2012-01-25

කල්පනාකාරී මෘදුකාංග ස්ථාපනයකට...

බොහෝ අයෙකුට තම පරිගණකයට යම් මෘදුකාංගයක් ස්ථාපනය යනු "මීලග" මීලග" ලෙසින් දැක්වෙන පියවරයන් කිහිපයක් පසුකිරීම පමනක් ලෙසට සලකනු දැකිය හැකිය. සමහර විටක එම මෘදුකාංග වලින් තම පරිගණකයට හානියක් සිදුවිය හැකි බවට කිසිදු හැගීමක් නැතුවා සේය. එහෙත් හදාරන්නන් පවසන්නේ ඔබ මිලදී හෝ නොමිලේ ලබාදෙන ආකාරයේ වුවද මෘදුකාංගයක් භාවිතයට ගැනීමට පෙර ඒ පිලිබදව විමසා බැලීම ඉතා යහපත් පුරුද්දක් වියයුතු බවයි. පලමු කාරනාවක් ලෙසට ඔවුන් පවසන්නේ එම මෘදුකාංගය ඉල්ලා සිටින පද්ධති අවශ්‍යතා ඔබේ පරිගණකය සපුරා ඇතිදැයි විමසා බැලිය යුතු බවයි.එම අවශ්‍යතා සපුරා නැති මොහොතකදී ස්ථාපනයට තැත්කිරීමත් සමග පරිගණකයට යම් හානියක් වුවහොත් එයට වගකියන්නට එම මෘදුකාංග නිෂ්පාදන සමාගම බැදී නොමැති බවයි.
               නොමිලේ ලැබෙන මෘදුකාංග ගැන සැලකීමේදී තත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවටයි පැවසෙන්නේ. බොහෝවිට එවැනි මෘදුකාංග බාගත කිරීම් අවස්ථාවලදී ඔබ නොසැලකිලි ලෙස පසුකර දමන එකගතා කොන්දේසිවල සටහන්ව ඇත්තේ "මෙම මෘදුකාංගය භාවිත කිරීමේදී ඇතිවිය හැකි ගැටලු පිලිබද වගකීම් තමන් විසින්ම දැරිය යුතුය." වැන්නක් විය හැකි බවයි.එසේ නොමැති අවස්ථාවලදී පවා එම නිෂ්පාදකයින්ගේ වගකීම් වල සීමා විවිධ විය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ. අවසානලෙසින් ඔවුන් උපහාස මුසුව පවසන්නේ පරිගණක ලොව වෙගවත් බව සමග ඔබ නොසැලකිලිමත් ලෙස එකගවී ඇත්තේ සියදිවි නසා ගැනීමට මදක් පමනක් අඩු කොන්දේසියකට බව වටහා ගන්නාවිට පමා වැඩිවා විය හැකි බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...