2014-02-17

Smart Phone සදහා security app එකක් අවශ්‍යමද????

 සාමන්‍ය භාවිතාවේදී පිලි ගැනෙන කාරනාවක් වන්නේ ඔබ Windows මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නේ නම් Antivirus මෘදුකාංගයක් භාවිතාකිරීම අත්‍ය අවශ්‍ය වීමයි. ප්‍රධාන මෙහෙයුම් පද්ධති අතර බහුල භාවිතාවෙන් අඩු Apple නැතිනම් open source ආකාරයේ මෙහෙයුම් පද්ධති භාවිතාවේදී එම අත්‍යාවශ්‍යකම මදක් අඩුවන්නේ තව්ත් හේතුන්න් සමග උවත් ප්‍රධාන ලෙසට ඒඅවට ඇති අඩු භාවිතාව තුල Malware සටහන් කරුවන්නේ අඩු අවධානයක් එම මෙහෙයුම් පද්ධතිවල ලැබෙන නිසාය. smart phone භාවිතාවේදී තත්වය වෙනස් වන්නේ ඔබ Android සමග වන දුරකථනයක් භාවිතයේදී Security app එකක් භාවිතාකිරීම අවශ්‍ය වීම windows හෝ  Apple ආකාරයේ Smart Phone එකක් භාවිතයට වඩා ඉහලින් පැවතීමය. එහිදීද ලොව Smart Phone භාවිතාවේදී ඩැඩි ප්‍රථිශතයක් Android සදහා ලැබී තිබීම වැදගත් වන අතරම Windows හෝ Apple වල App ලබා ගැනීම සදහා ඇති app store වලට app නිර්මාන කරුවෙතු තම App මෘදුකාංගයක් ලබා දීමේදී ඒම් ආයතනය දෙසින් දැඩි කොන්දේසි වලට යටත් කොට තිබීම හා අනිවාර්යයෙන් ඔවුනුගේ විමසා බැලීමට යටත්ව ඒවා ලබ ගැනීම සිදුවන බැවිනි. Android app සදහා ලැබී ඇති මෙම නිදහස ඔස්සේ යහපත් නිර්මාන කරුවන් ගේ මෙන්ම හානිකර ක්‍රියකාරීත්වයන්ගෙන් යුත් App ඔවුනගේ app store වෙතට දැඩි පිරික්සීමකින් තොරව ලබා දෙන්නට හැකිවීම තවත් ප්‍රධාන හේතුවක් ලෙසට පිලිගැනේ. F secure වෙතින් නිකුත්වූ වාර්ථාවක් පැවසුවේ 2013 වසරේ අවසාන කාර්තුව සැලකීමේදී හමුවූ Mobile Malware වලින් 97%ක්ම Android ඉලක්ක කරගෙන නිපදවා තිබූ ඒවා ලෙසට සටහන් වීම මේ බව සදහා හොඳම උදාහරනයකි. මීට අමතරව පෙරකී Mobile OS දෙකෙහිම භාහිර App ධාවනයේදී SandBox නැතිනම් සැබෑ මෘදු පරිසරය තුලදී වෙනුවට ව්‍යාජව නිර්මානය වන මෘදු පරිසරයක් තුල ඒවා ධාවනය වන්නට සැලැස්වීම නිසා දුරකථනයේ සැබෑ මෘදුපරිසරයට ඉන් සිදුවිය හැකි හානිය අවමව තබාගන්නට හැකිවීමද වැදගත්වේ.
       සමස්තයක් ලෙසට සැලකීමේ දිනෙන් දින වැදගත් තීරනාත්මක මට්ටමේ මෘදු ක්‍රියාකාරීත්වයෙන් යුත් භාවිතාවන් සමග තම තොරතුරු දිවියට Smart Phone භාවිතය මැදිකර ගන්නා වර්ථමානයේ මේ කිනමාකාරයේ මෙහෙයුම් පද්ධතියක් සමග වුවත් Security app එකක් භාවිතාකිරීම වැදගත් වන අතරම ඒ සදහා මෙකී සියලුම app store වල Security app නොමිළේ මෙන්ම මිළඳී ගත යුතු මට්ටමේ ඒවා තිබීම සහයක් වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...