2022-11-01

ජීවවිද්‍යාත්මක / සයිබර් ( අනන්‍යතාවය)

ඔබගේ ජීවවිද්‍යාත්මක අනන්‍යතාවය පසුකරමින් ඔබගේ සයිබර් අනන්‍යතාවය පෙරට පැමිනීම වේගවත් වෙමින් ඇත. එපමනක්ම නොවේ. තවත් අතකින් ඔබගේ ජීවවිද්‍යාත්මක සීමාව හා සයිබර් සීමාව එකිනෙක පරයෑම එලබෙමින් ඇති යුගයයි.  ප්‍රථිපලය උදාහරණයකින් පවසන්නේ නම් ඔබේ භෞතික සිරුරට වන රිදුමකට වඩා සයිබර් අනන්‍යතාවයට වන රිදුමක් දැනෙන දිනය වැඩි ඈතක නොවේ. 
     හදාරන්නන් පවසන්නේ ඔබ වඩ වඩාත් විශ්ව වැසියෙකු වෙමින් ඇති බවය. ඔබේ සීමා වඩ වඩාත් විශ්ව අර්ථවලට ගැලපෙමින් ඇති බව ඔවුන්ගේ මතයයි. පලමු සයිබර් කම්පණ ‍රැල්ල සමාජ ජාලා වැනි ආස්ථරයන් පමනක් වූවද දෙවන සයිබර් කම්පණ ‍රැල්ල VR,AR වැනි ඔබේ මනස් සීමා විනිවිද යාම දක්වා වන බවට අනාවැකි පලවෙමින් තිබීම දැකිය හැක. ඔවුන් කෙටි වදන් වැලකට එම කම්පනීය අත්දැකීම ගුලිකරන්නට උත්සාහ කරමින් සිටී. එනම් "ඔබ යලි හමුනොවන  ලෙසට පෘතුවිය  මතට වන ජීවවිද්‍යාත්මක  පෙකිනි වැල සීඳ දමන්නටකටයුතු සිදුවන පරපුරේ සාමාජිකයෙකු වෙමින් ඇත. එලබෙන ශතකය හෝ දෙක තුල අපගේ දිගුව වන ඔවුන් පෘතුවියෙන් සමුගෙන විශ්වය තුලට ගමන අරබනු ඇත. "
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...