2016-02-14

අන්තර්ජාලය මාධ්‍යයක් ලෙසට වන අභියෝගය..

                 අන්තර්ජාල බොහෝ අපූරු දෑ තම භාවිතාකරන්නන්ගේ ජීවිතවලට ගෙන විත් ඇත. ප්‍රමුකතමව දුර හා කාලය පිලිබදව වූ සාම්ප්‍රදායික  මානය ප්‍රායෝගික ලෝකයේදී හොඳින් අභියෝගයට ලක්කිරීම වේ. හදාරන්නන් අමානන්දයට පත්වීම “විශ්ව ගම්මානය” වැනි නව අර්ථදැක්වීම් කරාම ‍රැගෙන යන්නට සමත්විය. හුදු තාක්ශනික සීමාවෙන් ඔබ්බට විත් කලව, සංස්කෘතිය, දේශපාලනය, වෙළඳ පොල වැනි භාවිතාවන් වඩාත් අන්තර්ජාල  භාවිතාගත වන්නට පටන් ගැනීම ක්‍රමයෙන් පෙර කී සංකල්පය මත වූ දිලෙසෙන ආකර්ශනීය බවින් විචාරකයන් ඉවතට කැදවන්නට පටන් ගත්හ. ඒ භවිතාවන් දෙසින්ය. අන්තර්ජාලයේ මුල් ස්වභාවයන්ද ක්‍රමයේන් වඩාත් ප්‍රාදේශීය වන්නට පටන් ගැනීම ඔස්සේ භාවිතාකරන්න වඩාත් සමීපකරවන බව හා කරගත යුතු බවට සැකසුම් සිදුවන්නට විය. ප්‍රධාන පෙලේ සියලුම පාහේ අන්තර්ජාල   සේවා සපයන ආයතනයන් වඩ වඩාත් භාවිතාකරන්නා කේද්‍රවීම අරබන්නට පටන් ගත්තේය.
           මුල් ස්වභාවයෙන්ම එහි වන මාධ්‍ය මිත්‍ර බව සියලු භාවිතාකරන්නන් මාධ්‍ය කරුවන් බවටද පත්කරන්නට පටන් ගත්තේය. මාධ්‍ය යෝධයන් සිදුවීම් වාර්ථා කිරීම පසුකරමින් සිදුවීමට මැදිහත් වන්නාම තම අත්දැකීම වාර්ථා කරන්නට හිතකර පරිසරයක් වේගයෙන් නිර්මානය විය. තත්වය වඩාත් සංකීර්න වීම ඇරබෙන්නේ මීලගටය. එනම් තම මතවාද වාර්ථාකරනයට භාවිතාකරන්නන් පෙලබවීමත් සමගය. දේශපාලනික ආගමික මෙන්ම සංස්කෘතික නෙක ගැටලු අලුතින් නිර්මානය වන්නට පටන් ගත්හ. පැමිනි සමාජජාලා යුගය තවත් තත්වය තීව්‍ර කරමින් ඇත. රූපවාහිනිය, ගුවන්විඳුලිය ප්‍රමුක මුද්‍රිත මාධ්‍ය ව්සින් හුරුපුරුදු කරවන ලද ලෝකය පමනක් නොව පසුව පැමිනි බ්ලෝග් වැනි භාවිතා හුරු පුරුදු ලෝකය නැවත මෙම නව භාවිතාව වෙනුවෙන් හැඩ ගැසෙන්නට සිදුවීම අභියෝගාත්මක බවක් යෝජනා කරමින් සිටී.
www.digilk.com

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...