2012-09-18

සමහර පරිගණක බිඳවැටීම් වලට මෘදු පහර දීමක්ම අවශ්‍ය නොවේ.......

ඔබගේ නිවසට පැමින ඇති උපකරන අතර සංකීර්නත්වයෙන් ඉහල උපකරනයක් ලෙසට පරිගණකය සැලකීම සාධාරනය.ඇත්තෙන්ම එය එකිනෙකට වෙනස් තාක්ශනයන්ගෙන් සුසැදි උපකරන එකමුතුවකි.දෘඩාංග ආකාරයෙන් සැලකීමේදී මෙන්ම මෘදුකාංග අතින්ද මෙම පැහැදිලි කිරීම පොදුය.පරිගණකය වෙතට වැඩිම අනතුරු පැමිනෙන්නේ මෘදුකාංග අතින්ය. බොහෝ විට දෘඩාංග ලෙසට නැතිනම් භෞතික උපාංගයක් ලෙසට පරිගණකයට ‍රැකවරනය සලසා ගැනීම සරල කාරනයක් වුවද මෘදුකාංග මය ලෙසට සැලකීමේදී තත්වය සංකීර්නය.
                                                     ඔබ වෙළද සැලෙන් මිලදී ගෙනෙනලද පරිගණකය කිසිදු බාහිර මාධ්‍යකට විවර නොවනතාක් බොහෝ සෙයින් එය සුරක්ශිතය. අන්තර්ජාලය වැනි පුලුල් මාධ්‍යක සිට කිසියම් ආකාරයක දත්ත ගොනුවක් අඩංගු සංයුක්ත තැටියක් දක්වා වන ඔනෑම මාධ්‍යයක් සදහා විවෘත වන පරිගණකයේ ආරක්ෂාව අභියෝගයකට ලක්වීමට පටන් ගනී.සමහර විටක බාහිර පුද්ගලයෙකු විසින්  සැලසුම් සහිතව පරිගණකයේ යහපැවැත්මට හානි කරවන අරමුනින් නිපදවූ මෘදුකාංගයක සිට එවන් කිසිදු ඉලක්කවීමක් නොමැති වුවද මෙහෙයුම් පද්ධතිය නිසිලෙස යාවත් නොකිරීම නිසාම ස්ථාපනය කරන නව මෘදුකාංගය සමග වන පරස්පරයක ප්‍රථිපලය ලෙසට දක්වා විවිධ අයුරින් මෙම ගැටලුව මතුවිය හැක.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...