2013-09-27

ඇපල් හදුනා ගත් iOS7 දුර්වලතාවය පිලිසකර කෙරේ!!!!

  ඇපල් ආයතනය තම මොබයිල් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරනය වන iOS7 නිකුත්වී දින අටක් පසුවෙමින් තිබේ.නිකුත්කර දින කිහිපයක් ගත වෙත්ම අයෙකු විසින් හෙලි කොට සිටියේ නවත මෙහෙයුම් පද්ධතියේ lock screen ඔස්සේ අනවසරව පිවිසෙන්නට හැකි දුර්වලතාවයක් තමන් හඳුනාගත් බවය. ඔහු පවසා සිටියේ එම දුර්වලතාවය ඔස්සේ සමහර app වලින් පෞද්ගලික තොරතුරු සොරා ගන්නට හැකි වන බවයි.ඇපල් ආයතනය මෙම සිදුවීම තහවුරු කරමින් ප්‍රකාශකර සිටියේ පිලිසකර යාවත්කාලීනයක් හැකි ඉක්මනින් නිකුත් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. අද apple ආයතනය් ප්‍රකාශ කර සිටියේ එම දුර්වලතාවය ඉලක්ක කර ගනිමින් iOS 7.0.2 ලෙසට වන  යාවත්කාලීනය නිකුත්කර ඇති බවයි. එම යාවත්කාලීනය  iPhone, iPad හා  iPod Touch devices සදහා අදාල වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ. මෙම යාවත්කාලීනය සමග එම දුර්වලතාවය පිලිසකර වනවා සමග  password ඇතුලු කිරිම සදහා යොද ගන්නට හැකි  keyboard යක්ද නැවත ‍රැගෙන විත් ඇති බවටයි නිවේදනය වන්නේ.ආයතනය දෙසින් පැවසෙන තවත් පුවතකට අනූව කිය වෙන්නේ මීටත් වඩා දියුනුකල පිලිසකර යවත්කාලීනයක්  ආයතනය තුල මේ වන විට අත්හදා බැලෙමින් ඇති බවත් එය බොහෝ විට මීලග  iPad  නිකුතුවක සමග එලබෙන ඔක්තෝබරයේ නිකුත්වන්නට ඉඩ ඇති බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...