2022-08-16

Android 13 නිකුතුව ඇරබේ.

Google නිවේදනය කරන්නේ Android 13 සංස්කරනය Pixel phones වෙතට නිකුතුව ආරම්භව ඇති බවයි. මෙම නව Android සංස්කරනයේදී දියුනු කල theme එකක සිට privacy controls මෙන්ම Android උපාංග අතර copy / paste හැකියාව දක්වා දියුනු කිරීම් රාශියක් වන බවයි. දියුනු කල personalisation සමග non-Google apps වලදී theme / colours සමග වැඩි සැක සුම් හැකියාවක් මෙන්ම per-app basis ආකාරයට set language හැකියා වක් මෙන්ම media player දියුනු කිරීම් රාශියක් වනවා. මීට අමතරව permission settings සමග photos / videos වල share වලදී වෙන වෙනම සැකසුම් හැකියා වක් මෙන්ම clipboard history ය ස්වයංව clear හැකියාවක් සමග send notifications සදහා වැඩි සැකසුම් හැකියාවක් ගෙනැවිත් තිබෙනවා. Google පවසන්නේ අනෙකුත් Android උපාංග සදහා Android 13 පැමිනීම වසර අවසානය වන විට සිදුවන්නට නියමිත බවකි.
Pubudu Siriwansa

Microsoft Defender යලි ඉහලට. – AV-TEST rankings

AV-TEST වෙතින් පැමිනෙන June 2022 වලට අදාල rankings වාර්ථාව පවසන්නේ Microsoft වල Microsoft Defender නැවත තරගකාරී මට්ටමකට පැමින ඇති බවයි. ඔවුන්ගේ මෙම වාර්ථාවට පදනම් වන්නේ Protection, Performance, Usability යන අංග තුනක් යටතේ ...
Pubudu Siriwansa
https://pariganakaya.com/microsoft-defender-%e0%b6%ba%e0%b6%bd%e0%b7%92-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%a7-av-test-rankings/

 

2022-08-06

Microsoft Edge සමග එන "Enhanced Security mode" එක.

Microsoft පවසන්නේ තම Edge බ්‍රවුසරය සදහා වඩාත් ආරක්ෂිත අංගයක් එක්කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Edge version 104.0.1293.47 සමග සංයුත්තව පැමිනෙන මෙම අංගය "Enhanced Security" ලෙසට නම් වන අතර මෙම  "Enhanced Security mode" වලදී තම ආරක්ශිත බව ආකාර තුනකින් තොරා ගන්නට හැකි වන අතර එහිදී Basic, Balanced හා Strict වන තොරාගැනීම් අතරින් සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා  Basic option තමන්ගේ උපදෙස බවයි. ඔවුන් පවසන්නේ සයිබර් පහර දෙන්නන්ගේ බහුල උපංක්‍රම කිහිපයක්ම මග හරින්නට මෙම නව අංගය සහය වනු ඇති බවයි.
Pubudu Siriwansa 


 

2022-08-01

Pariganakaya.Com


 පරිගණකය ජීවිතය අවටින් අතුරුදහන් වෙමින් ඇත. “පරිගණක බව” ජීවිතය අවට වසා ගනිමින් ඇත. නිවසේ දොර සීණුවේ සිට ස්මාර්ට් නිවස දක්වා පෞද්ගලික භාවිතයේ සිට සමස්ත රටක පරිපාලණය දක්වා වපසරියක් එය අත්පත්කර ගනිමින් සිටී. එක් අතකින් එය වඩාත් සරල වෙමින් ඇත. තවත් අතකින් එය වඩාත් ජීවිත පාලණය කරන්නක් වෙමින් සිටී. පරිගණකය වෙබ් අඩවියේ අරමුණ වන්නේ මේ පැමිනෙන සංකීර්න යුගයේ දී සිදුවන පෙරලිය තාක්ෂණිකව පමනක් නොව දේශපාලණිකව හා ආර්ථික අර්ථවලින්ද විමසා බලන්නය. විශේෂයෙන් කිව යුත්ත නම් එය සාම්ප්‍රධායික දේශපාලණය හෝ සාම්ප්‍රධායික ආර්ථික අර්ථනම් නොවන්නට නියමිත බවයි.

www.Pariganakaya.Com

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...