සංසිඳුනු යහපත් මනසක් ඇත්තෙකු අක්‍රමනික මනසකට පත් වනු ඇති බවට සිතිය නොහැක. ලංකාව යටත් කරගන්නට පැමිනි නෙක ආකාරගත් ආක්‍රමනිකයන්ද ඊට වඩා වැඩි මානසිකත්වයක් රැගෙන ආවා යැයි සිතිය නොහැකිය. ඔවුන් ලංකාවේ අපමන වටිනා කම් රැගෙන යන්නට ඇත. ඔවුන්ගේ ක්‍රම වේදයන් මෙහි ස්ථාවර කරන්නට මෙහි වූ අපමන වටිනාකම් විනාශ කර දමන්නටද ඇත. ශක්තිමතාට දුර්වලයා ගොදුරුවීමේ ප්‍රාථමික නීතියට එතැනදීද අප ගොදුරුවන්නට ඇත. දූපතක් ලෙසට අපගේ දියුනුවේ වේගය මන්දගාමී බව මෙන්ම අප අප අතර නිරන්තරයෙන් වූ බල සදහා කුලල් කා ගැනීමේ හා ඒ සදහා භාහිර වුන්ගේ සහය පැතීමේ ස්වභාවය තිරනාත්මකව මෙම ජාතියක් ලෙසට යටපත්වීම් වලට හේතුවන්නට ඇත.
පියා වරදක් කල විට දරුවන් වංගෙඩිවල දා දඩුවන් දෙන්නට අප පුරුදුව සිටී කාලයක, මිනිසෙකු වරදක් කල විට එකි නෙකට ලංකරන ලද පුවක් වැනි නම්‍ය ගස් දෙකක දෙකකුල් වලින් ගැට ගසා ගස් දෙක අතර වූ බැමි කපා දැමීම වැනි දඩුවම් ක්‍රම භාවිත්කරමින් සිටි අප වෙතට මේ ආක්‍රමනිකයන් ඔවුන්ගේ පහසුව තකා හෝ නීතිය, ආර්ථිකය, සමාජ ආයතන ආදිය ස්ථාපනය කරන්නටද කටයුතු කරන ලදී. සමහර විටක මොවුන් අතින් අදටත් අප නොදන්නා වටිනාකම් විනශකර දමන්නට කටයුතු යෙදුනද ඔවුන්ගෙන් ලද වඩාත් ප්‍රායෝගික වටිනා කම් වල ස්තාවර වීමට නොහැකි විමේ වේදනාවද අදද අප අත්විඳිමින් සිටින්නෙමු. පුද්ගල නිදහස, සමාජය, නීතිය වැනි වඩාත් ක්‍රමවත් ජීවිත නිර්මාණය කර ගන්නට අවැසි ගොඩ නැගීම් වලදී අප අසරනව ඇති බව මග හරිය නොහැකි සත්‍යයක්ව අපව ලුහුබඳිමින් සිටී.