2013-01-04

වසරේ ප්‍රථම යාවත්කාලීන අඟහරුවාදාව.....


මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වසරේ ප්‍රථම මාසික යාවත්කාලීන අඟහරුවාදාව එලබෙන 8 වෙනිදාට යෙදෙන බවයි.මෙදිනට තම මෘදුකාංග කිහිපයක් සදහාම යාවත්කාලීනයන් නිකුත්වන්නට නියමිත බවටයි පැවසෙන්නේ.ඒ අතරින් එකක් අතිශය වැදගත් මට්ටමේ වින්ඩෝස් 8 ඉලක්කකරගත් එකක් වනු ඇති බවටයි සටහන් වන්නේ.තම මෘදුකාංග 12ක් සදහා යාවත්කාලීන 7ක් මෙම යාවත්කාලීන බන්ඩලය සමගනිකුත්වන්නට නියමිත අතර ඉන් පහක්ම වැදගත් මට්ටමේ ඒවා වනු ඇති බවටයි සටහන් වන්නේ.
                            ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7,8 තුල හදුනාගෙන තිබූ දුර්වලතාවය සදහා මෙම යාවත්කාලීන ගොනුව තුල ස්තීර පිලිසකර යාවත්කාලීනයක් නිකුත්වීම පිලිබද තවමත් සටහනක් නොමැති අතර පසුගියදා ඒ සදහා තාවකාලික පිලිසකර යාවත්කාලීනයක් පමනක් මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්කර තිබුනා.

AI මූලික Search Engines

AI වෙතට වන වන අවධානය නෙක තොරතුරු අවකාශ මත කැපී පෙනෙමින් තිබේ. search engine වලට AI සංයුත්ත වීම් ක්‍රමයෙන් අවධානය ලබා ගන්නා කරුනක් වෙමින් ඇති...