2016-03-31

දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා


……දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා කෙමෙන් රූපවාහිනිය ප්‍රමුක පෙර මාධ්‍ය විසින් නිර්මානය කරන ලද මිනිසාව අභිබවමින් සිටී. ගෙනවිත් ඇති සුවපහසුව අපමනකි. ගැටලුව වන්නේ එම සුව පහසුව සදහා හුවමාරුකර ගන්නට වන්නේ ඔබගේ සැබෑ ජීවිතය ආශ්‍රිත දත්තයන් වීමය. තවත් වැදගත් සාධයක්ද ඇත. එහි බොහෝ සේවාවන් ‍රැගෙන එන්නේ වෙළඳ ආයතනයන් වීමය. ඒවා විසින්ද තම වෙළඳ අරමුනු වෙනුවෙන් දත්ත ‍රැස්කර තබා ගැනීම ඒවා භාවිතාකිරීම සම්පූනයෙන් කිසි දිනක අවසන් නොකරනු ඇති බවය. තවත් සාධකයක් වන්නේ මේ සුවිසල් අවකාශයේ සාමය බිඳින්නන්ගෙන්ද අඩුවක් නොවීමය. විවිධ අරමුනු වෙනුවෙන් එහි සාමය බිඳින්නට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. ගෙනවිත් ඇති නව අවකාශ ආකෘතිය සාම්ප්‍රදායික වෙනත් ආකෘති සමගද නිරන්තරයෙන් ගැටමින් ඇත. දේශපාලනික යාන්ත්‍රන එයින් මුල් තැනක් ගනී. දත්ත අවකාශය ගෙනවිත් ඇති නිදහස් ආකෘතිය හුදකලාවක් නොවේ. දේශපාලනික ආකෘතිය නොරුස්සන බොහෝ නිදහස එයට කරදරයක් වන අවස්ථා ඔවුන් සමනය කර ගන්නේ එය පාලනය කිරීමෙනි……
 …..ජාති ආගම් බොහෝ වටිනා පෘතුවිය මතට අපූර්ව විසිතුරු බවක් ‍රැගෙන එන කාරනා බව සත්‍යයකි.එහෙත් මේ කාරනා ඉක්මවා සිටින මිනිස් සංකෘතිය තවදුරටත් අවිඥානිකව නොතිබිය හැකි තරමේ ක්ශනික විවර කිරීමක් තොරතුරු ලෝකය මිනිස් භාවිතවට ගෙනවිත් අහවරය. දුර හා කාලය මිනිස් වර්ගයාගේ පාලන සාධකයක් වීම සැහෙන දුරකට එය අවසන් කොට ඇත. තම රට හෝ ජාතිය තවකෙකුට එරෙහි කිරීම අවාසනාවන්ත කුඩා මනෝ භාවයක් බවට සාමන්‍ය දැනුම ඇත්තෙකුට පවා තව දුරටත් විහිලුවක් නොවී තිබිය නොහැකි තරම්ය. දකුනත , වම් අත නැතිනම් දකුනුපය, වම්පය ලෙසට බෙදා ගන්නවාට වඩා සමස්ථ මිනිස් වර්ගයා හමුවේ ඇති අභියෝග බොහොමයකි. අහස් කුස , පොලව අභ්‍යන්තරය පමනක් නොව සුලි කුනා‍ටුවක් , භූචලනයක් වැනි දහසකුත් ස්වභාදහමේ අබියෝග ඉදිරියේ ඔවුන් තාම අගු‍ටු මිට්ටන් ලෙසට අසරනව කදුලු සලන්නට වන තරමේ ජීවින් කොටසකි……
www.siriwansa.com

'Windows Anniversary Update' තෙවන කාර්තුවේ(summer)....

                   Microsoft සමාගම තම Built 2016 හමුවේදී කල නිවේදනයන් අතර තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය සදහා වන එනම් windows 10 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලීනය එනම් Microsoft's Redstone සදහා වන නිල නාමය ප්‍රකාශයට පත්කිරීම එකකි. එනම් එහිදී ඔවුන් එය  'Windows Anniversary Update' ලෙසට නම් කරන්නට කටයුතු කෙරෙනි. එසේම එහි නිල නිකුතුව මෙම වසරේ තෙවන කාර්තුවට නියමිත බවට හා Windows 10 භාවිතකරන්නන් සදහා නොමිළේ වන බවටත් නිවේදනය කරන ලදී. එසේම මෙම නිකුතුව Xbox One හා HoloLens වෙතටද පැමිනෙන අතර නිර්මානය වන  UWP (Universal Windows Platform) නිසා app භාවිතාව වඩාත් පහසු වනු ඇති බවට පැහැදිලි කෙරිනි.
                     Cortana සමග වඩාත් සමීප භාවිතාවක් ලැබෙන්නට නියමිත අතර එය විටක ස්වංක්‍රීයව reminders එකතු කිරීම කැලැන්ඩරය වෙතට appointments එකතු කිරීම ආදී සහයන ගෙනෙන්නට නියමිත බවට පැහැදිලි කෙරෙනි. universal apps පිලිබදව පැහැදිලි  කිරීම් සිදු වූ අතර  එය දැනටමත්  Starbucks, Twitter නැතිනම් Facebook  වැනි ආයතනයන් ඔස්සේ සිදුවෙමින් තිබෙන බවට පැහැදිලි කෙරිනි.
www.digilk.com


2016-03-30

මෙවර Build 2016 සමග....

            Windows 10 Redstone builds පිලිබදව වඩාත් නව බලපොරොත්තු පැමිනෙමින් තිබේ.  හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 10 වල  Action Center හා Cortana සමග දියුනු කිරීම් කිහිපයක් බලාපොරොත්තු වෙමින් ඇති බවයි. මෙවර Build 2016 සමග card-like interface ආකාරයක් Action Center සදහා නිවෙදනය වීමක් බලාපොරොත්තු වීම ඒ අතර එකකි.  මොබයිල් හා ඩෙස්ක් ටොප් ආකෘතීන් අතර වඩාත් චලනීය සම්බන්දතාවයක් මෙන්ම app අතරද නිදහස් බොබයිල් හා ඩෙස්ක් ටොප් අතර ගලා යාමට හැකියවක් පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.  Android වලදීට සමාන  extra buttons මෙන්ම interaction models කිහිපයක්ම windows 10 වලට පැමිනීමත් Cortana හා Action Center අතර වඩාත් නම්‍ය අන්‍ය ඔන්‍ය සබඳතාවක්  බලාපොරොත්තු වීමක්ද පල වෙමින් ඇත. notifications වඩාත් කාන්ඩ ගත කරමින් භාවිතාකරන්නා වෙතට පහසු භාවිතාවක් ගෙන එන්නට මෙන්ම තවත් හඳුන්වාදීම් කිහිපයක් සමග මෙවර Build හමුව Windows 10 වල මීලග ප්‍රධාන සංස්කරනය වන Redstone builds පිලිබදව වඩාත් ආකර්ශනීය තොරතුරු වලින් සමන්විත වනු ඇති බවට බලපොරොත්තු වේ.
www.digilk.com

පනස් හතර වන කොටස


         ලොව යනු බැදීම් ගොඩකි. බෑදීමක් යනුම සමුගැනීම නම් න්‍යෂ්ටිය වඩා ගොඩ නැගෙන යමකි. ආශ්‍රමය, ලොකුසේවාමීන් වහස්සේ, ටිබෙටියානු මිතුරා, ගබඩා භාරකරු වැනි සිත ප්‍රියකරන පරිසරයෙන් නැවත සමුගන්නට සිදුව ඇත. හිරු අවදියත් සමග මගට වන් නිසා හිරු කෙඳි දැඩිවන්නට පෙර ගම්මාන කදු වැටිය පසුකරන්නට හැකිවිය. සමහර විටක මේ අපූරු පරිසරය කෙදිනක වත් යලි හමු නොවනු ඇත. එහෙත් යලි හමුවන්නටනම් සමුගන්නටම වනු ඇත. ආසන්නයේම එලබෙමින් ඇති ගිම්හානයේ සුපුරුදු නගරයේදීම හමුවන්නට නගරයට ගිය විගස ගිවිසාගන්නට සැලසුම් කලෙමි.
ඇය Email පනිවිඬයක් ඔස්සේ පෙරමග බලා සිටින බවට දන්වා තිබිනි. එලබෙන දෙවන සතියේ එම නගරය වෙතට යන්නට අවශ්‍ය ගුවන් පත් පහසුවෙන්ම වෙන්කරවා ගන්නට හැකිවීම සිත තුල මහත් ධනාත්මක බලාපොරොත්තුවක් ඇති කලේය. මෙම නගරයේදීම එලබෙන පලමු සතිය ගතකරන්නට සුදුසු නිහඬ පරිසරයක වන නවාතැනක් එම සතිය සදහා වෙන් කර ගත්තේ දල සටහන් තබන්නට වඩාත් කාලය නොගත යුතු යැයි සිත බලකරන්නට වූ බැවිනි. පසකින් ගංගාවත් අන්දෙසින් විශාල වගා බිම් සහිත නගරයට මද දුරක් ඔබ්බෙන් වූ තාවකාලික නවාතැන සිත සංසුන්ව මුල් සටහනට අවශ්‍ය පරිසරය නිතැතින්ම ගෙනවිත් තිබිනි.
“මෙම සටහනෙහි අවසානය මමද නොදනිමි. මෙහි තැගෙන වදනින් වදන මමද ඔබ සමග මෙහි කියවෙන ගම් වැසියන්ගේ අර්ථය සොයා යන්නට උත්සාහ කරමින් සිටින්නෙමි. විටක මාගේ අවිනිශ්චිත භාවය ගැන නොසතුටට පත්වනු ඇත. එහෙත් සත්‍යය එයය. විටක එය අද අප හොඳින් විඳිමින් සිටින තාක්ශනය විද්‍යාව ඇසුරින් පැහැදිලි කරගන්නට හැකි වනු ඇත. තවත් විටක දේශපාලනය, දර්ශනයන් වැනි විෂයන් ඔස්සේ ඒ දෙස බලන්නට අවශ්‍ය වනු ඇත. සමහර විටක අද ඔබ මා විඳිමින් සිටින මේ සමස්ථ පතයෙන් ඔබ්බට චලනය වන්නට අවශ්‍ය වනු ඇහි බවට මා අනුමාන කරන්නේ දැනට අපසතු දැනුමින් මේ සමහර දෑ තේරුම් ගන්නටව් අපට හැකි වෙතයි මා අවිස්වාස කරන බැවිනි.” නගරයේදී ඇය හමුවූ විගස ඇය අත තබන්නට නියමිත මුල් සටහන එලෙස ආරම්භ කලෙමි. “අප සිතනා තරම් ප්‍රබලයන් වන්නට අඩුතරමින් මේ මිහිකතට වත් සාපේක්ශව අපට නොහැකිව තිබේ. මෙහි වන සමහර බලයන් හමුවේ පවා අප තවමත් අති දුබලයන් මෙන් අසරනව යයි. ඒ සදහා අද අප විඳිමින් සිටින ධනය හා බලය මත ‍රැදෙන මිනිස් සංස්කෘතියෙන් ඉදිරියට තල්ලු වන්නට අවශ්‍ය වනු ඇත.”
www.tharuminisa.com

Microsoft Build 2016 අදට නියමිතය...

            Microsoft Build Conference යනු වාර්ෂිකව Microsoft වෙතින් සිදුවන ප්‍රධාන ප්‍රධාන හමුවකි. එය අද San Francisco වලදී පැවත්වීමට සූදානම්ව ඇත. ආයතනයේ නවතම තාක්ශනනික භාවිතාවන් හා නිකුත්වීම් පිලිබදව තොරතුරු විමසෙන මෙම හමුවේ මෙවර සිදුවෙනු ඇතැයි බලාපොරොත්තුව ප්‍රධාන තම කාරනා කිහිපයක් පිලිබදව හදාරන්නන් තම මත ඉදිරිපත්කරමින් සිටිනු දක්නට හැක. විශේෂයෙන් Windows 10 වල ප්‍රධාන යාවත්කාලීනයක්ද මෙම වසරට නියමිත ඇති පසුබිමක මෙන්ම එහිම මොබයිල් සංස්කරනය ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති වටපිටාවකදී වැඩි අවධානයක් windows 10 වෙතට යොමුව තිබීම ස්වභාවිකය.
  ඔ0වුන් පෙන්වා දෙන්නේ  Windows 10 වල  interactive Live Tiles පිලිබඳව බලාපොරොත්තුව් ඉහලින්ම පවතින්නකි. භාවිතාකරන් සදහා තම notifications වල සිටම ඇප් සමග කටයුතු කරන්නට හැකිවන වඩාත් පහසු භවිතාවක් මෙහිදී පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. බිලියන එකක windows 10 භාවිතාවන උපාංග ඉලක්කයක් නිකුතුවෙන් පලමු වසර තුන තුලදී බලාපොරොත්තුවන Microsoft ආයතනය සුපුරුදු රටාවෙන් මිදී වේගවත් මෙහෙයුම් පද්ධති සංවර්ධන රටාවක් මෙන්ම පෙර සංස්කරන නිකුතුව යෙදිමින් සිටී.
                                 Windows 10 මොබයිල් සංස්කරනය ‍තෝරා ගත් windows දුරකථන මෝස්තර පෙලක් වෙතට පැමිනෙමින් ඇති අතර Surface Phone  එකක නිකුතුවක් පිලිබදවද බලාපොරොත්තු පලවෙමින් තිබේ. 8GB ‍රැම් හැකියාවක් සමග ගිගා බයිට 500ක ගබඩා හැකියාව ‍රැගෙන එනු ඇති බවා තොරතුරුහෙලිවන මෙම නිකුතුව පිලිබන්දවද තොරතුරු බලාපොරොත්තු වීමක් සිදුවෙමින් ඇත.
                තොරතුරු ලෝකයේ හෙට දවස දෙසට වන චලනයේ තවත් ප්‍රධාන බලාපොරොත්තුවක් වන virtual භාවිතාව  වන HoloLens සමග සිදුවන නිවේදනයන් පිලිබදවද බලාපොරොත්තු පලවෙමින් ඇති අතර සංවර්ධකයන් සදහා වන Development kits මේ වන විට නිකුතුව ඇති අතර ඔවුන්ගේද දැඩි අවධානයක් පලවෙමින් තිබෙනු දක්නට හැක.
www.digilk.com

2016-03-29

Windows 10 චීන සංස්කරනය අවසන් අදියරේ...

       Windows XP වලින් ඉදිරියට Microsoft මෙහෙයුම් පද්ධති සමග කටයුතු කිරීම චීන රජය ප්‍රතික්ෂේප කීරීම ගැටලුවක් බවට පත්විය. විශේෂයෙන් තම රාජ්‍ය අංශයේ පරිගණක ඔස්සේ windows 8 වෙතින් කටයුතු කිරීම ව්ඩාත් ගැටලුකාරී වන්නේ තම අභ්‍යන්තර තොරතුරු නිරාවරනයට ඇති අවස්ථාව ඉන් වැඩි වන නිසා බවටයි චෝදනා කෙරෙනු ලබුවේ. විකල්පයක් ලෙසට Linux සමග කටයුතු කරන්නටද උත්සාහ කරන ලදී. අවසානයේ 2015 World Internet Conference වලදී "Microsoft's Chinese government-approved version of Windows 10" සංස්කරනයක් පිලිබදව නිවේදනය වන ලදී.  මේ වන විට මෙම නව සංස්කරනය එනම් Windows 10 Zhuangongban වල වැඩ කටයුතු අවසන්ව ඇති බවටයි තොරතුරු පවසන්නේ. වැඩි දුර තොරතුරු හෙලි නොවුනද දැනට පැවසෙන තොරතුරු වලට අනූව මෙම සංස්කරනය සමග app සහ අනෙකුත් සේවා සහය සීමිත අතර දැනට බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ චීනය තුල මෙම සංස්කරනය ඉදිරි වසර ගනනාවක්ම බාවිතාවන්නට නියමිත බවකි. Microsoft දෙසින් බලන විටද ඉලක්කයක්ව ඇති නිකුතුවෙන් වසර තුනක් ඉක්මෙවෙන විට ලොවපුරා පරිගණක බිලියනයක භාවිතාව windows 10 වෙතට ලබා ගැනීමේ උත්සාහ වෙතට මෙම පියවර විශාල සහයක් වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.
www.digilk.com

පනස් තුනවන කොටස

       සිත් අවකාශයේ ඔබ මොබ සක්මන සමග කඳු මුදුනත සක්මනද බොහෝ දුරට විහිදී ඇත. අඳුරට පෙර ආශ්‍රමය වෙතට පැමිනෙන්නටනම් පා ඉක්මන්කල යුතුවා සේ හැගෙන දුරක් පැමින ඇත. හොඳින් වන ආලෝකය ඇති මුත් සිසිලැති පරිසරය ගෙනෙන්නේ මහත් ප්‍රබෝධාත්මක බවකි. නගරයට ඔබ්බෙන් වන කඳු මුදුනතේ අප එක්ව ගලා ගිය කාලය නැවත පන ගන්වන්නට හොඳින්ම කාලය පැමින ඇතුවා සේය. සතියක කාලයක් නිදහස් ලැගුම් හලක ගත කල විට ‍රැස්ව ඇති තොරතුරු යලි පිලිවලක් ඇතිව සකසා ගන්නට හැකි වනු ඇත. “මිනිසුන් විෂයන් වලට හිරවෙලා හරිම සීමිත වෙලා කියලා මම හිතනවා” වරක් අප කඳු මුදුනතට වී කල දෙබස් සක්මනක් අතරතුර මම යොජනා කලෙමි. බොහෝ හෑදෑරීම් අසම්පූර්න වන්නට මේ බව හොඳටම බල පානවා. සීමිත මනස ගෙනෙන්නේ සීමිත දැනුමක්. මම ඇයට යෝජනා කලෙමි. “අර ආශ්‍රම භූමිය ලග මිනිසුන් අසරනද අපට වඩා ශක්තිමත්ද කියලා තීරනය කරන්න තරම් අපි නොදියුනුයි කියලා මම හිතනවා. එක අතකින් මේක හසුවීමක්, නැතිනම් අපිවම සීමා කර ගැනීමක්. හැබැයි මේ සිමා බිඳලන එක හරිම අභියෝගාත්මකයි. අනිත් පැත්තෙන් තීරනාත්මකයි”. ඇය බොහෝ වෙලාවක් වුවද නිහඬවම සවන් දෙන්නට සමතියකි. විටක හෝරාවක් දෙකක් පවා. සමහර අවස්ථාවලදී ඇයගේ සවන්දීම ව්‍යාජයක්ද දැන ගැනීම සදහා බොහෝ පෙරදී මා කියන ලද කරුනක් ඔස්සේ යලි විමසුමක් කරන විට ඇය මනාව ඒ පිලිබදව කථා කරන්නට තරම් අවධානයක් දී ඇති බව තහවුරු කරවයි. “සමහර විටක අද අප මේ පසුකරමින් සිටින අධ්‍යාපන ක්‍රමය ඉදිරි දශක කිහිපයතුල වෙගයෙන් මෙන්ම සම්පූර්නයෙන්ම වෙනස් වේවි කියලා මම හිතනවා. මිනිසුන්ට මතක තබා ගැනීමේ සිට මතකයන් අතර ක්‍රියාත්මක වීමේ නව අවකාශයක භාවිතාවක් පැමිනේවි කියලයි මට දැන්නේ. තොරතුරු තාක්ශන ඒකට අවශ්‍ය පරිසරය වේගයෙන් දැනටමත් නිමවමින් තිබෙනවා කියලා මට දැනෙනවා.” ඇය සියල්ලම පාහේ හොඳින් මතක තබා ගන්නට කටයුතු කරයි. පසුව සටහන් බවට පත්කරන්නට වගබලා ගනී, අවශ්‍ය විටකදී පහසුවෙන් ඒවා නැවත ගෙනෙන්නට සහය වෙයි. කොටින්ම ඇය අපූරු හෑදෑරුම් සහකාරියකි.
www.tharuminisa.com

2016-03-26

අලුතෙන් පැමිනෙන Petya ransomware හානිකරය...

                   හදාරන්නන් පෙන්වා දෙන්නේ Petya ransomware ලෙසට පැමිනෙන නව හානිකරය විසින් encrypting ආකාරයට පත්කරන්නේ තනි තනි ගොනු ආකාරයට නොව සම්පූර්න දෘඩ තැටියම වන බවයි. බොහෝ විට Emailයක දවටා පැමිනෙන ලින්ක් එකක් ඔස්සේ පරිගණකය වෙතට පෙමිනෙන මෙම හානිකරය මෙම මස මුලදී mac-os-x භවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් තිබූ අවස්ථවකදී හදුන අගෙන ඇති බවටයි වාර්ථා වෙන්නේ. තවත් විටක Dropbox වෙතින් පැමිනෙන Trojan Horse එකක ලෙසට පැහැදිලි කරන මෙම හානිකරය විසින් පරිගණකයේ master boot record (MBR) වෙනස් කිරීමකට පත්කර අතර භාවිතාකරන්න වෙතට Microsoft's CHKDSK utility ය ක්‍රියත්මක කිරීමට පොලබවන අතර ඒ තුලින්  Petya's encryption process එක ආරම්භ වන බවායි පැහැදිලි කෙරෙන්නේ. මෙම Petya හානිකරය තම එන්ක්‍රිප්ෂන් ක්‍රියාවලිය අවසන් කල පසුව භාවිතාකරන්නා වෙතට ඉදිරියට යාමට Key එකක් යෝජනා කරන අතර අනතුරුව පද්ධතිය ආසාධිත බවත් යතා තත්වය සදහා  recovery key  එකක් මිලදී ගැනීමට සිදුවන බවටත් පැවසෙන සටහනක් පැමිනෙන බවටයි දැක්වෙන්නේ. හදාරන්නන් පවසනේ භාවිතාකරන්නන් administrator account එක මග හැරීම ඔස්සේ මෙන්ම anti-malware software එක යාවත්කාලීනව තබා ගැනීම මෙන්ම ඊමේල් ඔස්සේ පැමිනෙන සැක සහිත Link අවදි නොකිරීමත් වැදගත් වනු ඇති බවයි.
www.digilk.com

2016-03-22

iPhone SE ඇපල් වෙතින් නිවේදනය විනි.

     පසුගියදා තවත් ඇපල් හමුවක් නිමැවුනි. එහිදී  iPhone SE හා නව  iPad Pro පැමිනීමක් නිවේදනය වූ අතර Apple Watch වල නව පැමිනිමක් පිලිබදව වූ බලාපොරොත්තුව ඉ‍ටු නොවිනි. නමුත් Apple Watch වල මිළ ගනන් නම් $299  වල සිට වන පරිදි පහලට පැමිනෙන බවට නිවේදනය විනි. නමුත් එහිදී bands සදහා නම් නිවේදනය වීමක් සිදුවූ අතර එය "Spring lineup"  ලෙසට නම් කර තිබිනි. iPhone භවිතාවට නව කුඩා ප්‍රමානයේ හඳුන්වාදීමක් ලෙසට පැමිනි  iPhone SE නිකුතුව අඟල් 4 ප්‍රමානයේ නිමැවුමක් වුව්ද ප්‍රකාශ වූවේ භාවිතය අතින් බලසම්පන්න නිමැවුමක් වන බවයි.  A9 chip පතකින් සමන්විතව 12 මෙගා පික්සල් කැමරා හැකියාවක් එය හ්ගෙනැවිත් ඇති අතර 4K videos මට්ටමේ සහය ගෙනෙන බවට නිවේදනය විනි. Retina display වඩා ආකර්ශනීය තිර හැකියාවත් සමග හුරු බුහුටි භාවිතාවක් දෛනික ජීවිතයට එය ගෙනෙනු ඇති බවටයි විචාරනය වන්නේ. මීට අමතරව iCloud Photo Library සහය fingertip ආරක්ශිත බව සමග Apple Pay හැකියාව එය ගෙනැවිත් තිබීම වඩාත් ආකර්ශනීය වනු ඇති බවට පොරොන්දු පලවිනි. iOS 9 නව මෙහෙයුම් පද්ධති සහය සමග පැමිනෙන මෙම දුරකථනය වඩාත් වේගවත් LTE හා Wi‑Fi සහය ගෙනැවිත් ඇති බවට ප්‍රකාශ විනි.
www.digilk.com

Apple වඩාත් පරිසර හිතකාමී වෙමින්...

           තොරතුරු තක්ෂන ආයතනයන් වෙතට වන එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය ඔස්සේ පෘතුවි තලයට සිදුවන හානිය පිලිබදවය. මෙම ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමේදී සිදුවන පරිසර හානිය පිලිබදවය. මේ වන විට ඇපල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම ලොවපුරා වන ආයතනයන් ජාලයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්ති වැයෙන් සියයට 93ක්ම renewable energy ආකාරයට ලබා ගනිමින් සිටින බවයි. එනම් solar, wind, geothermal, biogas fuel cells ආදී ආකාර භාවිතාව ඔස්සේ වඩාත් පරිසර හිතකාමී ක්‍රියාකාරීත්වයකට තමන් පිවිස ඇති බවයි. මේ වන ඇපල් ආයතනය පමනක් නොව going green ආකාරය ගන්නා ආයතනයන් වීමට ප්‍රධාන පෙලේ අනෙකුත් තොරතුරු තාක්ෂන ආයතනයන් වන Intel, Google, Microsoft ආයතනයන්ද කටයුතු කරමින් සිටින අතර ඇපල් ආයතනය තම භවිතාවට recycled paper ආකාර යොදාගනිමින් වඩාත් හිතකර පරිසරයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බවට පවසා සිටිනවා.
www.digilk.com


2016-03-21

Windows 10 Mobile පැමිනීම -1

             Windows 10 Mobile ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් තිබේ. Microsoft සමාගම තම නව මොබයිල් මෙහෙයුම් පද්ධති සංස්කරනය ගැන පවසන්නේ අන් කවර platform එකකටත් වඩා තම මොබයිල් සංස්කරනය හා Pc සංස්කරනය සහයෝගයෙන් කටයුතු කරමින් වඩාත් පලදායී භාවිතාවක් ගෙනෙන්නට සූදානම් බවය. නව මෙහෙයුම් පද්ධතියේ දෘඩංංග සහය සැලකීමේදී Lumia 950 හා Lumia 950XL වඩාත් සූදානම් බවින් වන අතර එහි වන Continuum, Windows Hello අංගයන් පිලිබදව වඩාත් අවධාරනයෙන් කහා කරනු දක්නට හැක. Continuum අංගය සැලකීමේදී එය  external monitor එකකට සම්බන්ද වෙමින් Pc අත්දැකීමක් ගෙනෙන්නට සූදානම් අතර දුරකථනයේ වන බොහෝ  App මේ ආකාරයට සහය දක්වන්නට සූදානම්ව ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. Windows Hello සමග භාවිතා කරන්නාගේ පෞද්ගලික බව සදහා අවශ්‍ය වන PIN code සදහා විකල්පයක් ගෙනැවිත් ඇති අතර එය එහිවන කැමරාවක් ඔස්සේ visually ආකාරයට ඔබගේ අනන්‍යතාවය තහවුරු කර දෙන්නට සමත්වනු ඇති බවටයි පොරොන්දුවෙන්නේ. ස්කෑන් වන irises ඔස්සේ මෙම තහවුරුව ලබාදෙන ලෙසට මෙම අංගය සකස්ව ඇත. Universal apps සමග app බාවිතාවේ තිබූ පරතරය සමනය කරන්නට කටයුතු කරමින් සිටින අතර Outlook (formerly Mail), Calendar, Maps, Messages, the Store වැනි ඇප් ක්‍රමයෙන් මෙම සූදානම ගෙනෙමින් සිටී.
www.digilk.com

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...