2014-02-11

අඩුම තරමින් Facebook ගිනුම් මිලියන 67ක් වත් ව්‍යාජ ඒවායි!!!!

  සමාජ ජාලා භාවිතාව ලෝකයට ප්‍රායෝගිකව හදුන්වා දෙන්නට පුරෝගාමියා ලෙසට පිලිගැනෙන Facebook වෙතින් පසුගිය සතියේ නිකුත්වන වාර්ථාවක් පවසන්නේ ගෙවී ගිය වසරේ දෙසැම්බර් වන විට තම අඩවිය සතුව දෛනික භාවිතාකරන්නන් ප්‍රමානය මිලියන 757ක් ලෙසට ගනනය වන බවයි. වසරින් වසර සැලකීමේදී එම ප්‍රමානය ඉහලයාම සියයට 22ක තිබෙන බවටයි වැඩි දුරටත් එහි දැක්වෙන්නේ. එසේමුත් ඔවුනගේ තවත් තොරතුරු නිකුතුවක් වන  earnings repor වලට අනූව පැවසෙන්නේ බිලියන 1.3ක දෛනික භාවිතාකරන්නන් පිරිසක් තමන් සතුව සිටින බවයි. එසේම එම වාර්ථාවට අනූව මිලියන 945ක් Mobile මට්ටමේ භාවිතාකරන්නන් බවටත් පවසන්නට ඔවුන් කටයුතු කර තිබුනා. හදාරන්නන් මෙම වාර්ථා උපුටා දක්වමින් පවසන්නේ ෆේස්බුක් ආයතනය තමන්ගේ සැබෑ භාවිතාකරන්නන් ප්‍රමනය හෙලිනොකරන්නට කටයුතු කරමින් සිටින බවයි. කෙසේ මුත් Facebook ආයතනයේම පලකිරීම්වලට අනූව මෙම මාසික සංක්‍රිය භාවිතාකරන්නන් අතරින් 4.3% - 7.9%ක් එක් ගිනුමකට වඩා තම අඩවිය තුල පවත්වාගෙන යන්නන් බවට පවසා සිටිනවා.එසේම මෙම ප්‍රමානය අතරින් 0.8-2.1% ප්‍රමානයක්  misclassified ආකාරේ එවා වන බවට දක්වන අතරම Facebook වල  terms of services උල්ලංගනය කරමින් spam යැවීමට නැතිනම් malicious links හෝ හානිකර content සහිත ඒවා බවටත් පවසා සිටිනවා.සමස්තයක් ලෙසට Facebook වල පවතින ගිනුම් වලින් 5.5% සිට 11.2%ක් අතර ප්‍රමානයක් වය්‍යාජ ගිනුම් ලෙසට ගැනෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...