ඩෝස් ෆෝන්8 සදහා තවමත් ස්කයිප් හි නිකුත්කොට ඇත්තේ පෙර සංස්කරනයක් පමනී. මයික්‍රසොෆ්ට් ආයතනය අද පවසා සිටියේ තම වින්ඩෝස්8 ෆෝන්8 සදහා පරධාන පෙලේ යාවත්කාලිනයක් නිකුත්කොට ඇති බවකි.2.1 ලෙසට නම් වන මෙම සංස්කරනය මේ වන විට වින්ඩෝස් ෆෝන් ස්ටෝර්ව හරහා මේ වන විට බාගත හැකි බවටයි පැවසෙන්නේ. මෙම යාවත්කාලීන පසුගිය නොවැම්බරයේ ස්කයිප් පෙර සංස්කරනයක් ෆෝන්8 සදහා නිකුත්කලායින් පසුව නිකුත්වන පලමු යාවත්කාලීනය වන බවටයි සටහන් වන්නේ.
පලමු පෙර සංස්කරනයේ වූ People Hub integration පහසුව මෙම සංස්කරනය සමග තාවකාලිකව අක්‍රිය කර දමන්නට කටයුතු කොට ඇති අතර මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ එම මෘදු කොටසේ යම් අක්‍රමික තාවයක් මුල් මෘදුකාංගයේ ස්ථාවර භාවයට හානිකර ලෙස හැසිරෙන බැවින් එසේ සිදුකල බව වන අතර එම ගැටලුව නිරාකරනයෙන් පසුව යලිත් එම පහසුව ලබා දෙන බවටයි පවසා සිටින්නේ.වැඩි දියුනු කිරීම් රාශියකින් සමන්විත මෙම නව සංස්කරනය වින්ඩොස් ලයිව් මැසෙන්ජර් සමග වැඩි සහයෝගයකින් ක්‍රියා කරන්නට හැකිවනු ඇති බවටයි සටහන් කරන්නේ.