2013-02-01

ජාවා පරිගණකය මතින් අක්‍රිය කර දමන්නට අවශ්‍ය නම්...


ජාවා වෙත එල්ල වෙමින් ඇති ගැටලුව තවමත් සජීවී මට්ටමක පවතී. වෙබ් අඩවි අතර භාවිතාවන ජාවා ප්ලැට්ෆෝමයේ දුර්වලතාවන් ඔස්සේ පරිගණක වෙත ලැබෙන්නට ඉඩ ඇති ආසාදනයන් පිලිබදව විටින් විට චෝදනා එල්ල වෙමින් ඇති අතර ඇමරිකානු රාජ්‍ය ආයතනයක්ද භාවිතාකරන්නන්හට පවසා සිටියේ තම
පරිගණක බ්‍රවුසරයන් මත ජාවා ක්‍රියාකාරීත්වය අත්හිටවීම වැදගත් විය හැකි බවකි.පසුගිය කාලවලදී  ඇඩෝබේ රීඩරය වැඩිම ආසාධනයන්ට ලක්වන මෘදුකාංගය ලෙසට තිබූ පිලිගැනීම ඉක්මවා යමින් මේ වන විට ජාවා එම ස්ථානයට පත්ව ඇති බවටයි පලවන වාර්ථා පවසන්නේ.ඔරකල් ආයතනය මේ සදහා පිලිසකර
යවත්කාලීනයන් නිකුත්කරන්නට කටයුතු කලමුත් ඉන් පසුවද හදාරන්නන් පවසා සිටියේ තවත් නව දුර්වලතා රාශියක් හදුනා ගන්නට තමන් සමත්වූ බවකි. ප්‍රකට මෘදුකාංග සමාගම් කිහිපයකින්ම මෙම අනතුර පිලිබදව භාවිතාකරන්නන් දැනුවත් කරන්නට කටයුතු කර තිබිනි.කෙසේ වෙතත් ජාවා භාවිතාකරන්නන් වෙත
සියලුම පාර්ශවයන් දෙන අවම අවවාදයනම් ජාවාහි නවතම සංස්කරනයන් නවතම යාවත්කාලීනයන් සමග භාවිතාකිරීම අනිවර්ය බවයි.
                     කෙසේ වෙතත් ඔබහර ජාවා ඔබබේ බ්‍රවුසරය මත ක්‍රියාත්මක කිරීම අත්හිටවීමට අවශ්‍ය නම් ඒ සදහා පහත දැක්වෙන පිලිවල අදාල වනු ඇත. ගූගල් ක්‍රෝම් භාවිතාකරන ඔබට මේ සදහා  ක්‍රෝම් හි ඇඩ්‍රස් බාර් එකෙහි chrome://plugines ලෙසට  ටයිප් කොට ලැබෙන කවුලුවෙහි පහත්ට යන විට 
දක්නට ලැබෙන  java කොටසෙහි disable යන්න තොරා ක්ලික් කිරීමෙන්  හැකිවන අතර ෆයර් ෆොක්ස් හි  Tools වෙත ගොස් add-ones යන්නෙන්  Plugins යන්න ‍තෝරා ඒය disabl කර දමන්නට හැකිවනු ඇත. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි මෙසේ ජාවා ක්‍රියාකාරීත්වය නතර කර දැමීම සංකීර්න කාරනාවක් වන බැවින්  සරලම ක්‍රමය වන්නේ කන්ට්‍රෝල් පැනලය වෙත ගොස් ජාවා මෘදුකාංගය සම්පූර්නයෙන් ඉවත් කර දැමීම වේ. ඔබට ඔගේ පරිගණකයෙන් ජාවා ඉවත්කර දැමීම සාර්ථව සිදුව ඇත්දැයි විමසා බලන්නට අවශ්‍යනම් ඒ සදහා www.java.com වෙබ් අඩවිය වෙත ගොස් "Do I have java" යන්න ක්ලික් කර බැලීමෙන් හැකිවනු ඇත. මධ්‍යස්ත විචාරකයින් පවසන්නේ බහුල භාවිතාවක් ඇති ඔනෑම මෘදුකාංගයක් පහර දෙන්නන්ගේ
ඉලක්කයක්වීම ස්වභාවික මුත් එම මෘදුකාංග ආයතන තම මෘදුකාංගය පිලිබදව අවධනයෙන් සිටීම වැදගත් වන බවයි. ඔවුන් පවසන්නේ ඔරකල් ආයතනය තම මෘදුකාංග දුර්වලතා යාවත්කාලීනයන් අතින් දෑවසරක පසු පසින් සිටීමක් දක්නට හැකි බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...