2014-02-28

අතැති මුදලකට smart phone එකක් හදාගමු.-Google ව්‍යාපෘතියකි-

  Project Ara යනු Google වල ව්‍යාපෘතියකි. එය ඉලක්ක වන්නේ තවමත් ලොව පුරා වෙසෙන smart මට්ටමේ දුරක්ථනයක් භාවිතා නොකරන මුත් බලාපොරොත්තුවෙන් සිටින අනාගත භාවිතාකරන්නන් සදහා පහසුවෙන් බලසම්පන්න දුරකථනයක් අත්පත් කර ගැනීම සදහා සහය වීමටය. එය ක්‍රියාත්මක වන්නේ මුලින්ම ප්‍රාථමික මට්ටමේ දුරකථනයක් ඩොලර් 50ක් වැනි සුලු මුදලකට ලබා ගන්නට හැකිවීම හා අනතුරුව ඔහුට හැකි ආකාරයට වඩාත් බල සම්පන්න Camera වක් නැතිනම් වැඩි processor බලයක් එයට සම්බන්ද කිරීමේ හැකියාවක් එහි තිබීමය. modules ආකාරයට අමතර හැකියාවන් එකතුකර ගන්නට අවශ්‍ය ආකෘතියක් ලෙසට නිමවන මෙම ජංගම දුරකථනය මූලිකව මෝස්තර  තුනකින් නිම වන්නට සැලසුම් වන අතර එහි පලමු වන්න basic smartphone එකක් ලෙසට ද අනෙක mainstream device එකක් ලෙසට හා phablet එකක් ලෙසටය.
                       මෙහි නිර්මානකරුවන් පවසන්නේ දුරකථනයේ screen වල සිට processor නැතිනම් battery එක දක්වා කොටස් දුරකථනය ක්‍රියාත්මක වෙමින් තිබෙන විටකදී පවා පහසුවෙන් වෙනස් කරන්නට හැකිවන modules ලෙසට පැමිනෙන අතර භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය වීමට එය ප්‍රධාන හේතුවක් වනු ඇති බවය. Google ආයතනය දැනට සැලසුම් කර ඇති ආකාරයට එලබෙන අප්‍රේල් 15-16 පැවැත්වෙන Ara Developers Conference වලදී මෙම නිකුතුවේ පලමු සංස්කරනයක් පැමිනෙන සංවර්ධනය කරන්නන් වෙතට ඉදිරිපත් කරන්නට නියමිත අතර 2015 පලමු කාර්තුවේ පමන වෙළඳ පොලට පැමිනීමේ හැකියාවක් වනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...