ගතවගිය වසර 14ක කාලය තුල පලමු වතාවට මයික්‍රසොෆ්ට් වෙතට එහි සම නිර්මාතෘ Bill Gates හැරුනවිට නව සභාපතිවරයෙකු මේ වන විට පත්ව සිටී. නමින් John Thompson වන මෙතුමා ආයතනයේ නව CEO වරයා පත්කිරීම සදහා ක්‍රියාත්මකවූ කොමිටියෙහි ප්‍රධානියා ලෙසටත් කටයුතු කල අය බවටයි සදහන් වූවේ. වෙබ් අවකාශය වෙතට දැනට නිකුත්ව ඇති එතුමාගේ කෙටි අදහස් දැක්වීමේදී ආයතනයේ නව CEO වරයාගේ පත්කිරීම පිලිබදව පැහැදිලි කරමින් පවසා සිටින්නේ තාක්ශනය මෙන්ම වෙළඳ පොල සමග කටයුතු කිරීමේදී නව CEO වරයා ඔප්පුකර ඇති කුසලතාවයකින් හෙබි බවට තමන් විස්වාස කර ඇති බවයි. එසේම තම නව තනතුරෙහි කාර්යභාරය පිලිබදව අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ ආයතනයේ කොටස් කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් වඩාත් ආකර්ශනීය දෑ වෙළඳ පොලට යවමින් ඔවුනගේ ආයෝජනයන් සදහා වඩාත් වටිනාකමක් ලබාදීම තම අරමුන වන බවය. නව සභාපතිවරයා Symantec වල 1999-2009 දක්වා CEO වරයා ලෙසටත් IBM වල top executive තනතුරකද කටයුතු කල අයෙකු වනවා. මේ වන විට එතුමා තමන්ගේම Virtual Instruments නම් අයතනයක CEO වරයා ලෙසටත් කටයුතු කරමින් සිටිනවා. ආයත්නයේ හිටපු සබාපතිවරයා Bil Gates මහතා නව CEO වරයාගේ තාක්ශනික උපදේශක වරයා ලෙසට නව තනතුරු හුවමාරුව තුලදී ස්ථානගතවී තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...