අප හමුව පලමු දින දෙක තුන අවසන් වන විට අප අතර සවිඥානික නොවූ එකගතාවයක් ගොඩ නැගෙනු හොඳින් දැනෙන්නට විය. මේ දිගු විරාමයට සමුගන්නට දින දෙකකට පෙර අප අතර මේ බව වචන වන්නට විය. " ඇයි ඔබ ඒ බව දෙබසක් නොකලේ?" ඇය අසා සිටියාය. "දන්නවද, ජීවිතේ හමුවන සමහර අපූරුතම හමුවීම් ඒ අය අතර සමහර විටක වචන කරන්නට බැරි වෙනවා" තත්වය ඇයට පැහැදිලි කරන්නට මම උත්සාහ කරමින් සිටියෙමි. "ඒ අයි?" මද වේදනාවකින් උවත් ඇයට දෙසබස ඉදිරියට ගෙනියන්නට අවශ්‍යව ඇතුවා විය යුතුය. "ඒ අපූරුබව බිඳෙයි කියලා බියක් ඇති වෙනවා , ඉතින් ඒ සොඳුරුබව සිතේ දරාගෙන සාමන්‍ය විදිහට ඉන්නට ඒ අයට සිදු වෙනවා. වේඳනාවෙන් උනත් එහෙම කරන්නට ඒ අයට සිදු වෙනවා. සමහර විටක ඒ බවම වේදනාත්මක සිදුවීමක් වෙන බව දැන දැනත් ජීවිතයට බොරු කරන්නට ඒ අයට සිදුවෙනවා". සමාව අයදින බවක් මා බිදෙන කටහඬ ඔස්සේ ඇයට දැනුනා දැයි යම් ලැජ්ජාශීලී බවක් සිත මතුපිටට නොපැමිනුනාම නොවුනද ආවරනය වන්නට කිසිදු අවශ්‍යතාවයක් සිතට නොනැගිනි.
"ඔබ නැවත එන විට මම මේ දවස් වල ලෑස්ති වෙමින් සිටින උසස් අධ්‍යාපන හැදෑරීම අවසන් කර වඩාත් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වී තියේවි".විටක ඇය බොහෝ අපහසු දුෂ්කරතා හමුවේ උවත් බලාපොරොත්තු තබන්නට හපනියකි. එපමනක නොව අනෙකාද දිරිමත් කරන්නට සමතියකි. ප හැදෑරීම් අතර ඇය විග්‍රහ කල සමහර විෂයකාරනා ඉදිරියේ මා අපහසුවන විට ඇය ඒවා පැහැදිලි කර දෙන්නට වඩවඩාත් දිරිමත් වන යුරු අපූරු අත්දැකීමක්ව තිබුනාය. විටක සමහර සංකීර්න කාරනා සමග මා අපහසුවට පත්වා විට ඒවා මග හරිනු රිසියෙන් ඇයව තරහ ගන්වන්නට මෙන් මා නැවත නැවතත් එකම ප්‍රශ්නය විමසන විට ඇය වඩාත් තැන්පත්ව සන්සුන් සිතින් මා වෙත පැහැදිලි කිරීම් කරන්නට වූවාය. වරක් ඇය අවහන්හලේදී හොරා කිහිපයක් ගත කරමින් නැනෝතාක්ෂනික ජීවවිද්‍යාත්මක කාරනාවක් පැහැදිලිකලේ මාතූල වඩාත් ප්‍රබෝධයක් හා අවධානයක් ඒ වෙතට ලබා ගනිමිනි. මොහොතකදී ඇය අප මේසයෙන් ඉවත්ව ගිය අතර ඇය පැහැදිලිකරන්නට භාවිතාකරමින් සිටි සටහනක අග මා "Thank You For Inspiring Me" ලෙසට සටහන් කොට තැබුවා මතකය.
Pubudu Siriwansa