ජූලි 9 අනතුරු සහිත බව පරිගණක 500000 වෙත තවමත් විවෘතයි......


ගූගල් ආයතනය පවසන්නේ ඩී.එන්.එස් චේන්ජර් මෘදුකාංගයේ ආසාධිත බවින් යුත්  මුලියන භාගයකට ආසන්න පරිගණකයන් ප්‍රමානයක් එලබෙන ජූලි නම වන දින වන විට  අන්තර්ජාල සබදතා බිද වැටීම පිලිබද අනතුර තවමත් පවතින බවයි. ඔවුන් පවසනවා මෙම සතියේ සිට ගූගල් සෙයුම් යන්ත්‍රනයන් භාවිතාකරන සියල්ලන් වෙතම මෙම මෙම ආසාධිත බවින් යුත් බවට හැගෙන සේ තම පරිගණකය හැසිරෙන්නේනම්  අනතුරු ඇගවීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කරන්නට සියල්ල සූදානම් බව.
                                                            ඔබ කිසියම් වෙබ් අඩවියක් සදහා ලිපිනයක් ඔබගේ පරිගනකයේ වෙබ් බ්‍රවුසරය මත සටහන් කල විට අදාල සර්වරයන්  ඔස්සේ එම වෙබ් අඩවිවෙත ඔබ යොමුවීම සිදුවීම සාමාන්‍ය ක්‍රමය වූවද මෙම ආසාධිත බව සමග ව්‍යාජ සර්වරයන් වෙත ඔබව යොමුකරවන අතර අනතුරුව ඒම සර්වරයන් විසින් හානිකර බවින් යුත් ව්‍යාජ වෙබ් අඩවි වෙත ඔබවයොමුකරමින් පරිගණකය වෙත හානිකර මෘදුකාංග  පැතිරවීම අවසර පද සොරා ගැනීම ආදී නීති විරෝදී ඉලක්ක සපුරා ගන්නට උත්සාහ කිරීම සිදුවිය හැකි බවටයි අනතුරු අගවා සිටින්නේ
[ ... ]

නන්නාදුනන දේශකයා හා so.cl අඩවිය.....


"අපිට හිතන්නට වෙනවා මෙම නව සමාජ ජාලය ගෙන එන වෙනස වෙනස් විදිහකට. එක අතකින් බලනකොට ලෝක ව්‍යාප්තජාලය කරුනු වලින් තෘප්ත තත්වයකට පැමින තිබුනද ඒවා කරා ලගා වීමේ මාවත්වල හුදකලා බවක් හොදින්ම දකින්නට තිබුනා. සමාජ ජාලාවල සම්ප්‍රදායිකව ස්වභාවය වුනේ සාමන්‍ය මිනිස්කම හා වෙළද අරමුනු මිසක පෙර කී තෘප්ත බව ලෝකයේ සියලු කෙරවලවල්  කරා ගොස් ජීවිත ඉහලට ගෙනෙන තීර්නාත්මක සාධකයක් වන්නට නොවේ. මයික්‍රසොෆ්ට් ආයතනය මෑතකදී හදුන්වා දුන් සමාජ ජාලය තරමක හෝ වෙනසක් සදහා හොද ආරම්භයක් ලබාදී ඇති බවයි සමහර වියතුන්ගේ මතය වී ඇත්තේ.
                                                       මම ඔබට යෝජනා කරනවා ඔබ දැනට ස්පර්ශ කරන තොරතුරු අල්පයට වඩා වැඩි අවකාශයක් ලෝක ව්‍යාප්ත ජාලය තුලින් ඇසුරු කරමින් ලබන දැනුම තුලින් මුහුකුරාගිය වියතෙකු වන්නට ඔබට අවස්ථව තිබෙනවා කියලා. අවාසනාවකට මෙම විශාල අවකාශය වෙත කම්මැලි සහගත බැල්මකට වඩා වැඩි අවධානයක් හෙලන්නට උනන්දු කරවන සයිබර් උපකරනයක් තිබුනේ නැහැ.නව සමාජ ජාලය අලුත් ආරම්භයක් , වෙනස් මානයක් ‍රැගෙන එන්නට උත්සාහ කරන බවයි මගේ මතය වෙන්නේ......"
[ ... ]

ගුගල් ග්ලාස් ඡායාරූපකරනයට වෙනසක් ගෙනෙන බවට.....


ජංගම ඡායාරූප කරනය වෙත නව වෙනසක් එක්කරන්නට "ගූගල් ග්ලාස්" ව්‍යාපෘතියේ නව ප්‍රවනතාවයක්  සුදානම් වෙමින් සිටින බවටයි තොරතුරු පවසන්නේ.ගූගල් ආයතනය විසින් පසුගිය දින පැවති ඡායාරූප ශිල්පීන් සදහා වූ හමුවකදී මේ පිලිබදව පවසා සිටියේ තම ග්ලාස් ව්‍යාපෘතිය ඡායාරූප කරනය වෙත නව වෙනසක් ‍රැගෙන එන්නට සූදානම් වෙමින් සිටින බවටයි ප්‍රකාශකර සිටියේ."ඔබ දෑස් පසුකරන කොතරම් නම් වටිනා මොහොතවල් දෑත්මානයේ කැමරාවක් නොමැතිකමින් සටහන් නොතබාම මැකී ගොස් ඇතිද? ඒත් ගූගල් ග්ලාස් මේ සදහා හොදම විසදුමක් ‍රැගෙන එනවා" ලෙසටය.
            තවමත් මෙම ක්‍රියාවලිය සිදුවන යාන්ත්‍රනය පැහැදිලිව අයතනය විසින් ප්‍රකාශ නොකර ඇති මුත් ඔවුන් පවසන්නේ "ඔබගේ දෑත් කාර්ය බහුල මොහොතවල් වල පවා ගූගල් ග්ලස් එම වටිනා රූ සටහන්පත්  ඔබ වෙතින් ගිලිහී යන්නට  ඉඩ නොදෙනු ඇති බවයි" වැනි ප්‍රකාශවමින් හෙලිවන්නේ අමතර මෙහෙයවීමකින් තොරව දෑස් වල මෙහෙයවීමෙන් මෙම ක්‍රියාවලිය සිදුවනු ඇති බවයි.
     ගූගල් ආයතනය පසුගිය අප්‍රේල් වලදී මුලින්ම තම ග්ලස් ව්‍යාපෘතිය ගැන හෙලි කල අතර තවමත් අවසාන නිෂ්පාදනය එලිදක්වන දිනයක් හෝ එහි මුල ගනන් පිලිබද තොරතුරක් පලකොට නොමැති බවයි වාර්ථාවන්නේ.ගූගල් ආයතනය මගින් පසුගියදා නිකුත්කල පහත දැක්වෙන වීඩියෝව  මේ පිලිබද වැඩි විස්තරයක් ඔබ වෙත ‍රැගෙන එනු ඇත.


[ ... ]

ගූගල් වෙත කතෘ අයිතීන් තහවුරු කරනලෙස ඉල්ලීම් වේගයෙන් ඉහල යමින් පවතී....


ගූගල් ආයතනයෙන් නිකුත්වන නවතම වාර්ථා පවසන්නේ හිමිකරුවන් විසින් තම අයිතීන් නොසලකා හරිමින් වෙබ් අවකාශයතුලට අනවසරලෙස මුදා හැර ඇති දෑ සදහා වන වෙබ් ලිපිනයන් ගූගල් සෙයුම් ප්‍රතිපලවලින් ඉවත්කරන ලෙසට කෙරෙන ඉල්ලීම් වේගයෙන් ඉහල යමින් පවතින බවයි. ගූගල් ආයතනය පවසන්නේ මාර්තුමසය පමනක් සලකන විට මිලියනයකට අධික ඉල්ලීම් තමන් වෙත ලැබී ඇති බවයි.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ කතෘ හිමිකරුවන් 2400 පමන දෙනෙකුගෙන් ඩෝමේනයන් 24374 යටතේ ක්‍රියාත්මකවන සබදතා මිලියන 1.2 පමන ඉල්ලීම් ලැබී ඇති බවයි. එම ඉල්ලීම් වලින් සියයට97 පමන ගූගල් ආයතනය කටයුතුකල බවටයි පැවසෙන්නේ.මෙම සංක්‍යාව අතරින් මිලියන භාගයකට (546716) වැඩි ප්‍රමානයක් මයික්‍රසොෆ්ට් ආයතනයන් තම අයිතීන් මත කෙරුනු ඉල්ලීම් බවටයි සටහන් වන්නේ. ගූගල් ආයතනයේ විධායකයෙකු පවසන්නේ 2009 වසරේ දී කල සම්පූර්න ඉල්ලීම් ප්‍රමානයට වඩා වැඩි එනම් සතියකට 250000 තරම් ඉල්ලීම් ප්‍රමානයක් මේ වනවිට ආයතනයට තම කතෘ අයිතීන් නොසලකමින් සිදුවන අනවසර බෙදාහැරීම් සදහා අදාල වෙබ් සබදතා ප්‍රතිපල වලින් ඉවත්කරන මෙන් ලැබෙමින් ඇති බවයි.
                              ගූගල් ආයතනය පවසන්නේ මෙසේ ලැබෙන ඉල්ලීම් අතරින් ඉල්ලුම්කරුගේ අයිතිය පිලිබද තහවුරුව කෙරෙහි තම දැඩි අවධානය යොමුකරන අතරම තවකෙකුගේ අදහස් ප්‍රකාශනයට ඇති නිදහස ඉක්මවා නොයන්නට කටයුතු කරන බවයි. එසේම වෙබ් අඩවි සදහා බාදාකරන්නට ගන්නා උත්සාහයන් කෙරෙහි වැඩි අවධානයක්  යොමුකරන අතර ආයතන හා පුද්ගලයින්ගේ අයිතීන් තහවුරු කරන්නට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.
[ ... ]

වසරේ පලමු කාර්තුවේදී වැඩිම "මැල්වෙයාර්" ප්‍රමානයක් හදුනා ගැනේ..


මෑකා‍ෆි ආයතය පවසන්නේ පසුගිය වසර 4 ගැන සලකන විට මෙම වසරේ පලමු කාර්තුව හානිකර මෘදුකාංග මුදා හැරීම් අතරින් ඉහලම සංක්‍යාවක් වාර්ථාකරමින් සිටින බවයි. ඔවුන් පවසන්නේ එය ගනනින් මිලියන 83 ක හානිකර මෘදුකාංග ආදර්ශක සංක්‍යාවක් ඔවුන් හදුනා ගෙන ඇති බවයි. ව්‍යාජ අරක්ශක මෘදුකාංග පැතිරීම අවම වෙමින් පැවතුනද ව්‍යාජ  ආරක්ශක සිග්නේචරයන් සහිත මෘදුකාංග පැතිරීමත් රූට්කිට් හා අවසර පද සොරාගන්නා ට්‍රෝජනයන් ඉහලයමින් පවතින බවටත් ඔවුන් පවසා සිටිනවා.මැකා‍ෆි ආයතය අවසර පද සොරා ගන්නා ට්‍රෝජනයන් ආදර්ශක 200,000 හදුනා ගැන ඇති බවටයි සටහන් කරන්නේ. රූට්කිට් නොහොත් පරිගණකය වෙත අනවසර පිවිසුමකට මග පාදන හානිකර මෘදුකාංග පැතිරීමද සැලකිය යුතු අයුරින් ඉහලගොස් ඇති බවටයි වැඩි දුරටත් ඔවුන් පවසා සිටිනවා.
                      බොට්නෙට් පහර දෙන්නන් මෙම කාලයතුලදී පමනක් නව පරිගණක මිලියනයකට අදිකව ග්‍රහනයකට ගැනීමක් වාර්ථාවන බවයි පැවසෙන්නේ. ජංගම ආකාරයේ දත්ත උපකරන වෙත පහර දීම් සැලකීමේදී ඇන්ඩ්‍රොයිඩ් ඉලක්ක කරගත් පහදීම් 8000 අධිකව හදුනා ගෙන ඇති බවත් වැඩිම ආරක්ශිත ඇප්ස් අඩවි ලෙසට ගූගල් ඇප්ස් මාර්කට් ඔවුන් සටහන් කර සිටිනවා.එසේම වැඩිම ජංගම හානිකරයන් පැමිනෙන්නේ චීනය හා රුසියාව තුලින් බවටයි ඔවුන් සටහන් කරන්නේ.
[ ... ]

IE10 මෙට්ට්‍රෝ සමග ප්ලෑෂ් ප්ලේයරය සීමිත වෙබ් අඩවි සදහා පමනයි


මයික්‍රසොෆ්ට් ආයතනය මීට පෙර පවසා සිටියේ වින්8 හි ස්පර්ශ මූලික එක්ස්ප්ලොරා 10 මෙට්‍රෝ සංස්කරනය සම්පූර්නයෙන් ප්ලගීනයන්ගෙන් තොරවන බවයි. නමුත් පලවන නවතම පුවතකින් කියවෙන්නේ ගූගල් ක්‍රෝම් ආකාරයේ මගක යමින් IE 10 සමග ප්ලැෂ් ප්ලේයරය අඩංගුව පැමිනෙන මුත් එය ක්‍රියාත්මක වීමේදී ‍තෝරාගත් ජනංප්‍රිය වෙබ් අඩවි වලට පමනක් සීමා වෙන බවයි. එලබෙන ජූනි මුල්භාගයේ නිකුත්වන්නට නියමිත වින්ඩෝස්8 අවසාන පෙර සංස්කරනය සමග මෙම පහසුව  ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.
             මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා දැනටමත් ඇඩෝබි ප්ලෑෂ් ප්ලේයරය භාවිතාකරන  වෙබ් අඩවි වලින් සියයට 62 ක් දැනටමත්  HTML5 video  දෙසට යොමුවෙමින් සිටින බවයි.එම ආයතනය පවසන්නේ බ්‍රවුසරය මතට ප්ලෑෂ් ප්ලේයරය නැංවීමෙන් යාවත්කාලීන ගැටලුව හා සුලබ පහරදීම් අවස්ථාවන් සම්බන්ධිත ආරක්ශක ගැටලු බොහෝ දුරට මග හැරෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙන්නේ.


[ ... ]

වින්8 සමග අසීමිත "රී බූට්" කරදරය අවසන් වනු ඇත.....

මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින්ඩෝස් 8 සමග භාවිතාකරන්නාට ලැබෙන වෙනස්කම් අතරට ,පෙර සංස්කරන වලදී මෙන් මෙහෙයුම් පද්ධතියේ යම් යම් ගැටලු නිසා නැවත නැවත "රී බූට්" වීම අවසන් කරවන සැකසුමකින්ද යුත්ත වන බවයි. මේ අනූව මෙහෙයුම් පද්ධතියට නැවත ආරම්භයකට යන්නට අවශ්‍ය වන අවස්ථාවලදී මතුවන මෙනුවක් මගින් "රී කවරි"  නැතිනම් "රෙපෙයාර්" වැනි තේරීම් අවස්ථාවක් භාවිතාකරන්නාට ලබාදී ඒ මගින් අදාල ගැටලුව විසදාගන්නට හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ. ආයතනයේ ප්‍රකාශකයා පවසාසිටියේ දෙවරකට වඩා "රී බූට්" වීමේ  කරදරකාරී බව මෙම නවාංගය සමග වින්ඩෝස් 8 භාවිතාකරන්නාට හමු නොවනු ඇති බවයි. ඔහු වැඩි දුරටත් පවසා සිටියේ  වින්8 සමග පැමිනෙන වේගවත් ආරම්භය සමග සුපුරුදු F2  F8 යතුරු සමග කටයුතු කරන්නට අපහසු විය හැකි බවත් මෙම  නවාංගය හදුන්වා දීමේදී සැලකිල්ලට ගත් බවයි.
[ ... ]

ගූගල් ක්‍රෝම් ලොව වැඩිම භාවිතාවක් ලබයි.....


හදාරන්නන් පවසන්නේ ගතවී ගිය මාර්තු මසයේ  ගූගල් ක්‍රෝම් වෙතින් එක්දිනකට සීමාවූ වාර්ථවක්වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා ඉක්මවා යාම මේ වන විට වඩාත් ස්ථාවර ස්වරූපයකින් වාර්ථා කරමින් සිටින බවයි. මේ වන විට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා භාවිතය සියයට 31.94 වාර්ථා වන විට ක්‍රෝම් 32.76 ලෙසට වාර්ථා කරමින් ලෝකයේ වැඩිම භාවිතාවක් සහිත බ්‍රවුසරය බවට පත්වෙමින් සිටින බවයි.
           මීට වසරකට පමන පෙර සලකන විට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සියයට 49 වාර්ථා කරමින් ඉදිරියෙන් සිටි අතර මොසිල්ලා ෆයර්ෆොක්ස් 29ක් ද ක්‍රෝම් 19ක්ද වාර්තා කරමින් සිටිනු ලැබුවා.ඒ අනූව වසරක් තුලදී ක්‍රෝම් සියයට 13 ඉදිරියටත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සියයට 12 අවප්‍රමාන වීමක් සහ ෆයර් ෆොක්ස් සියයට 4 ක අව ප්‍රමාන වීමක් දක්නට ලැබෙන බවටයි එම වාර්ථා පවසන්නේ.
                      එක්සත් ජනපදය තුල සලකද්දී තවමත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා ඉදිරියෙන් සිටින අතර සියයට 37ක භාවිතවක් ලබා ගන්නා විට පිලිවලින් ගූගල් ක්‍රෝම් හා ෆයර් ෆොක්ස් සියයට 23ක් හා 22 ලෙසට සටහන් වෙමින් පවතින බවටයි එම වාර්ථා වැඩිදුරටත් පවසන්නේ.
[ ... ]

මයික්‍රසොෆ්ට් සමාජ ජාලාව මුදා හැරේ......

මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා තම අත්හදා බැලීමේ තත්වයේ පවතින තවත් ව්‍යාපෘතිය වන සමාජ ජාලා අඩවිය so.cl මේ වන විට සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා විවෘත වෙමින් පවතින බව.විචාරකයින්ට අනූව මෑතකාලයේ සයිබර් බලවතුන් හුදු සෙයුමක සීමාවේ සිට භාවිතාකරන්නන්ගේ දෛනික අවශ්‍යතා සමග වැඩි වැඩියෙන් ඔවුනගේ ජීවිත විනිවිද  යන්නට උත්සාහ කරනු දක්නට ලබෙන බව පවසන අතර සමාජ ජාලා අවකාශය මෙම නැබුරුතාවයට වැඩි ගැලපීමක් දක්නට ලැබෙන බව පැවසෙනවා. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ මෙම නව අඩවිය පවතින සමාජජාලා අඩවීන් සමග තරගයකට එලබෙන්නට උත්සාහ කරනවා වෙනුවට  එම අඩවීන් සමග  එකගතාවයකින් කටයුතු කරනු ඇති බවයි. "වෙබ් අවකාශයතුලින් වඩාත් සාර්ථකව තොරතුරු සොයා ගන්නට මෙන්ම පහසු වෙන් ඒවා තම හිතවතුන් අතරේ බෙදහදා ගන්නටත් සහයවීම අපේ අරමුනයි.." වැඩිදුරටත් ඔවුන් පවසා සිටිනවා."video parties"  නවාංගය තුලින් සජීවීව වීඩියෝවන් බොදහදා ගැනීමට හොද සහයක් ලැබෙනු ඇති බවට බලාපොරොත්තු පලවන අතර "ආරාධනා කිරීම් මූලික" පිලිවලක් මත දැනට මෙම අඩවිය සදහා සම්බන්දවිමට හැකිවනු ඇති බවටයි ආයතනය පවසන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඔබගේ ගිනුම විවෘතකරගැනිමට හැකිවනු ඇත.

http://www.so.cl/
[ ... ]

වින්8 සමග ඩෙස්ටොප් මුහුනතට වෙනස්කම්.....


මයික්‍රසොෆ්ට් ආයතනය දෙසින් පලවන පුවතකට අනූව පැවසෙන්නේ තම මීලග මෙහෙයුම් පද්ධතියේ ඩෙස් ටොප් මුහුනතට වෙනස්කම් කිහිපයක්ම එකතුවන්න්ට නියමිත බවයි. දැනට නිකුත්වී ඇති පාරිභෝගිකයන් සදහා වන පෙර සංස්කරනයේ ඩෙස්ටොප් මුහුනත විස්ටා සංස්කරනය සමග හදුන්වාදුන්   Aero  නම් ස්වභාවයෙන් යුක්හවන අතර විනිවිද පෙනීම වින්ඩෝවේ තුඩු වක්‍ර ස්වභාවයක් ගැනීම අදී ලක්ෂන වලින් වලින් සමන්විත වෙනවා.
                                         ආයතනය පවසනවා ජංගම උපකරන භාවිතයට ප්‍රමුකතාවය තාවය සමග වින්8 හි බැටරි ආයුකාලය උපරිමව ‍රැක ගැනීම කවුලුව නියෝජනය වන උපාංගයේ ස්වභාවය වැඩියෙන් නිරූපනය වීම සරල හා සැහැල්ලුවීම ආදී ලක්ෂන නව සංකරනයේ මුහුනතවල් සදහා සලකා බැලෙනු ඇති බවයි."දැනට භාවිතාකරන්නන්හට හුරු පුරුදු මුහුනතින් ලොකු වෙනසකට යාමට බලා පොරොත්තු නොවන මුත් "බටනයන් " "චෙක් බොක්ස්" "රිබන්" ආදියෙහි වෙනස්කම්  සමග වඩාත් නවීන හා සැහල්ලු නිමැවුමකට යාමට ඔවුන් උත්සාහ කරමින් සිටින බවයි.
[ ... ]

ෆයර්ෆොක්ස් සමග "රිසෙට්" පහසුව.....


ෆයර්ෆොක්ස් හි දැනට නිකුත්වී ඇති අවසාන බීටා සංස්කරනය සමග "රී සෙට්" පහසුවද හදුන්වා දී තිබෙන බවටයි පැවසෙන්නේ. ෆයර් ෆොක්ස් ප්‍රකාශකර සිටින්නේ විවිදාකාරවූ ගැටලු සහගත තත්වයන් ගැන භාවිතාකරන්නාහට වැය කරන්නට සිදුවන කාලය බොහෝ ප්‍රමානයකට මෙම හදුන්වාදීම සාර්ථක පිලිතුරක් වනු ඇති බවයි. ඔවුන් පවසනවා එක් "ක්ලික්" චලනයකින් පෞද්ගලික දත්තයන්ට හානියන් නොවන සේ මුල්තත්වයට තම බ්‍රවුසරය පමුනවා ගන්නට භාවිතාකරන්නාහට මේ සමග හැකි වන බවයි.
      ඔවුන් වැඩි දුරටත් පවසන්නේ  තවමත් මෙම පහසුව ලබා ගැනීමේදී පෞද්ගලික දත්ත සු‍රැකෙන්නට නම් ඔබගේ ප්‍රොෆයිලය මතට ඇතුලුවී සිටීම අනිවාර්ය වනු ඇති බවයි. එසේම ෆයර්ෆොක්ස් අමතර සංස්කරන සදහා මෙම පහසුව ක්‍රියාත්මක නොවන බවත් පැවසෙනවා. පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් මෙම  බීටා සංස්කරනය ලබා ගත හැක.

http://www.mozilla.org/en-US/firefox/beta/
[ ... ]

සංස්කෘතිය කියන්නේ මිනිස් මනසකට හමුවන විශාලතම සිතුවමයි




ආලෝකමත් සැදෑව මතින් ගලායන සිසිල් සුළඟ සිත කය මතට කැදවන්නේ ශාන්තිමත් සංසුන් බවකි. නගරයේ ගතකරන අවසාන දින කිහිපය ගෙවෙමින් යයි. ඊයේ කලාගාරයේ පැවති සිතුවම් දැක්මකට ගොඩ වුනෙමි. ජර්මානු ජාතික ශිල්පියෙකුගේ අපූර්ව ජීවිත අත්දැකීම් අප සමග බෙදාගන්නට එහි තිබින.
                       " සංස්කෘතිය කියන්නේ මිනිස් මනසකට හමුවන විශාලතම සිතුවමයි. සමහර වෙලාවට වසර දහස් ගනනක මිනිස් පරම්පරා බොහොමයක් ඔස්සේ ජීවිත අපමනක සංස්කරනයක් වන නිසා තනිමනසක් ඔස්සේ සංස්කෘතිය කියන චිත්‍රය විදගන්නට අපහසු වෙන්නට පුලුවන්.."  කලාගාරය පසකින් වන විශාල රුක්ෂය වටා රලුවට ඉදිකර ඇති දැව අසුනක සිට ඔහු පවසයි. අපිරිසිදු නොවුනද තැලී පොඩිවී ඇති ඇදුම් පැලදුම්  පවසන්නේ ඒ දිනය ඔහුගේ ජීවිතයේ වැදගත් දිනය කැයි ඔහු නොසලකන බවවිය යුතුය.මම ප්‍රශ්න කලෙමි."මමත්  මේ සිතුවම් දැක්ම බලන්නට ආ තවත් මිනිසෙක් පමනයි" මද සිනාවක් සමග ඔහු පවසයි.
                                                එරට නෙක ප්‍රභූවරුන් කිහිපදෙනෙකුම මා එහි ගතකලකාලය තුල එහි පැමිනියාය. සමහරක් අය වෙත ආරාධනා පත්ද ‍රැගෙන පැමිනි මුත් පිලිගැනීම් වැනි අරුමෝසම් කිසිවක්  එහි නැත.සමහර ප්‍රභූවරුන් ඔහු සොයා ගෙන පැමින සුබපතා ආපසු ගියාය. තවකෙක් අමුත්ත්න්ගේ සටහන් ගොනුවට තම අදහස් තබනු දු‍ටුවෙමි.තවත් අයෙක් සුබපතමින් පසකින් ඇති කලාගාරයේ ආරක්ශිත විදුරු භාජනයට මුදල් දමනු දක්නට හැකි විය.
                                                      " මම හිතන්නේ අපි සැබෑවට අප වටා ඇති අවාසනාවන්ත යථාර්තයන් යලි ප්‍රතිනිර්මානය කරන්නට අපේ කලාවන් යොදා නොගත යුතුයි.ඉන් ඔබ්බට වන දැක්මක්  ඔබගේ නිර්මානයයෙන් ප්‍රකට නොවන්නේ නම්  ඒක මහ විහිලුවක් කියලයි මම හිතන්නේ..."
[ ... ]

එලබෙන යුගයේදී දත්ත උපකරන වලට අනිවාර්යෙන් අවශ්‍යවෙනවා


..........එලබෙන යුගයේදී දත්ත උපකරන වලට අනිවාර්යෙන් අවශ්‍යවෙනවා භාවිතාකරන්නා හැකිතාක් දුරට තාක්ශනික හෝ දත්ත උපකරන භාවිතය ගැන විශේෂිත දැනුමෙන් තොර අයෙකු සමග උවද සාර්ථකව ගනුදෙනු කරන්නට  සමත් වන්නට. වින්8 අපට පෙන්වන පෙර සලකුනු අතර එකක් තමයි සාමන්‍ය මට්ටමේ කාර්යාලයක උවත් දත්ත උපකරන නඩත්තුකරන  සේවක සංක්‍යාව බෙහෙවින් අඩුකරන්නට උත්සාහ කරන බව. ‍රැකියා අවස්ථාවල් අවමවීම වැනි කාරනා නොසලකා හැරියහොත් මෙම තත්වය ධනාත්මක පනිවිඩයක් වනවා තාක්ශනික දැනුම කරදරයක් ලෙසට සලකන බොහෝ අයෙකුට පවා සරල භාවිතයක් ඇතුලේ තොරතුරු තාක්ශනයේ සහය තම ව්‍යාපාරික හෝ පෞද්ගලික අවකාශ කරා ‍රැගෙන එන්නට.සරලව කිව්වොත් දියුනුවීම යනු තව අතකින් සරලවීම ලෙසට භාවිතයේදී හමුවීම බොහොම වර්ධනාත්මක තත්වයක්.මෙතැන බිය උපදවන තවත් කෝනයක්  මතුපිටට එනබව සත්‍යක්. විශාල ව්‍යාපාර කිහිපයකට දත්ත ලෝකයේ ආධිපත්‍ය හිමිවීමයි ඒ. හැබැයි විනිවිද පෙනෙන සුලු සදාචාරාත්මක පදනමක ක්‍රියාත්මක වන ලාභය ගැන පමනක් ඉලක්ක ගත වෙන සමාගම් සමර විටක සමහර දේශපාලකයින්ට වඩා යහපත්වේවි යැයි මම විස්වාස කරනවා..........
(නන්නාදුනන දේශකයාගේ සටහන්...)
[ ... ]

කොටින්ම ඇය විෂය ආකෘතියේ ගොදුරක් නොව ඇගේ සරල ජීවිත ආකෘතියේ සොඳුරු අනසක


වසරකට පමන පසුව ආශ්‍රම භූමියෙන් නගරය වෙත පැමිනියෙමි.ප්‍රධාන නගරය ආශ්‍රිත සංසුන් පරිසරයක තාවකාලිකව නවාතැන් ගත්තේ දින කිහිපයක් නගරයේ ‍රැදී සිටින්නට බලාපොරොත්තුවෙනි. ප්‍රධාන රඟහලවල් දෙකෙහිම  සම්භාවනීය නාට්‍ය කරුවන් දෙදෙනෙකුයේ නිර්මානවල නව නිශ්පාදන මේ දිනවල රඟදැක් වෙන බව දැන ගත් මොහොතේ සිටම හෝරා දෙකක් පමන වැය කොට ප්‍රවේශ පත්‍ර දෙකක් මිලදී ගත්තේ මහත් ආයාසයෙනි.වරක් ජර්මානු ජාතික වේදිකා නාට්‍ය රසවතියක්වූ මගේ මිතුරියක්  මා මිලදීගත් නාට්‍ය පිටපත් කෘතියක තැබූ සමරු සටහනක්  සිහිපත්වේ."වේදිකාව අපමනක් ජිවිත හැඩතල සගවා ගෙන සිටින ජීවියෙන් පිරි අපූරු ප්‍රදේශයකි. සිනමාව සංගීතය නැතිනම් චිත්‍ර ශිල්පය මෙන් නොව මෙහි සීමාව ඔබේ මගේ නැතිනම් අප සියල්ලන්ගේම ජීවිතයයි.ජීවිත සංචාරයේ අපූරත්වය වෙනත් කොතැනකදීටත් වඩා එක් තැනකදී රස විදින්නට නම් මෙහි ඔබ ආයුතුමය....."
                     ඇය මට හමුවූ අපූරුතම මිතුරියක වූවාය. සාමාන්‍යයෙන් හමුවන මිනිසුන් මෙන් නොව  ඇගේ ජීවිතය මහත් සැහැල්ලු ලිහිල් බවකින් යුක්ත වූවාය.දරාගත නොහැකි තරමේ ඉන්ද්‍රීය අශාවල් වලින්  හැල්මේ දුවන්නියක නොවුවාය.මෘදුකාංග විෂය මත දේශන කිහිපයකට පැමින සිටි ඇය විවේක හැම විටකම නගරයේ කලාගාරයක චිත්‍ර මූර්ති දැක්මක් , නාට්‍යදැක්මක් සමග කාලය ගතකරන්නට වැඩි කැමැත්තක් දැක්වූවාය.සමහර රාත්‍රීන්වල එම අධ්‍යාපන භූමියට ඔබ්බෙන් වූ ප්‍රධාන මාවතේ පහන් කනු අතරින් නිදහසේ අප ඇවිද යන්නට පුරුදුව සිටියාය. කුඩා අවන්හලකින් ආහාර ගන්නා අප බොහෝ වෙලා යනතුරු විවිධ විෂයන් ගැන කතාබස් කරමින් සිටින්නෙමු. ඇයට දත්ත උපකරන , මෘදුකාංග ක්‍රමවේද මෙන්ම වේදිකාව සංගීතය අතර මහත් පරතරයන් නොවූවාය.කොටින්ම ඇය විෂය ආකෘතියේ ගොදුරක් නොව ඇගේ සරල ජීවිත ආකෘතියේ සොඳුරු අනසක යටතට එම විෂය කැදවා ගෙන සිටියාය.
[ ... ]

ඇඩෝබි ප්ලෑෂ් ප්ලේයරයට අති වැදගත් මට්ටමේ යාවත්කාලීනයක් නිකුත්වේ.....

ඇඩෝබි ආයතනය අද පවසා සිටියා තම ප්‍රකට මෘදුකාංගයක් වන ප්ලෑෂ් ප්ලේයරය මත හදුනාගත්  ප්‍රධාන පෙලේ දුර්වලතාවයකට පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කර ඇති බව. ඔවුන්  පවසන්නේ සියලුම භාවිතාකරන්නන් සදහා මෙම යාවත්කාලීනය අදාල වන බවත් ප්‍රධාන ලෙස ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා භාවිතාකරන්නන් ඉලක්කකොට ගෙන හානිකර වෙබ් අඩවිකරා ඔවුන්ව ‍රැගෙනයාම සදහා උත්සාහ කිරීමේ පහර දෙන්නන්ගේ උපංක්‍රමයක් හදුනාගෙන ඇති නිසා ඔවුන් මෙම යාවත්කාලීනය කෙරෙහි වැඩි අවධානයක් ලබාදීම වැදගත් වන බවත්ය. මෙම යාවත්කාලීනය අංක 1 මට්ටමේ යාවත්කාලීනයක් ලෙස ආයතනය නම් කර ඇති අතර එලබෙන පැය 72 ඇතුලත එම යාවත්කාලීනය ලබා ගැනීම වැදගත් බවටත් පවසා සිටිනවා.
[ ... ]

වඩාත් පූර්න ආරක්ශක මෘදුකාංගයක් නොමිලේ......


නොමිලේ ලබා ගත හැකි වඩාත් පූර්න ආරක්ශක මෘදුකාංග කට්ටලය ලෙසට නම් කලහැකි මෘදුකාංග ගොනුවක් ZoneAlarm ආයතනය විසින් මේව වන විට  නිකුත්කර තිබෙනවා. ඔවුන්ගේ නිකුත්කිරීමේ නිවේදනයට අනූව මිලදී ගත යුතු සංස්කරනය හා නොමිලේ ලබා ගත යුතු සංස්කරන අතර වෙනස වනුයේ අමතර සේවාවන් කිහිපයක් හා යාවත්කාලීන ගොනු ලබා ගැනිමේ යාන්ත්‍රනය දිනකට වරක්(මුලදී ගත යුතු සංස්කරනයේදී මෙය පැයකට වරක් වේ) වැනි සාමාන්‍ය භාවිතාකරන්නෙකුට එතරම් ගැටලුවක් නොගෙනෙන අංග ලෙස නම් කර තිබීම දක්නට පුලුවන්.
                            ද්වි දිශා ෆයර් වෝලයේ 2013 සංස්කරනය සමග මෙම මෘදුකාංගය රූට්කිට් ආකාරයේ හානිකර මෘදුකාංග සදහාද සාර්තක ආරක්ශාවක් ‍රැගෙන එන බවටයි පැවසෙන්නේ. ලාබ නොලබන ආයතන හා පෞද්ගලික භාවිතය සදහා නිකුත්කොට ඇති මෙම සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.

http://www.zonealarm.com/security/en-us/zonealarm-free-antivirus-firewall.htm
[ ... ]

වින්8 ඉරනම විස්ටා හා සමානද??


වින්ඩෝස් 8 කෙරෙහි පැවති අවධානය ක්‍රමයෙන් අවම වෙමින් පවතින බවට තොරතුරුපල වනවා. හදාරන්නන් පවසන්නේ වින්ඩෝස් 7 හි බීටා සංස්කරනයට සාපේක්ශව මේ වන විට වින්8 කෙරෙහි පවතින අවධානය අඩක මට්ටමට පත්ව ඇති බවයි.ගතව ගිය සතිය සලකන විට "ඔන් ලයින් " මට්ටමේ පැවති වින්8 පෙර සංස්කරන සහිත පරිගණක වල ප්‍රතිශතය සියයට 0.11 දක්වා පහල අගයක දක් නට ලැබුනු බවයි. ඔවුන් පවසනවා වින්ඩෝස් 7 පෙර සංස්කරනයන් මුදා හැර පලමු දෙමාසය තුල ඔන් ලයින් ආකාරයෙන් භාවිතාවීම් සියයට 0.26 ක ප්‍රමානයක් පෙන්වූ බවයි.
                          විචාරකයින් පවසනවා වින්8 යනු මෙහෙයුම් පද්ධතියක් ලෙසට ඊ පෙර වූ සංස්කරනය වන වින්7 වලින් කැපී පෙනෙන දිගුවක් ලෙස අනන්‍යතාවයක් අත් නොකර ගෙන සිටීම මෙම අවභාවිතයට හේතුවක් විය හැකි බවයි.එසේම ඔවුන් පවසන්නේ වින්8 යනු භාවිතකල හැකි උපකරන පරාසයේ දිගුවක් ලෙසට මිස වැඩි සුව පහසු නවාංග සමග වින්ඩෝස්  එක්ස්.පී හා වින්ඩෝස් 7 ආකාරයේ වෙනසක් ‍රැගෙන එන්නෙකු වීමට නොහැකිව ඇති බවයි.එම කෝනයේදී විස්ටා වල ඉරනම වින්8 වෙතට පත්වීමේ අනතුර ඔවුන් මතක්කර දෙමින් සිටිනවා.
                           එම හැදෑරීම් වාර්ථාවන් පවසමින් සිටින්නේ විස්ටා තම නිල මුදා හැරීමේ සිට 29 වන මාසය වන විට වින්ඩෝස් භාවිතාවන පරිගණක වලින් සියයට 19 අත්පත් කරගෙන සිටිය මුත් වින්ඩෝස් 7 එම කාලය අවසන්වන විට සමස්ත වින්ඩෝස්  භාවිතවන පරිගණක වලින් සියයට 41 ක් අත්පත්කර ගන්නට සමත්ව ඇති බවයි.
                                          විස්ටා හා වින්ඩෝස් 7 තම බීටා සංස්කරන නිකුත් කොට පිලිවලින්  මාස අට හමාරක් හා නමයකින් අනතුරුව තම අවසන් සංස්කරනය නිකුත්කරන්නට කටයුතු කල බවත් ඒ අනූව සලකන විට වින්ඩෝස් 8 අවසාන සංස්කරනය එලබෙන නොවැම්බරයේ දෙවන භාගයේ නිකුත්වීමට බෙහෙවින් ඉඩ ඇති බවයි.
[ ... ]

හානිකර බව පැතිරීමේදී කාමුක අඩිවි පරයා ආගමික අඩවි ඉහලට.....


ප්‍රධාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගමක් පසුගියදා පවසා සිටියේ හානිකර බව පතුරන වෙබ් අඩවි ලෙසට ඉහලින්ම සදහන්ව තිබූ කාමුක වෙබ් අඩවි වෙනුවට ආගමික හා මතවාදී වෙබ් අඩවි එම ස්ථානය අත්පත් කරගමින් සිටිනු දක්නට ලැබෙන බවකි.එසේම පහර දෙන්නන් ගේ වැඩි අවදානයක් ලබා ගනිමින්  සිටින මොබයිල් උපකරන සමග ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක ගත වීමේ වැඩි ප්‍රවනතාවයක් ලබමින් සිටින බවකි.
                   එම ආයතනය පවසන්නේ ආගමික අඩවි වල හානිකර බවේ සාමාන්‍ය 115 ලෙසට හදුනා ගන්නා විට කාමුක අඩවි වල හානිකර බවේ සාමාන්‍ය අඩවියකට 25 ලෙසට ගනනය වෙමින් පවතින බවයි. එසේම ඔවුන් පවසන්නේ කාමුක අඩවි වල ආසාදිත බව සියයට 2.4 වන විට බ්ලොග් අඩවි වල සියයට 20 ලෙසට හදුනා ගනිමින් සිටින බවයි. ඔවුන් උපකල්පනය කරමින් සිටින්නේ ආගමික අඩවි වලට වඩා කාමුක අඩවි වල හිමිකරුවන් ඉපයීම් කරමින් සිටින බැවින් තම අඩවි වෙත නැවත පැමිනීම තහවුරු කරගැනීමෙහිලා වැඩි අවදානයකින් කටයුතුකරමින් සිටිනවා විය හැකි බවකි.
                        වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ 2010 හා 2011 අතර මැල්වෙයා(ර්) පැතිරීම සියයට 81 කින් ඉහල ගොස් ඇත්තේ ඒවා යේ විවිදත්වය අතින්ද සියයට 41ක ඉහලයාමක් සමග උවත් ස්පෑම් වල පැතිරීම නම් මද පසුබෑමක් (සියයට 88.5 සිට 75.1) දක්නට හැකි බවයි.පසුගිය කාලයේ ප්‍රධාන පෙලේ බොට් නෙට් කිහිපයක කඩා වැටීම මෙයට හේතු විය හැකි බවටයි එම වාර්ථා පවසන්නේ. පහත දැක්වෙන වගුව හැදෑරීමෙන් ඔබටත් මේ පිලිබද වැඩි දුර තොරතුරු ලබා ගත හැකි වනු ඇත.

 
[ ... ]

මැක් යලිත් අනාරක්ශිත බවක.........


හානිකර මෘදුකාංග තනන්නන්ගේ අවධානය තව දුරටත් මැක් හා ජාවා වෙතින් ඉවත්වී නොමැති බවටයි සටහන් වන්නේ.හදාරන්නන් පවසන්නේ පෙර  ජාවා දුර්වලතාවය  හරහා බොට් ආකාරයේ  නව පහරදීමක් හදුනා ගෙන ඇති අතර නව පහරදීමට පදනම් කරගෙන ඇති දුර්වල බව මැක් සදහා පමනක් නොව වින්ඩෝස් වෙතද පොදු ජාවා අවකාශයක්වීම සෙලකිය යුතු බවයි.
                                        ඔවුන් පවසනවා ආරක්ශක මෘදුකාංගයක විධිමත් ‍රැකවරනය වින්ඩෝස් භාවිතාකරන්නන් තුල වැඩි භාවිතාව නිසා මෙම නව හානිකරයද වැඩිලෙසට බලපාමින් ඇත්තේ මැක් පරිගණක වෙත බව දක්නට ඇති බවයි. එහෙත් නිසි ලෙස යාවත්කාලීන නොකල වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිද මෙමනව පහරදීමට හොද සහයක් පලවීම ගැන භාවිතාකරන්නන්ගේ අවධානය යොමු විය යුතු බවයි.මෙම නව ප්‍රවනතාවය ගැන සදහන් කරන හදාරන්නන් 2010 ඔක්තොබරයේදී හදුනා ගත්  "Boonana"  නම් මැක් හා වින්ඩෝස් වලට පොදුලෙස බලපෑ ට්‍රොජනය පිලිබද මතකය යලි අවදිකර සිටිනවා.
[ ... ]

ෆයර්ෆොක්ස් 13 බීටා නවාංග කිහිපයක් සමග....


SPDY ප්‍රොටකෝල ලේයරයේ සහය සමග වැඩි වේගයක් හා ආරක්ශාවක් සහිත සේවයක් ලබා දෙන්නට පොරොන්දු වෙමින් ෆයර්ෆොක්ස් 13 බීටා මෘදුකාංගය නිකුත්කොට ඇති බවටයි සටහන් වන්නේ. වෙබ් පි‍ටුවක් බ්‍රවුසරය මතට ලබා ගැනීමේ වේගය මෙන්ම  එන්ක්‍රිප්ට් සබදතාවය වඩා සාර්තකව සැපයෙන නව තාක්ශනය මෙම නව ප්‍රොටකෝල ලේයරය සමග ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ.
                                                නව සංස්කරනය සමග බ්‍රවුසරයේ නිවෙස්න පි‍ටුව වෙනස් මුහුනුවරකට සකසා ඇති බවත් ඒ තුලින් "හිස්ට්ට්‍රි" "බුක්මාර්ක්" ආදිය පරිහරනයේදී භාවිතාකරන්නා හට පහසු වනු ඇති බවටයි සටහන් වන්නේ. නව ටැබ් එකක දිග හැරීමේදී වැඩි පහසුවක්  හා කාර්යක්ශම භාවයක් භාවිතාකරන්නා සදහා පොරොන්දු වෙමින් පැමින ඇති මෙම නව සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔබටත් ලබා ගත හැකි වනු ඇත.
http://www.mozilla.org/en-US/firefox/beta/

[ ... ]
 

©2009 Pubudu Siriwansa | by TNB