2014-06-21

"Embedded Tech" උපකරන තොරතුරු ජීවිතය වඩාත් වෙනස් කරාවි!!!!

  තොරතුරු ලෝකයේ දෘඩාංග තලයන් මෙන්ම මෘදුකාංග තලයන් නිරන්තරයෙන් එකි නෙකා ඉදිරියට මෙහෙයවමින් භාවිතාකරන්නන් වෙතට වඩාත් සුවපහසු තොරතුරු භාවිතා අත්දැකීමක් ගෙන ඒම නිරන්තරයෙන් දකින්නට පුලුවන්. steve jobs ප්‍රමූක ඇපල් ආයතනය මේ ස්වභාවයෙන් හොදින් හඳුනාගනිමින් තොරතුරු ලෝකයට නව මාවත් විවර කරන්නට සමත්වීම තොරතුරු ලෝකයේ ඉතිහාසය තුල මේ තරම් තදින් සටහන් වන්නට එය හේතුවක් වන්නට ඇත. මයික්‍රසොෆ්ට් ආයතනයද තම වින්ඩෝස් 8 හඳුන්වාදීමත් සමග දෘඩාංග නිෂ්පාදනයටද පිවිසෙමින් පවසා සිටියේ වින්ඩෝස් 8 දෘඩාංග මට්ටමේ සිට භාවිතාකරන්නාගේ මුහුනත දක්වාම වෙනසක් ගෙනෙන්න්ට සමත්වනු ඇති බවයි. 
              තොරතුරු ලෝකයේ නව ප්‍රවනතාවයන් ප්‍රධාන ලෙසට ගලාගෙන යන්නේ බරපතල පරිගණක උපාංග වල සිට පලඳින ආකාරයේ ඒවා දෙසට වීම මතුපිටට පැමිනෙමින් ඇති අතර  බලාපොරොත්තු තලයේ කැපී පෙනෙන ප්‍රවනතාවයක් "Embedded Tech" වෙතට යොමු වෙමින් තිබෙනවා. කෙලින්ම සිරුර මත ඇලවෙන උපකරන ඔස්සේ ඔබගේ දත්ත අවශ්‍යතාවයන් සැපිරෙන දිනය ඉදිරි වසර 20 තුලදී පැමිනෙනු ඇති බවටයි හදාරන්නන්ගේ අනාවැකිය වන්නේ. දත්ත භාවිතය සිරුර මතටම සවිවීම මිනිස් වර්ගයාගේ පෞද්ගලික, සෞක්‍ය, වෘතීය මෙන්ම සමාජීය වැනි මෙකී නොකී සියලුම ආකාරයෙන් දැනෙනු සුලු වෙනසක් ගෙනෙනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...