2013-06-01

බ්‍රවුසර තරගයේ අලුත්ම ප්‍රථිපල

   ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි භාවිතය මද ඉහල යාමක් මැයි මාසයේ වාර්ථාවන බවටයි පැවසෙන්නේ.Net Applications   නම් ආයතනය කල ගනනයන්ට අනූව අප්‍රේල් මාසයේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි භාවිතාව 6.02 සිට මැයි මාසය වන විට සියයට 9.26 දක්වා ඉඅහල ගොස් ඇති බවටයි සටහන් වන්නේ. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 යනු වින්ඩෝස් 7 හා වින්ඩෝස් 8 සදහා පමනක් භාවිතාකල හැකි බ්‍රවුසරයක් ලෙසටයි නිකුත්ව තිබෙන්නේ. මැයි මාසය වන විටද  ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 යනු තවමත් ලොව බහුලතම භාවිතාවක් ඇති බ්‍රවුසරය ලෙසට නම් වන අතර එය සමස්ථ භාවිතාවෙන් සියයට 22.99ක් ලෙසට සටහන් වනවා.එහි අප්‍රේල් භාවිතාව 23.08ක් ලෙසටයි වාර්ථා වූවේ. එසේම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 දෙවන තැනට පත්වන්නේ සියයට 15.39ක් වාර්ථා කරමින් වන අතර එය අප්‍රේල් වලදී සියයට 20.30ක් ලෙසට සටහන් වෙනු ලැබුවා.
               සමස්ත බ්‍රවුසර භාවිතාව සැලකීමේදී  ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සියයට 55.99ක් වාර්ථාකරමින් සිටින්නේ අප්‍රේල් සටහන් කල සියයට 55.81 භාවිතාවෙ සිට මද වර්ධනයක් පෙන්වමිනුයි. මොසිල්ල ෆයර් ෆොක්ස් මැයි මාසයේ 20.63ක් වාර්ථා කරන්නේ අප්‍රේල් වල සටහන් කල සියයට 20.63 සිට මද වර්ධනයක් පෙන්වමින් ය. ගූගල් ක්‍රෝම් අප්‍රේල් වලදී සියයට  16.35ක් සටහන් කල අතර එය 15.74 දක්වා පහත වැටීමක් පෙන්වන බවටයි සටහන් වන්නේ. මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රකාශ කොට ඇත්තේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 පැමිනෙන්නට නියමිත වින්ඩෝස්8.1 සංස්කරනය සමග නිකුත්වනු ඇති බවයි.

AI මූලික Search Engines

AI වෙතට වන වන අවධානය නෙක තොරතුරු අවකාශ මත කැපී පෙනෙමින් තිබේ. search engine වලට AI සංයුත්ත වීම් ක්‍රමයෙන් අවධානය ලබා ගන්නා කරුනක් වෙමින් ඇති...