මයික්‍රසොෆ්ට් ආයතන්ය පවසන්නේ හානිකර මෘදුකාංග හා අනවසර මෘදුකාංග භාවිතය අවම කිරීමේ ක්‍රියාන්විතය වෙත තමන් කෙලින්ම මුහුන දෙන්නට සූදානම් වන බවයි. දැනටමත් මේ සදහා ආයතනයක් වොශින්ටන් වල විවෘතව ඇති අතර 30 දෙනෙකුන් යුත් කාර්ය මන්ඩලයක් සමග කටයුතු කරමින් සිටින්නේ ලොව පුරා විසිර ඇති තවත් 70 ක් වන පිරිසක් සමග වන බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය මෙම සතියේ නිකුත්කර තිබූ නිවේදනයකින් ද පවසා සිටියේ හානිකර මෘදුකාංග නිසා ලොව පුරා භාවිතාකරන්නන් විශාල ධනස්කන්දයක් වැය කරමින් සිටින බවකි. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ අනවසරව භාවිතාවන මෘදුකාංග පිලිබදවද තමන් කටයුතු කරන්නට සූදානම් බවයි.මෑතකදී වෙබ් අඩවි ඔස්සේ මෙලෙස අනවසරව තම මෙහෙයුම් පද්ධති අලවිය සදහා කටයුතු කරමින් සිටින වෙළඳ ආයතන පිලිබදව තොරතුරු රැස්කොට ගෙන ඇති බවත් ක්‍රමයෙන් ඒවා වෙත අවධානය යොමු කරමින් සිටින බවටත් පවසා සිටිනවා. මෙම වෙබ් අඩවි වසා දමන්නට කල සමහර උත්සාහයන් අසාර්ථකවූ නමුත් මිලදී ගන්නන් විසින් මුදල් ගෙවනු ලබන ගිනුම් ඔස්සේ සොයායමින් ඒවාට එරෙහිව පියවර ගැනීම කෙරෙහි තම අවධානය යොමුව ඇති බවටයි ආයතනය පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...