2012-02-02

නිම්නය අසබඩින් නැගෙන වස්දඬු රාවය........

පැහැදිලි සෑදෑව විටක කාන්දමක්සේ ක්‍රියාකරනවා සේය. ආශ්‍රම කදු මුදුනතදිගේ දිවෙන කුඩා මාවත කෙටි සැහැල්ලු චාරිකාවකට පාවඩක් බදුය.දවස නිමාකරන්නට සැරසෙන හිරු කිරන දහර බටහිර දිශානතියෙන් විත් ආශ්‍රම කදුමුදුනත යාන්තමින් ස්පර්ශ කරමින් ගොස් නැගෙනහිර ඈතින්වන කදුමුදුනතක වන දියසීරාවැති විශාල ගල්කුලක වැදී දිලිසුම් දෙන්නේ දියමන්තියක් සේය.
                           නෙත් මානයට විහිදුනු විශාල වගාබිම් වලින් ගැවසගත් නිම්නයක් එම මවත දිගේ  දකුනතට මද දුරක් යනවිට හමුවේ.මාවත ඔස්සේ හමුවන මද බෑවුම මත්තේ පසකින් වන ගල්කුලක් මතටවී  එම නිම්නයේ තැනින් තැන විසිරුන නිවැස්වල හිමියන් දවස නිමකරන්නට සරසෙන යුරු බලා සිටීමම අපූරු අත්දැකීමකි.කුඩා දරුවන් කෙලිදෙලෙන් දුව පනිති , දෙපස ඈතින් පිහිටි බෑවුම්වල පැතිරුනු තෘන යායවල් කරා ‍රැගෙන ගිය සතුන් රෑන් ආපසු ගම්මානය කරා ‍රැගෙන එන ගොපලු තරුනයන් ගම්මානයට ආසන්නේදී මදවිරාමයකට නැවතී දවසේ විඩාව නිමාකරන්නට මෙන් තමන්ගේ තනි නොතනියට ‍රැගෙනයන වස්දඩුව වයන්නේ මහත් කන්කලු ලෙසය.එම ස්වර ගොනු අතර මහත් සාම්ප්‍රදායිකවූ ශිල්පීන්ගේ මෙන් ආයාස ගත විනයවත් බව වෙනුවට  අසා සිටින්නෙකුට දැනෙන්නේ මහත් නිදහසකි.වසර ගනනාවක් වියැති ඔවුන්ගේමවූ සංගීත සංස්කෘතියෙන් ගත් පදනම මත සිටිමින් ඔවුන් වයන්නේ ඔවුන්ගේම හැගීම් දැනීම්ය. වෙනත් ආගන්තුක සංස්කෘතියකින් විත් වුවත් අසන අයෙකුට ආගන්තුක බවක් නොහැගෙන්නට තරම් ඒවා "මිනිස්" බවක් ගන්නේ සමහර විටක තවත් සංස්කෘතියකට එරෙහිව ස්වාධීන වන්නට ගත්   කෘතීම ආයාසයක් සමග ඒවා සංස්කරනයවී නොතිබෙන නිසා වන්නට පුලුවන.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...