2014-03-24

Gmail දැන්සම්පූර්නයෙන් encrypted ආකාරයේය..

 Google ආයතනය පසු ගියදා ප්‍රකාශකර සිටියේ තම Gmail සේවාව මේ වන විට සම්පූර්නයෙන් encrypted HTTPS ආකාරයට ක්‍රියාත්මක වන බවයි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ භාවිතාකරන්නා හා සර්වරයන් අතර පමනක් නොව Google අභ්‍යන්තරයේ දී පවා මෙම තොරතුරු ගමන් කිරීමේදී පවා සම්පූර්නයෙන් encrypted ආකාරයට සිදු වනු ඇති බවයි. පසුගිය කාලයේ  NSA හා සම්බන්දිතව කටයුතු කල අයෙක් හෙලිකර සිටියේ  NSA තොරතුරු ‍රැස් කිරීමේදී ආයතනයන්ගේ අභ්‍යන්තර සර්වරයන් අතර සිදුවන තොරතුරු හුවමාරුවන්ගේදී පවා මැදිහත් වීමේ හැකියාවෙන් යුත්ත බවකි.
              මේ අතර පසුගිය අගෝස්තුවේ හෙලිවූ කාරනාවක් වූවේ Google විසින් තම Gmail භාවිතාකරන්නන්ගේ ඊමේල් වෙතට අනවසර එබී බැලීම් ඔස්සේ ඒවායේ වන තොරතුරු ඔස්සේ ඔවුනගේ ගිනුම් අතරින් ඉලක්ක ගත වෙළඳ දැන්වීම් පලකිරීම් වලට තොරතුරු ලබා ගන්නා බවයි. ගූගල් ආයතනය මීට පිලිතුරු ලෙස පවසා සිටියේ එය සාමාන්‍ය වෙළඳමය හැසිරීමක් අපරාධමය ආකාරයේ හැසිරීමක් ලෙසට අර්ථ දක්වන්නට ඔවුන් කටයුතු කරන බවකි. Google ආයතනය මෙම හැම හැසිරිම පැහැදිලි කරමින් මීට පෙර පවසා සිටියේ තමන් භාවිතාකරන්නන්ගේ අනන්‍යතාව නොසලකමින් යාන්ත්‍රික ක්‍රම වේදයක් ඔස්සේ මෙම දැන්වීම් පලකිරීම් සිදුකරන බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...