2013-08-16

එලබෙන අප්‍රේල් 8දායින් පසුව වින්ඩෝස් XP ඉරනම කුමක් වේවිද????

  එලබෙන අප්‍රේල් 8දායින් පසුව windows XP මෙහෙයුම් පද්ධතියේ ඉරනම කුමක් වේවිද යන්න හදරන්නන් අතර ඇත්තේ කුතුහලයකි. තවමත් ලොව පුරා පරිගණක 37%ක ධාවනය වන්නේ Windows XP වීම තුල තත්වය වඩාත් සංකීර්න වනු ඇත.හදාරන්නෙකු පසුගියදා පවසා සිටියේ තවමත් වින්ඩෝස් XP භාවිතාකරන්නන් අතරින් සමහරකගේ අදහස වන්නේ තවදුරටත් තම XP සහිත පරිගණකය  ක්‍රියාත්මක නොවනතාක් තමන්ට වින්ඩෝස් XP අත්හැර දැමීමේ අදහසක් නොමැති බවය. ආයතනය පවසන්නේ අප්‍රේල් 8දායින් පසුව වින්ඩෝස්XP වෙත ආරක්ශක යාවත්කාලීනයන් නිකුත්කිරීම ආයතනය විසින් අවසන් කර දමන බවය. ඉන් පසුව පහරදෙන්නන්හට පහසුවෙන් එහි හදුනාගන්නා දුර්වලතා වෙත ඉලක්ක කරගනිමින් "පෙර සැකසුම්" පහරදීම් සදහා නිදහසේ අවස්ථාවක් ලැබීමේ අනතුර පවතින බවටයි පවසා සිටින්නේ.
                     වඩාත් පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ සාමන්‍යයෙන් මාසිකව ආයතනය විසින් නිකුත්කරන හදුනා ගත් දුර්වලතා සදහා වන  යාවත්කාලීනයන් නිකුතුව හදාරමින් එම දුර්වලතා වින්ඩෝස් XP ට එරෙහිව අත්හදා බලමින් වඩාත් පහසු පහරදීමේ දුර්වලතා හදුනා ගැනීමකට ඔවුන් එලබෙන්නට ඉඩ ඇති බවයි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ දැනටමත් තමන් නඩත්තු කරමින් සිටින මෙහෙයුම් පද්ධති අතරින් වින්ඩෝස් Xp 32 බිට් සංස්කරනය පහර දෙන්නන්ගේ ඉලක්කය වෙමින් පවතින බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...