2014-02-14

Windows 8 බලපත්‍ර අළවිය මිලියන 200යේ සීමාව ඉක්මවයි

  Microsoft ආයතනය පසු ගියදා පැවති ප්‍රසිද්ධ හමුවකදී පවසා සිටියේ තම Windows 8 මෙහෙයුම් පද්ධති බලපත්‍ර මිලියන 200ක් පමන අලවි කොට ඇති බවකි. මයික්‍රසොෆ්ට් සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතියේ අළවිය පිලිබදව එතරම් ප්‍රසිද්ධියේ කථාකරන්නට නොපෙලබෙන අතර මෙම තොරතුරු නිකුතවට පෙර එවැනි තොරතුරු හෙලිදරව්වක් සිදුවූවේ 2012 මැයි මාසයේ දී පමනය. මෙම තොරතුරට අනූව දෛනික වින්ඩෝස් 8 බලපත්‍ර අලවියෙ වේගය 420000ක් ලෙසට ගනනය වේ. එසේමුත් මෙම අලවිය තවමත් වින්සෝස් 7 ඉක්මවන්නට අසමත්වී ඇති අතර වින්ඩෝස් 7 පලමු මාස 12 තුලදී ආසන්නව බලපත්‍ර මිලියන 240ක් අලවි කර තිබූ බවටයි වාර්ථා වූවේ. වින්ඩෝස් 8 සැලකීමේදී මිලියන 200යේ අලවි සීමාවට ලගා වන්නට මාස 15ක් ගත්ව ඇති බවටයි සටහන් වන්නේ. කෙසේ වෙතත් වෙනත් බාහිර වාර්ථා වලට අනූව ක්‍රමයෙන් වින්ඩෝස් 8 සමාජය වෙතට පිවිසෙමින් ඇති අතර භාවිතාකරන්නන් ඒ වෙතට පිවිසීම මදක් කෙමෙන් වූවද හොඳින් සිදුවෙමින් පවතින බවටයි වාර්ථා වන්නේ. Microsoft සමාගම වින්ඩෝස් 8 සමග හදුන්වාදුන් වේගවත් යාවත්කාලීන නිකුතුවේ ක්‍රම වේදය යටතේ වින්ඩෝස් 8.1 මේ වන විටත් නිකුත්කොට ඇති අතර එලබෙන අප්‍රේල් වන විට වින්ඩෝස් 8.1 සදහා තවත් යාවත්කාලීන ගොනුවක් නිකුතුවට සූදානමින් සිටින බවටයි නොනිලව නිවේදනය වී ඇත්තේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...