2025-03-11

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් නම්‍ය  ඉලේක්ට්‍රොනික  බවක් ලබමින් ඔබ මොබ ගලා යන්නේ ක්ෂනකයකින් පමනක් නොව වෙනස්ද වන්නේ මහත් ක්ෂනයකින් වීම අපේ අද ජීවිතය වටා හාත් පසින් නිරන්තරයෙන් දකින්නට හැකි වන්නක්.මේ බව අපේ සාම්ප්‍රධායික ජීවිත ආකෘති මහත් සේ අභියෝගයට ලක් කර තිබෙනවා. සමාජජාලා යුගය මේ වෙනසෙහි ප්‍රමුක ගාමකය බව දැන් වෙන කොට අප පැහැදිලිව හඳුනාගනිමින් සිටිනවා. බොහෝ විට මේ අස්ථාවර වන අනන්‍යතා ගැටළුවට අපගෙන් එන අවිඥානික විසඳුම වන්නේ බහුල භාවිතාවක් වෙමින් ඇති ටැටූ  ගසා ගැනීම පැහැදිලි කර ගන්නට පුලුවන්.
Pubudu Siriwansa


 

2025-03-10

SOCIAL NETWORK


 සමාජජාලා යුගය අපගේ කැමැත්ත ප්‍රථිව්‍යහගත කර ඇත. සරලවම එය තව දුරටත් ඔබගේ ඇස, කණ, මනස සංතර්පනය කර වීම වෙනුවට සැබෑ නොවන අනෙකුන්ගේ Likes, Comments, Shares වලට ඌනනය කර දමා ඇත. එක් අතකින් මෙය ප්‍රාග්ධන සමුච්ඡන යාත්‍රනයකි. තව අතකින් නිසරු අවකාශකට ඔබව  කැඳවාගෙන යාමකි. මම මෙසේ යෝජනාකරන්නට කැමැත්තෙමි. මොහොතකට සැලකිල්ලෙන් බලන්න "ඔබට" සැබෑවට කැමති වන්නටකිසිදු හේතුවක් නැති කොතරම් දෙකට කැමති වී, අගයා පමනක් නොව අත්දකින්නට පවා පෙලබී ඇතුවාද කියා.

Pubudu Siriwansa

SOCIAL NETWORK


 අපගේ විනෝදය අනෙකාගේ පාලනයට යටත් කරවීම සමාජ ජාලා යුගයේ ප්‍රමුක ලක්ෂණයවේ. Likes, Comments, Shares යනු ඔබේ විනෝදයේ පරිමිතය වී ඇති ආකාරය පුද්ගල අර්ථවල සිට රාජ්‍ය අර්ථ දක්වාම බහුලව හාත්පසම දැකිය හැක්කකි. හොදම උදාහරණය නම් පෙර ආකෘතිය යටතේ නම් කිසිසේත්ම ඔබ කැමති නොවන අපමනක් දේ වලට සමාජජාලා යුගයේ ඔබ කැමැති වී ඇති ආකාරය ඔබටම විස්මය ඇති කරවන්නකි.

Pubudu Siriwansa

2025-01-19

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එරට රජය විසින් තම පුරවැසි භාවිතාකරන්නන්ගේ තොරතුරු වල සුරක්ෂිතතාවය මුල් කර ගනිමින් ඉදිරිපත් කල නෛතික රාමුව සපුරනට අසමත්වීම නිසා වෙනි. එරට රජය යෝජනා කර තිබුනේ චීන මූලික හිමිත්වයෙන් මධ්‍යස්ථ හිමිත්වයක් යටතට us වල TikTok පත්කරන ලෙසටය. එම මිළඳී ගැනීම් සදහා ප්‍රමුක ආයතනයන් කිහිපයක්ම කැමැත්ත පලකල මුත් TikTok වල මව් ආයතනය වන ByteDance ඒ සදහා එකගතාවය පල නොකරන ලදී.කෙසේ වෙතත් දැනට පවතින තත්වය මත 19 දා වන විට එම තහනම ක්‍රියාත්මක වන්නට නියමිත අතර  ඒත් සමග ප්‍රමුක App stores වලින් TikTok App එක ඉවත් වන්නට නියමිත අතර TikTok වල ඉතා සීමිත භාවිතාවක් පමනක් ඉතිරිවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2025-01-18

AI යුගය.

අපිට මෙහෙම කියන්න පුලුවන්. Windows xp වගෙ කියන්නේ මිනිසුන් වැඩි වැඩියෙන් තොරතුරු තාක්ෂණය භාවිතාවට කැඳවපු කාලය. අමතක නොකරන්න Windows 11 වලින් පසුව ඇරබෙන්නේ තොරතුරු තාක්ෂණය වැඩි වැඩියෙන් මිනිසුන්ව භාවිතා කරන කාලය. ඔබට ඒක එරෙහි වෙන්න බැරිවෙන්නේ එය ඔබගේ තොරාගැනීමක් වන්නට නියමිත නැති බැවින්. මොකද තව දුරටත් තීරණ ගැනීම හැකියව ක්‍රමයෙන් ඔබගෙන් ගිලීමින් පැවතීම දැන් වෙනකොට ක්‍රමයෙන් AI නමින් පැමිනෙමින් තිබෙනවා.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

iOS 19 සමග දියුනුකිරිම් රාශියක් ...

iOS 19 යනු තවත් සයමසක් ඉදිරියෙන් බලාපොරොත්තු වන්නකි. එම සංධිස්ථානයට කෙමෙන් තබන පියවරයන් අතරින් මේ වන විට Apple ආයතනය iOS 18.3 Beta 3  නිකුතුව කර ඇත. මේවායින් දැනට මත් භාවිතාකරන්නන් වෙතට එන්නට නියමිත නවාංගයන් පිලිබඳව මෙන්ම දැනට හඳුනාගෙන ඇති ගැටළු සදහා පිලිසකර කිහිපයක්ම නිකුත්කොට අවසානය.  හදාරන්නන් නැවත් නැවත පවසමින් සිටින්නේ iOS 19 සමග  iPhone Camera app වල දියුනු කිරීම් රාශියක් සූදනම් වෙමින් පවතින බවකි. ඔවුන් පවසන්නේ Photo / Video යන දෙයාකාරයටම camera controls හැකියාවන් රාශියක පැමිනීම බලාපොරොත්තු විය හැකි බවකි. මේසදහා සමන්විතව පැමිනෙන්නට නියමිත button වර්චුවල් ආකාරයට මෙන්ම භෞතික ආකාරයට විය හැකි බවට නෙක උදාහරන උපකල්පනය කරමින් ඇත. මීට අමතරව වැඩි දියුනු කල large language models, ( LLMs) පිලිබඳවද හදාරන්නන් ගේ දැඩි අවධානයක් දිනා ගෙන ඇත. දැනට ම  AI-generated notification summaries වල හඳුනාගෙන ඇති දුර්වලතා පිලිබඳව ඔවුන්ගේ අවධානය යොමුවී තිබෙන බව සඳහන්වේ.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2025-01-17

iPad වලට වඩා iPhone භාවිතයේදී ඉදිරියෙන්.

නවතම හැදෑරුම් වර්ථාවක් පවසන්නේ භාවිතාකරන්නන් අතර iPad යට වඩා iPhoneය  ප්‍රායෝගිකව තිබෙන බවයි. ඔවුන් පවසන්නේ gaming / video වලදී iPadය වඩාත් ප්‍රායෝගික වුවද iPhones බහුලවම  emails, internet, watching videos, playing games, music. වැනි සියලු කාරනා වලදී බහුලව භාවිතා වන බවයි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ තවමත් Apple ecosystem වල මධ්‍ය ලක්ෂය ලෙසට iPhoneය ක්‍රියාකරමින් තම ලෝලයන් වෙනත් Brand වලින් දුරස්ථව තබා ගන්නට ප්‍රධාන සාධකය වෙමින් තිබෙන බවයි. iPad සතු විශාල තිරය මෙන්ම වෙගවත් සැකසුම් හැකියාව ඉදිරියේ වුවද ප්‍රයෝගිකව iPhone ය ප්‍රයෝගිකව බහුල භාවිතයට පහසුව මෙහිදී ප්‍රධාන හේතුව වන්නට ඇති බවටද ඔවුන් උපකල්පනය කරමින් සිටිනවා.මෑත සංස්කරණ වලදී iPhones සමග වඩාත් දියුනු කැමරා හැකියාවක් මෙන්ම තිරයමතදී වැඩි සැකසුම් හැකියාවක් සංයුත්තව එවන්නට එම ආයතනය කටයුතු කර තිබෙනවා.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2025-01-16

January 2025 Windows ස්ථාපන ගැටළුවක්.

Microsoft  පවසන්නේ තම January 2025 Windows යාවත්කාලීනය ස්ථාපනයේදී සමහර භාවිතාකරන්නන් සදහා ගැටළු සහගත වීමක් අත්විඳිමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමහර PC වෙතට ස්ථාපනය කර ඇති මෘදුකාංග කිහිපයක් මේ සදහා බලපෑමක් සිදුවන බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ January 2025 Windows security updates සදහා බලපාමින් ඇති මෙම තත්වයට හේතුවන්නක් ලෙසට  Citrix Session Recording Agent version 2411 තමන් හඳුනා ගනිමින් සිටින බවයි. ඔවුන් පවසන්නේ මෙම නවතම යාවත්කාලීනය සම්පූර්ණ කොට පරිගණකය restarting අවස්ථාවේදී “Something didn’t go as planned. No need to worry – undoing changes” හා සමාන පනිවිඬයක් ලැබෙමින් තිබීම සමහ භාවිතා කරන්නන්ගේ අත්දැකිමක් ලෙසට තම වෙතට වාර්ථා වෙමින් ඇති බවකි. Citrix මේ වන විටත් support document  එකක් ඔස්සේ PowerShell/Command Prompt command ආකාරයෙන් මෙම ගැටළුව මග හරින ආකාරය පැහැදිලි කර ඇති බවකි.
Pubudu Siriwansa
www.pariganakaya.lk


 

2025-01-15

Indonesia වෙන්ද දරුවන් සදහා අන්තර්ජාල භාවිතය සීමා කිරීම්.

 

මෑතකදී කල හැදෑරීමක් පවසා සිටියේ Gen Z users (ages 12 to 27)  කාන්ඩයේ අන්තර්ජාල භාවිතාව  87% ක් වැනි ඉහහල අගයක වන බවයි. එසේම ලොවපුරා මොවුන්ගෙන් විශාල පිරිසක් වෙතට Instagram, Facebook, TikTok වැනි apps විවෘතව තිබීම හානිකර ප්‍රථිපල නිර්මානය කරමින් තිබෙන බවට පිලිගැනෙමින් තිබෙනවා. රටවල් කිහිපයක්ම දැනටමත් මෙම තත්වය පාලනය කරන්නට කටයුතු කරමින් තිබෙනවා. උදාහරනයක් ලෙසට Australia  ව පනවා ඇති නීති රීතීන් අනූව වයස 16 අඩු දරුවන්  මෙම සමාජ ජාලාවලට ඇතුළුවීම තහනම් වන අතර ඒ බව පවත්වාගෙන යාමේ වගකීම අදාල social media platforms වලට පවරා ඇත්තේ එසේ නොහැකිවන  අවස්ථාවල් වලදී විශාල දඩ මුදලකට යටත් කිරීමේ හැකියාව සලස්වමිනි. Indonesia වද මේ වන විට දරුවන් සදහා social media තහනමකට කටයුතු කරමින් සිටින අතර එරට ජනාධිපති වරයා මේ පිලිබඳව දැඩි අවධානයක් යොමුකර ඇති බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa
www.priganakaya.lk


2025-01-14

AI මුසු Smartphone සමග වැඩි ප්‍රබෝධයක්.

 

හදාරන්නන් පෙරනිගමනය කරමින් සිටින්නේ 2028 පමන වන විට mid-range ස්මාර්ට් දුරකථන වලින් 9/10 ක් පමනම AI-capable මට්ටමින් පැමිනෙන්නට නියමිත බවකි. ඔවුන් පැහදිලි කරන්නේ 2024 වන විට premium මට්ටමේ ස්මාර්ට් දුරකථන නිකුතූන් බොහොමයක AI smartphones ලක්ෂණ සහිත වන්නට පටන් ගෙන ඇති බවකි. මීට අමතරව තවත් ගනනය වන කරුනක් වන්නේ COVID-19 වලින් පසුව පහලට පැමිනි smartphone sector  හි යම් ප්‍රගතියක් 2024 සිට දක්නට ලැබෙන බවකි. එම පහල වැටීම 2023 වන විට උපරිමයකට පැමින තිබූ අතර 2024 සිට ක්‍රමයෙන් යථාතත්වයට පැමිනෙන්නට පටන් ගෙන ඇති බවකි. භාවිතාව තුල වන ප්‍රධාන දුරකථන සැපයුම් කරුවන්ගේ භාගයන් Samsung (19%), Apple (18%), Xiaomi (14%), Oppo (8%), Vivo (8%) ලෙසට ගනකය වෙමින් තිබේ. mobile devices වලට AI පැමිනීම මේ වන විට ක්‍රමයෙන් සිදුවෙමින් ඇති අතර බොහෝ නිපදවන්නන් දැනටමත් තම නිකුතූන්වල මීලග සංස්කරණ වලදී එහි සංයුත්ත වීමට නියමිත AI අංගයන් පිලිබඳව දැනටමත් තොරතුරු හෙලි කරමින් සිටී.
Pubudu Siriwnsa
www.pariganakaya.lk


'Telegram Premium' හානිකරයකි.

 

සයිබර් පහරදීම් නෙක ආකාර ගනිමින් නිරන්තරයෙන් ඔබව ලුහුබැඳීම සිදුවනු ඇත. ඔබගේ නිරන්තර ආරක්ශිත බව දෙසට වන අවධානය වැදගත් වන්නේ එබැවිනි. 'Telegram Premium'  යනු ප්‍රකට Telegram භාවිතාවට වන ජනංප්‍රියතාවය ඉලක්ක කරගනිමින් පැමින ඇති ව්‍යාජ මැල්වෙයාවකි. Telegram යනු WhatsApp වැනි messenger app එකක් වන අතර එහි  'premium' version  ආකාරයේ නිකුතුවක් පිලිබඳව නිල සටහනක් නොමැත. Cybersecurity  හදාරන්නන් පවසන්නේ මෙය phishing websites හරහා පැමිනෙමින්  sideloading ආකාරයට භාවිතාකරන්නන්ගෙන් ලබා ගන්නා අවසරයන් මත Android දුරකථන මත ස්ථාපනය වෙමින් හා ලබා ගන්නා permissions හරහා භාවිතාකරන්නන්ගෙන් තොරතුරු සොරා ගන්නට කටයුතු කරන හානිකරයක් බවය. Telegram login ඔස්සේ පලමු පිවිසුම ගන්නා මෙම හානිකරය භාවිතාකරන්නන් ගේ online transactions පිලිබඳව අවධානයෙන් සිටිමින් එම තොරතුරු පැහැර ගන්නා බවට මේ වන විට තොරතුරු වාර්ථා වෙමින් ඇති බවට ඔවුන් පෙන්වා දෙමින් සිටී.
Pubudu Siriwansa
www.pariganakaya.lk


SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...