2022-11-01

EU වල Digital Markets Act සංක්‍රියවේ.

European Commission එක විසින් තම Digital Markets Act එක බලාත්මක කිරීමේ පලමු අදියර November 1 සිට ක්‍රියාත්මක බවටයි සටහන් වන්නේ. කාරනය පැහැදිලි කරන්නේ තොරතුරු ලෝකයේ gatekeepers ලා හට භාවිතාකරන්නන් හා තම තරගකරුවන් සදහාද සාධාරනයක් සදහා කලයුතු මෙන්ම නොකල යුතු කරුණු රාශියක් නීතිමය ලෙසට  ගෙන ඒමක් ලෙසයි. වඩාත් පුළුල් Dgital services අවකාශයක් ආවරණය වන පරිදි එනම් search engines, social networking services, certain messaging services, video sharing platform services, virtual assistants, web browsers, cloud computing services, operating systems, online marketplaces, මෙන්ම advertising services ආදිය සියල්ල ආවරනය වන මෙම නව තත්වය බලපැවැත්ම සිදුවනවා.May 2 සිට මෙම නව නීතීන් පූර්ණ ලෙසට ක්‍රියාත්ම වන්නට සැලසුම්ව තිබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...