2022-04-09

VPN භාවිතාව

VPN යනු බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා භාවිතාවකි. එහිදී සිදුවන්නේ අන්තර්ජාලය මත සාමාන්‍ය සෙවුමකදී වන පැහැදිලි අනන්‍යතාවය වෙනුවට අතර මැදියෙකු ගෙනැවිත් භාවිතාකරන්නන්ගේ සැබෑ අනන්‍යතාවය සගවා අන්තර්ජාලය මත සරන්නට අවස්ථාව සැලසීමයි. ඒ අනූව ඔබගේ අනතර්ජාල සේවා සපයන්නට සරලව ඔබගේ භාවිතාව සැගවීමේ සිට සයිබර්පහර දෙන්නන්ට සැබෑ ඉලක්ක අහිමිකිරීම දක්වා සංකීරණය පරිසරයක් නිර්මාණය කරන්නට එය හැකිවේ. එසේම ඔබ VPN සේවාවක් සලසා ගැනීමේදී කල්පනාකාරී විය යුතු කාරනා අතර ප්‍රධාන වන්නේ ඔබ මෙසේ VPN භාවිතවකදී එන සේවා සපයන ආයතනයේ දත්ත ගබඩා වලට විවෘතවීමද නැතිනම් ඔබගේ දත්ත විවෘතවීමද, තවත් අතකින් මිළ අධික ගොඩ නැගීමක් වන සාර්ථක VPN සේවාවක් නොමිළේ ලබා දීමේදී එම සේවා සපයන ආයතනයේ ලාභය සදහා ඔබගේ පරිගණකය යොදා ගන්නා ආකාරයේදී විය හැකි හානීන් පිලිබඳව කල්පනාකාරීවීම ද වේ. එපමනක් නොව බැංකු වැනි වඩාත් ආරක්ෂාකාරී භාවිතාවක් බලා පොරොත්තුවන පරිසරයන් වලදී ඔබ නොදැනුවත්වම හෝ VPN භාවිතවීම ඔස්සේ එම ආයතනයන්ට ඔබගේ භාවි‍තෞත්සාහයේ අව්‍යාජබව තහවුරුකරගැනීමේ යාන්ත්‍රන වලට ගැටළුකාරී තත්වයන් හමුවීමද අමතක නොකල යුතුය.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...