හැකි වනු ඇති බවකි. මෙය දැනට මෙම ප්‍රවනතාවය පිලිබඳ වඩාත් ඉදිරියෙන් සිටින OpenAI නැතිනම්  ElevenLabs වලට සාර්ථක අභියොගයක් ලෙසට විචාරය වෙමින් ඇත. Meta  විසින් Movie Gen ලෙසට නම් කරමින් මෙම නිකුතුව ගැන පවසන්නේ real photos ඔස්සේ ගොනැගෙන නිසා   වඩාත්  යතා රූපී බවත් මෙන්ම  background music සදහා ද වැඩි සත්‍ය මිත්‍ර බවක් ගෙනෙන්නට තමන් සමත්ව සිටින බවකි. දැනට  16 seconds  දක්වා Videos මේ ආකාරයට කරන්නට සූදානම් අතර OpenAI වල AI video technology වන  සමග හොඳ තරගකාරී බවක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa
www.pariganakaya.lk


Windows 11 2024 Update සමග එන ReFS

Windows 11 2024 Update පිලිබඳව නෙක ආකාරයේ  බලාපොරොත්තු  රාශියක් තබන්නට  Microsoft ආයතනය කටයුතු කර තිබිනි. මේ වන විට එම ආයතනය එම නිකුතුව සිදුකර ඇති අතර ක්‍රමයෙන් භාවිතා   කරන්නන් අතර  තම පොරොන්දු ඉ‍ටුකරමින් සිටී. එම බලාපොරොත්තු අතර එකක් වූවේ file copying හැකියාවක් තහවුරු කරන ReFS (Resilient File System) එකය.  මේ වන විට නව සංස්කරණය සමග performance ඉහල දමමින් Block Cloning නමින් මෙම හැකියාඅව  පැමින ඇති අතර මීට පෙර මෙම හැකියාව තම සර්වර සංස්කරණ  වූ  Windows Server 2016 වල සිට අත්හදා බලන්නට කටයුතු කර තිබිනි.  මීට පෙර භාවිතාව වූ NTFS සමග සැසදීමේදී  ReFS සමග 92% ග වේඅගවත් බවක් සටහන් කරන්න මෙය සමත් බවට ගනනය වෙමින් තිබේ.හදාරන්නන් පැහැදිලි කරන්නේ NTFS සමත තවමත් සහයෝගයෙන් කටයුතු කරන අතර ReFS සමග සමහර කටයුතු වලදී කැපී පෙනෙන දියුනු වක් උපාංග වලට දිය හැකි වන අතර developers / managed PC වැනි වාතාවරන සදහා   වඩාත් සුදුසු  එකකි. 
Pubudu Siriwansa

www.pariganakaya.lk 

 

2024-10-05

Google Play Store වෙතින් Kaspersky ඉවත් කෙරේ.

Google වෙතින් නිවේදනය වන්නේ තම Google Play store වෙතින් Kaspersky වල Android security app පමනක් නොව ඔවුන්ගේ developer accounts පවා ඉවත්කරන්නට තමන් කටයුතු කර ඇති බවකි. මේ අනූව Google Play වෙතින් Kaspersky Endpoint Security සහ VPN, Antivirus ආදිය සියල්ල US භාවිතා   කරන්නන් සදහා   පමනක් නොව  ලොව පුරා භාවිතා  කරන්නන් සදහා  මින් ඉදිරියට  ඉඩ නොලැබෙනු ඇත. මේ අතර Kaspersky  නිවේදනය  කරන්නේ  මෙම Google's app store ඉවත්කිරීම ගැන තමන් විමර්ශනය කරමින් සිටින බවයි. Kaspersky වැඩි දුරටත් නිවේදනය කරන්නේ තම නිකුතූන් වල downloading / updating සදහා   විකල්ප  ආකාර සදාඅ ද තමන් කටයුතු කරමින් සිටින බවකි. දැනට අනෙකුත් ඇප්ස් ස්ටෝර්ස් එනම් Galaxy Store, Huawei AppGallery, Xiaomi GetApps වැනි ඒවා ඔස්සේ මෙම භාගත කර  ගැනීම්  සදහා සූදානම් බවටද ඔවුන් නිවේදනය කර සිටිනවා.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2024-10-04

Remote work ප්‍රවනතාවය ඉදිරියට.

 තව දුරටත් කාර්යාල ආකෘතියේ සිට ව්‍යාපාරික ආකෘතිය දක්වා සමස්ථය පැය 8 සිට දින 5 ආකෘතිය දක්වා සංකල්ප මත නො‍රැඩෙන ප්‍රවනතාවය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. කොරෝනාව විසින් කල බලපැම් සමග මෙම ප්‍රවනතාවය ඉහලට පැමිනිය මුත් මේ වන විට AI වැනි ප්‍රවනතා විසින් මෙම තත්වය වඩාත් ප්‍රමුක කරමින් සිටී. Microsoft විධායකත්වයන් ප්‍රකාශ කරමින් සිටින්නේ remote work සංකල්පය කෙරෙහි තව දුරටත් තමන්ගේ එකගතාවය වන බව මුත් Amazon විසින් පසුගියදා corporate workers ලා හට සතියේ දින 3ක් කාර්යාල තුල සේවයට කැඳවීම කර තිබිනි. හදාරන්නන් පවසන්නේ තමන් forced return-to-office policy ය සමහර අවස්ථාවලදී සේවකයින් වෙනත් ආයතනයන් වල remote work සදහා පෙලබෙනු තමන් දකිමින් සිටින බවකි.
Pubudu Siriwansa

AI කථාන්දරය… 08

සමහර විටක අප තවම සිතමින් සිටින්නේ අප විසින් ඇල්ගෝරිතමයන් ලියමින් සිටින බවකි. නමුත් සත්‍ය ක්‍රමයෙන් එයින් වෙන් වෙමින් සිටීමය.. සරලව පවසන්නේ නම් අප විසින් ලියන ලද ඇල්ගෝරිතමයන් විසින් අපව පාලනය කරනවා වෙනුවට ක්‍රමයෙන් ඇගෝරිතමයන් විසින් අපව “ලිවීම” ක්‍රමයෙන් පටන් ගනිමින් සිටීමය. වඩා ඉහලින් ඔප්පුකරමින් සිටින ඵලදායීතාවය, කාර්යක්ෂමතාවය එහි පෞර්ෂය අපට වටපිට බලන්නට ඉඩ නොතබාම අපව එකග කරගනිමින් සිටී. හදාරනන් නන් යෝජනා කරන වඩාත් බියගන්වන සුලු කාරනය වන්නේ යම් දිනක මේ ඇල්ගෝරිතමයන් සටහන් වීම අපට හිතකර බවින් මිදෙමින් එය එය සදහා වඩාත් හිතකර ස්ථාවරයකට පිවිසුන හොත්?
Pubudu Siriwansa
 

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...