2023-03-10

Google වෙතින් Universal Language AI-Model එකක්.

 Google තම  Universal Speech Module එක පිලිබඳව හඳුන්වාදීම් කරමින් සිටිනවා. Google පවසන්නේ තම developing  මට්ටමේ ඇති මෙම language model  එක භාෂා 1000 කට වඩා හැඑසිරවීමේ හැකියාව වන බවයි. වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ මෙම USM එක 2 billion විහිදුම් ඔස්සේ 12 million hours ගත කරමින් 28 billion words සමග 300 languages කින් වන අත්දැකීම් වලින් පෝශිත බවයි. එපමනක් නොව ඔවුන් පැහැදිලි කරන්නේ තම USM එක YouTube වල captioning වැනි කටයුතු වල සිට පුලුල් පරාසයක භාවිතාවට සූදානම් වන බවත් එය වඩාත් AI features වලින් සයුත්ත කරවන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි.අනෙක් අතින් වාර්ථාවන්නේ ChatGPT AI platform එක මාස කිහිපයක් තුල 200 million භාවිතාකරන්නන් කැඳව ගන්නට සමත්ව ඇති බවකි.
Pubudu Siriwansa


 

AI ආකාරයේ doctors / lawyers ??

OpenAI වල CEO වරයා පවසන්නේ artificial intelligence apps සදහා පදනම් කර ගත හැකි APIs සදහා platform එකක් සදහා  කටයුතු කරන කටයුතු කරමින් සිටින බවයි. ChatGPT වල සාර්ථකත්වය සමග ඉදිරියට යන්නට තමන් සුදානම් බවටයි Reuters වෙතට පවසා  ඇත්තේ. Coca-Cola වැනි සමහර ආයතනයන් දැනටමත් OpenAI සමග කටයුතු කරමින් සිටින අතර වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ ආයතනික මට්ටමින් සේම පුද්ගල මට්ටමින්ද ChatGPT හැකියාව දියුනු කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවත් නුදුරු අනාගතයේදීම තමන්ගේ phone මතට එන AI  බල ගැන්වුනු applications ඔස්සේ AI doctors / lawyers වැනි සහයක්ද බලාපොරොත්තුවිය හැකි බවකි. දැනටමත් AI මූලික වන දියුනු කිරීම් කෙරෙහි ආයතනයන් රාශියකගේම අවධානය යොමුව තිබෙන බවටයි වාර්ථාවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa


 

Apple වඩාත් India දෙසට.

Apple  තම අවධානය india වෙතට වැඩි වැඩියෙන් යොමුකරමින් සිටින බවටයි පැහැදිලි වන්නේ. සක්‍යාතමකව iPhone shipments සැලකීමේදී 2018දී 1.7 million ව තිබූ එම සංක්‍යාව 2022 වන විට 6 million  දක්වා ඉහල පැමින ඇති බවටයි වාර්ථා වන්නේ. එය Americas region වලින් පසුව  Apple වෙතට ඉහලම ආදායමක් ගෙනෙන වෙළඳ පොලක් වෙමින් ඇති බවට හදාරන්නන් පෙන්වා දෙනවා. එසේම හදාරන්නන් පවසන්නේ India  හ Apple අතර සම්බන්ඳතාවය manufacturing ආකාරයෙන් සැලකීමේදීද Chaina වලට China වලට විකල්පයක් වෙමින් සිටින බවත්  Foxconn විසින්  $700 million ආයෝජනයක් සමග 300-acre factory විශාල කර්මාන්ත ශාලවක් Bengaluru City වල ඉදිවෙමින් තිබෙන බවටත් මේ වන විට නිවේදනය වී තිබෙනවා.
Pubudu Siriwansa


 

Google Chrome Cleanup Tool එක අවසන් කෙරේ.

Google Chrome සමග පැමින තිබූ Cleanup Tool  එකෙහි අරමුණ ව තිබුනේ Google Chrome වල ක්‍රියාකාරීත්වයට බාදා වෙමින් ක්‍රියාත්මක වන unwanted software (UwS)  එනම් unwanted programs, malware, adware extensions එනම් advertisements  වලට මෙන්ම  unexpected settings වෙනස් කම් නිර්මාණයට කටයුතු කරන මෘදුකාංග කොටස් scan සදහා වන අතර Chrome version 111 වල සිට පැමින තිබෙන්නක් විය. 2015 නිකුත්වූ මෙම මෘදු ටූලය Google පවසන ආකාරයට 80 million cleanup සිදුකර ඇති අතර පාර්ශව ගනනකගේ ඉල්ලීම පරිදි තවදුරටත් ක්‍රියත්මක නොවන බවත් Google Safe Browsing ඔස්සේ තව දුරටත් යම් ආරක්ශක සහයක් ලබා ගන්නට හැකි වන බවත් ඔවුන් පවසා සිටිනවා.
Pubudu Siriwansa


 

2023-03-09

Microsoft Bing දනික භාවිතාව මිලියන 100 ඉක්මවයි.

Microsoft වල Bing search engine දෛනික භවිතය 100 million  සීමාව වෙතට පැමිනෙන්නට සමත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. මෙම සාර්ථකත්වය AI-powered Bing Search වල නිකුතුවෙන් මාසයක් සම්පූර්න වන විට වාර්ථාවෙමින් තිබෙන අතර Bing වල නිකුතුවේ 13 වන වසර කාලයේදී ලත් ඉහලම භාවිතාව ලෙසටත් පැහැහිලි කෙරෙනවා. OpenAI පදනම්ව ශක්තිමත් වන Bing වල Chat හැකියාවේ සිට playing chess හැකියාව දක්වා දිගු වපසරියක නවතා මේ වන විට සටහන් කරමින් සිටින අතර නව Chromium-based Edge නිකුතුව මෙම පොලා පැනීම සදහා තවත් ප්‍රධාන සාධකයක් ලෙසටද පිලිගැනෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

Google One plans සමග VPN හා dark web monitoring reports

Google පවසන්නේ තම  Google One සියළුම plans සමග VPN access හැකියාව ලබා දෙන්නට සූදානම් බවයි. එපමනක් නොව dark web reports ඔස්සේ භාවිතා කරන්නෙකුට personal information වැනිදෑ dark web වලට විවෘතව ඇතිදැයි විමසා දැනගන්නටද හැකිවන ලෙසට පහසුකම් සලසන්නට සූදානම් බවටත් පවසනවා. ආයතනය පැහැදිලි කරන්නේ Google One VPN හැකියාව දැනට රටවල් 22 සදහා සූදානම් බවත් dark web monitoring reports හැකියාව United States සදහා පමනක් දැනට සූදානම් බවත්ය. 
Pubudu Siriwansa


 

2023-03-08

Acer ආයතනය පවසන්නේ පසුගිය data breach එකක් ඔස්සේ තම document servers වලින් යම් දත්ත පැහැර ගැනීමක් සිදුව ඇති බවත් එය ආසන්නව 160GB ක තොරතුරු ප්‍රමානයක් බවත් එය ගොනු 2,869 ක ගොනු ප්‍රමානයක් බවත්ය.  "Kernelware" නමින් හඳුනවන සයිබර් අපරාධ කන්ඩායමක් විසින් පැහැර ගත් මෙම දත්ත අළවියට යොමු කර ඇති බවට හෙලි වීමත් සමග මෙම පිලිගැනීම සිදුව ඇති බවටයි සටහන් වන්නේ. සයිබර් අපරාධ කරුවන් තම පැහැර ගැනීම තහවුරු කිරීම සදහා screenshots  ද ප්‍රසිද්ධියට පත්කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.Acer වෙතින් තොරතුරු පැහැරගැනීමකට ලක්වන පලමු අවස්ථාව මෙය නොවන අතර 2021 මාර්තුවේද ransomware attack  එකක් හරහා $50,000,000 ransom ඉල්ලීමකට ලක්වන ලදී එහිදී 60GB දත්ත පැහැරගැනීමකට ලක්වූ බවටද පසුව හෙලිවුනි.
Pubudu Siriwansa


 

Facebook දෛනික භාවිතාව බිලියන දෙක ඉක්මවනවා.

Meta  පවසන්නේ Facebook වල දෛනික භාවිතාව බිලියන දෙකක් ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි.  මෙම ප්‍රකට සමාජජාලාව මියයමින් හෝ මියයන්නට නියමිත අවකාශයක් ලෙසට වන මතයට පිලිතුරු සපයමින් ඔවුන් පවසන්නේ තම Messenger හැකියාව වඩ වඩාත් Facebook සමග සංයුත්තව තිබිම භාවිතාකරන්නන් හට මහත් පහසුවක්ව ව්මින් තිබෙන බවයි. ඔවුන් පවසන්නේ Facebook භාවිතාකරන්නන් හට දෑ තම මිතුරන් සමග බෙදා හදා ගන්නට වන පහසුව ඔස්සේ වැඩි අවධානයක් ලබමින් ඇති බවත්, මෙම සංයුත්තබව අත්හදා බැලිමේ මට්ටමින් ඉදිරියට ගෙනෙන්නට තම බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ දෛනිකව 140 billion ක messages ඔබ මොබ චලනයක් දෛනිකව තමන්  හට ගනනය වෙමින් තිබෙන බවයි. එසේම Instagram ගැන පවසන ඔවුන් පෙන්වා දෙන්නේ දෛනිකව බිලියන ගනනක භාවිතාවක් එය සටහන් කරමින් සිටින බවයි. මෙම වසරේ සැලසුම් ගැන ඔවුන් පවසන්නේ තම messaging services හැකියාවන් වඩ වඩාත් Facebook සමග සංයුත්ත කිරීම ඔස්සේ connecting හා sharing හැකියාව ඉහලට ගෙනෙන්නට තම කටයුතු කරන බවයි.
Pubudu Siriwansa


 

2023-03-07

Meta තවත් සේවක අවමකිරීමකට.

 Google, Microsoft, Amazon, IBM ඇතුළු බොහොමයක් තොරතුරු තාක්ෂණ ආයතනයන් තම ශ්‍රම බලකාය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්නක කරමින් සිටීම පොදුවේ දැකිය හැකි කාරණයකි. එක් අතකින් ලොව පුරා විහිදයන ඇකිලෙන ආර්ථිකය මෙන්ම සේවා මොඩලයන්ගේ තීර්නාත්මක වෙනස් කම් මෙම තත්වය නිර්මාණය කරමින් ඇති බව බහුතර විචාරක මතය වෙමින් ඇත. Meta විසින් පසුගිය November සිදුකල 11000 ක සේවක අවම කිරීමට අමතරව මේ වන විට පැමිනෙන වාර්ථා පවසන්නේ තවත් දහස් ගනනක සේවක අවමකිරීමකට සූදානම් වෙන බවයි. 
Pubudu Siriwansa


 

Google සෙවුම පරයන Bing සෙවුම??

හදාරන්නන් යෝජනා කරන්නේ Microsoft විසින් දශක දෙකක Google ආධිපත්‍ය විමසන්නට සමත්ව සිටින බවකි. නව  වල හැඩය සාම්ප්‍රධායික සෙවුම් සංස්කෘතිය ඉක්මවන්නකි. වඩාත් සරල හා මිනිස් මිත්‍ර ආකාරයකට සෙවුම් යන්තරයක් සමග කටයුතු කරන්නට මෙන්ම, ලැබෙන ප්‍රථිපල සමන්විත කරවන්නට නව ප්‍රවනතා හොඳින්ම සමත්වෙමින් ඇත යන්න ඔවුන් බොහෝ දෙනෙකුගේ මතයයි. නව Edge බ්‍රවුසරය සමග නව AI-powered Bing සෙවුම් යන්ත්‍රය නව ආරම්භයක්  ගෙනැවිත් ඇති බව පිලිගැනීමයි. සරල සෙවුම් ප්‍රථිපලයක සිට ‘conversation’ ආකාරයේ දිගු විසඳුමක් සැලසුමක් ගෙනෙන්නට එය වෙගයෙන් සූදානම් වෙමින් සිටී යන්න එම ආයතනයේ පැහැදිලි කිරීම වෙමින් ඇත. සමහර විටක ව්‍යාජ Google දැන්වීම් හා නොමග යැවීම් වලින් ක්‍රමයෙන් පිරෙමින් ඇති ගූගල් සෙවුම් යන්ත්‍රයේ දිදුලන සමය අවසන් වීමේ ආරම්භය මෙය විය හැක.
Pubudu Siriwansa


 

MacGPT / watchGPT පැමිනෙන app දෙකකි.

ChatGPT යනු OpenAI වලින් පැමිනෙන artificial intelligence හැකියාවෙන් යුත් conversational chatbot එකක් ලෙසට තේරුම් ගැනීම වඩාත් පහසු වනු ඇත. පසුගිය November නිකුත්වූ මෙය ලොවපුරා ප්‍රචලිත භවිතාවක් බවට වේගයෙන් පත්වෙමින් තිබේ. ඔබටත් ChatGPT අත්දැකීමක් සදහා  chat.openai.com ඔස්සේ පිවිසෙන්නට හැකිවනු ඇත.  Jordi Bruin පවසන්නේ MacGPT ලෙසට macOS සදහා වන app එකක් ද නිකුත්කරන්නට තමන් කටයුතු කර ඇති බවකි. මෙම MacGPT ඔස්සේ පහසුවෙන් ගා වේගයෙන් ChatGPT වල web browser interface  වෙතට පිවිසෙන්නට හැකි වන අතර keyboard shortcut ඔස්සේද මෙම පහසුව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව Apple Watch සදහාද watchGPT නමින් app එකක් පැමින තිබෙනවා.තවමත් අත්හදා බලන මට්ටමේ ඇති මෙය ඉදිරි කාලයේ සාමාන්‍ය භාවිතාවට නිකුත්වන්නට නියමිතයි.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...