2023-01-14

උපංග හා යාවත්කාලීන

තොරතුරු තාක්ෂණ භාවිතාවන් ජීවිතය වටා සෑම අස්සක් මුල්ලක් නෑරම අත්පත් කරගනිමින් සිටී. උපාංග ලෙසට මෙන්ම මෘදුකාංග ලෙසට පැමිනෙන මේවා වඩාත් ජීවිතය් මත තීරනාත්මක වීමද දවසින් දවස සිදුවෙමින් පවතී. මෙම තත්වය පසු පසින් පැමිනෙන ගැටළුවක්ද වේ. එනම් නිසි යාවත්කාලීනයන් නොපැමිනීමය. විශේෂයෙන් washing machines, TVs, dishwashers වැනි උපාංග එතරම් අවධානය දිනා නොගත්තද නැතිනම් වසර දෙකකින් තුනකින් පමන අදාල නිකුත් කල ආයතනයන් abandoning products ලෙසට තම අවධානයෙන් ඉවත්කලද භාවිතාකරන්නන් හට දරුනු අනතුරු ගෙනෙන මට්ටම දක්වා නෙක දුර්වලතාවයන් සමග භාවිතාවීම සුලබය. ඒ ඒවා ක්‍රියාත්මක වීමේදී පැමිනෙන ගැටළුය. අනෙක් දෙසින් මෙම අත්හැර දැමීම නිසා security updates  ද නොපැමිනීම ඔස්සේ සයිබර් අපරාධ කරුවන්ගේ පහසු ගොදුරක්වීමද බහුලව දක්නට ලැබෙන්නකි. මේ වන විට ඔබ smart appliances මිළඳී ගැනීමකදී manufacturer update පිලිබඳව පොරොන්ඳු පිලිබඳව අසැලකිලිමත් වීම මෙන්ම second-hand දෑ ලෙසට මිලඳී ගැනීමකදී යාවත්කාලීන පිලිබඳව සැලකිලිමත්වීම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...