2013-09-11

Apple 5S නිල ලෙස නිවේදනය වේ....

   Apple ආයතනයේ මීලග නිකුතුව වන iphone 5S ඔවුනගේ ප්‍රධාන Cupertino පිහිටි ප්‍රධාන මූලස්ථානයේදි සිදුවනු ඇති බවටයි මේ වන විට නිවේදනය වී ඇත්තේ.මීලග පරම්පරාවේ iphone එක ලෙසට සැලකෙන  මෙම නිකුතුව සමග පැමිනෙන්නට නියමිත විශේෂත්වයන් අතර fingerprint sensor සමග වඩාත් වේගවත් ප්‍රොසෙසරය, දියුනු කල කැමරාව සමග වර්න කිහිපයකින් ලබාගැනීමේ හැකියාව සදහන් වනවා.එම වර්න අතර gold tinted metal, හා  white glass වන බවටයි සදහන් කර සිටින්නේ.බැලූ බැල්මට මීට පෙර නිකුතුව වන iphone 5  වලට බෙහෙවින් සමාන පෙනුමක් ‍රැගෙන එන මෙහි home බටනයේ වෙනසක් සිදුකර තිබෙනවා.පලමු වරට 64 බිට් මට්ටමේ A7 ප්‍රොසෙසරය සමග පෙර iphone 5 සමග සැසදීමේදී දෙගුනයක වේගවත් ක්‍රියාකාරීතයකින් සමන්විත බවටයි හෙලිවන්නේ.බැටරි ආයු කාලය සැලකීමේදී කථාකාලය හෝ LTE browsing කාලය පැය 10ක්  ලෙසට හා standby කාලය පැය 250ක් ලෙසට එම ආයතනය නිවේදනය කර සිටිනවා.
     වැඩි දියුනු කල කැමරාව සමග අඩු ආලෝක තත්වයන් යටතේ පවා හොඳින් ඡායාරූ ගැනීමේ පහසුව ‍රැගෙන එන අතර Touch ID සමග පැරනි පාස්වර්ඩ් භාවිතාව ට වඩා සුරක්ෂිත අනන්‍යතා තහවුරුවක් ලැබෙන ඇති බවටයි පොරොන්දු වෙමින් සිටින්නේ.කැමරාව සදහාවන මෘදුකාංග වල දියුනු කිරීම් සමග 10pfs සිට 120pfs දක්වා පරාසයකින් ක්‍රියාත්මක කරවා ගැනීමේ හැකියාව ඇති බවට නිවේදනය වනවා.එසේම පැමිනෙන නව චිප් පතක සමග , gyroscope හා compass පහසුකම් වන බවට නිවේදනය වන අතර එලබේ සැප්තැම්බර් 20 වන විට වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත බවටයි සදහන් කරන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...