සාමන්‍යයෙන් ඇපල් ආයතනය සැලකෙන්නේ තම භාවිතාකරන්නන් වෙත ඉතා විධිමත්ව සලකන ආයතනයක් ලෙසටය. මිල අධික වුවද ඇපල් උපාංග භාවිතාව වෙත ගනුදෙනුකරුවන් ආකරශනය කර ගැනීමේදී මේ බව ප්‍රධාන සාධකයක් බවටයි පිලිගැනීම වන්නේ. 2012 ජුලි මාසයේදී හදාරන්නෙකු විසින් iOS App Store වෙහි පවතින HTTPS encryption මට්ටමේ දුර්වලතාවයක් හදුනාගනු ලැබූ අතර ඔහු පැවසුවේ මෙම දුර්වලතාවය ඔස්සේ පහරදෙන්නෙකුට iOS වෙත පිවිසීමට හැකිවන අතර සමහර විටක හිමිකරු නොදැනුවත්වම App Store වෙතින් app අදාල උපාංගයට බාගතවීමට සැලැස්විය හැකි බවය.කෙසේ වෙතත් මෙම දුර්වලතාවය ඔස්සේ පහරදීම් වාර්ථා නොවූවද පලමු හදුනා ගැනීමෙන් හය මසකට පසුව ඇපල් ආයතන අදාල දුර්වලතාවය සදහා පිලිසකර කර ඇති බවටයි දක්නට ලැබෙන්නේ.