2013-02-01

අස්ථාපනයට අපහසු මෘදුකාංග අස්ථාපනයට සහය මෘදුකාංගයක්...

ආරක්ශක මෘදුකාංග ඇතුලු සමහර මෘදුකාංග ස්ථාපනය කිරීමේ තරම් පහසුවෙන් අස්ථාපන ක්‍රියාවලිය සිදු නොවීම ඔබටත් අත්විදින්නට සිදුවූ අත්දැකීමක් වන්නට පුලුවන. බොහෝ විට මෙහෙයුම් පද්ධතියේ ගැබුරු මට්ටමක ස්ථාපනය වන එවන් මෘදුකාංග අස්ථාපනයේදී ඔබට අමතකව් ඇති ආරක්ශක පදයක් ඉල්ලීම වැනි කාරනාවකින් පසුවද අපහසුතාවයට පත්වනු අත්විඳ තිබෙන්නට පුලුවන. නොමිලේ භාවිතකල හැකි පහත දැක්වෙන මෘදුකාංගය එවැනි අවස්ථාවකදී ඔබගේ සහයට පැමිනෙන්නට සුදානමින් සිටී. මෙම මෘදුකාංගය ස්ථාපනයට පෙර ඔබ එය මගින් අස්ථාපනයට බලාපොරොත්තුවන මෘදුකාංග මෙහි හැකියා වපසරිය තුල ඇත්දැයි විමසා බැලීම වැදගත් වන නිසා මෙම වෙබ් අඩවියේම  ඇති http://www.appremover.com/supported-applications ලිපිනය ඔස්සේ ගොස් විමසා බලන්නට හැකි වන අතර එම සහය දක්වන මෘදුකාංග අතර ඔබගේ මෘදුකාංග සදහන්ව නැතිනම් මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීම ඵල රහිත වනු ඇත.
http://www.appremover.com/
 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...