2016-02-20

හතලිස් පස්වන කොටස..

             කඳු මුදුනත වන මාවත ඔස්සේ අප නිහඬවම බොහෝ දුරක් ඇවිද ගියෙමු. බටහිර බෑවුම පාමුලින් ගලා යන ගංගාව පැහැදිලිව පෙනෙන ඉසව්වක නතරව මදක් ගිමන් නිවන්නට නොදොඩාම එකගව ඇතීවාක් සේ අප පසකින් වූ ගල් තලාවක අසුන් ගතිමු. “සංස්කෘතිය කියන්නේ මිනිසුන් නිර්මානය කර ගතපූරුතම දෑ කියල කිව්වොත් මම හිතන්නේ හරි. සමහර වේලාවට ජීවිතය අර්ථදැක්වීමේ ඉදලා සියලුම කථාන්දරයන් නිර්මානය වීමේ පසුබිම මෙතැනය කියලා අපිට පිලිගන්නට වෙනවා ආගම්වාදී නැතිනම් දේශපාලනවාදී මතවාද ගෙනෙන්නන් මොනවා කිව්වත්” මම මද විරාමයක් තබා ඔහුගෙන් ප්‍රථිචාරයක් බලාපොරොත්තු වුනෙමි. ඔහුගේ නිහඬ බව මා වෙත දෙබස ඔස්සේ ඉදිරියට යන්නට ආරාධනාවක් විය යුතුය. “ඉතින් උපතක ඉදලා විපතක නැතිනම් ගොඩ නැගීමේ ඉදලා නැවත බිඳ වැටීම දක්වා වන පුද්ගලයා කියන ශක්තිචලනයෙන් පරිසරයට වන ගනුදෙනුව තීර්නය කරන මේ සංස්කෘතිය කියන ප්‍රේම් එක නිවැරදිව පිහිටා නොතිබීම සකල විද ගැටලු නිර්මානයට පලමු පදනම වෙනවා. ඒ අතින් මේ සංස්කෘතියට පුලුවන් වෙලා තිබෙනවා අපූරු කලමානාකරනයක් මෙහිවන ජීවිතවලට ගෙන්න්නට. දියුනු කියලා අප විස්වාස කරන සංස්කෘතීන්වල ඒ දියුනුවම කියල අප හඳෞනා ගන්නා ලක්ෂන නිර්මානය කර ගන්නට මෙන්ම ‍රැක ගන්නම මේ සංහිදියාව කඩා දැමීමේ කොන්දේසිය ඉහලින්ම පවතිනවා කියලා මම දකිනවා.” ටිබෙටියානු මිතුරා නිහඬය. පහතින්, දුරින් පෙනෙන නිසලව ගලා යන ගංගාව මතුපිට ඉදහිටක මතුවෙමින් සෙමින් මැකීයන පැහැදිලි අපැහැදිලි දියරල ඔහුට භාවනා නිමිත්තක් දී ඇතුවා සේය. (67)
                    ටිබෙටියානු මිතුරා මද විරාමයක් අනතුරුව පැහැදිලි යෝජනාවක් කරන්නට උත්සාහ කලහ. “මම හිතන්නේ ඔබ යෝජනා කරන්නේ වසර සිය දහස් ගනනක් පැරනි අපේ සංස්කෘතික ආකෘතිය තවදුරටත් ප්‍රායෝගික නැති බව වෙන්නට ඔනෑ. වඩාත් පැහැදිලිව කිව්වොත් ජීවවිද්‍යාත්මක හා ප්‍රාතමික සංස්කෘතීන් මුලික ආකෘතියක සිට අපට අවශ්‍ය වෙලා තිබෙනවා වඩාත් සංකීර්න දියුනු ආකෘතියක් කරා යන්නට. කොටින්ම කිව්වොත් වඩාත් දියුනු මානසික තලයක සිට ක්‍රියාත්මක වන අවට ලෝකය මීට වඩා සාර්ථකව පාලනය කරන මිනිසෙක් නිර්මාණය කර ගන්නට.” ඔහුගේ විමසිලිමත් බැල්ම අපගේ දෙබස දිගේ වඩාත් ගැබුරට යන්නට මට ආරාධනවක් සේය. “මමත් හිතනවා., මට මතකයි වරක් අපේ හැදෑරුම් ආයතනයට පැමිනි සංචාරක දෙශකයෙකු මතුකල අපූරු අදහසක්. ඔහු කියනවා පාලනය කිරීම ඔස්සේ පරිසරයෙන් අපට එන බොහෝ ගැටලු වලට පලමු හේතුව තමයිලු ඒව හරිම ප්‍රාතමික විදිහට පාලනය කරන්නට උත්සාහ කිරීම. මම හිතනවා මේ ගැමියෝ වගේ විය යුතුයි කියලා. ඔවුන් පරිසරය සමග ගැටෙනවා වෙනුවට සහයෝගයෙන් කටයුතු කරනවා. හරියට පෘතුවි ජීවදාමයේ ඉහලින්ම සිටින ජීවියා තමා උනාට ඒ ගැන වැඩිය ආඩම්බර නොවෙනවා වගේ ස්වභාවයක් ඔවුන් තුල තිබෙනවා. ඇත්තෙන්ම ඔවුනුත් තම පරිසරය වෙනස් කරනවා තමයි. හැබැයි හරිම සංයමයකින්. එරෙහිව නොවෙයි සහයෝගයෙන්. හරියටම කිව්වොත් ගැමියා කියන වචනයට පවා නව අර්ථයක් ඔවුන් ඇසුරේදී අපට අලුතින් සොයා ගන්නට සිදුවෙනවා”. අප සටහන වඩාත් අර්ථවත් තලයකට කැඳවන්නට අවශ්‍ය ප්‍රධාන කරුනු බොහොමයක් ‍රැස්ව ඇති බව පැහැදිලිය. ඇයගේ අපූර්ව සහයෝගය උනන්දුව සමග යලිත් උද්‍යානය, නගර කෙරවලේ වන කඳුමුදුනත, අවන්හල වැනි මිත්‍ර පරිසරයන් වඩාත් නිර්මාණශීලීව මේ සටහන් තබ අවසන් කරන්නට අපට සහය වනු ඇත. (68)
www.tharuminisa.com