2014-11-01

ඔබට මතකද අර උදයාන සිතුවම් දැක්මේ තිබුනු එක් චිත්‍රයක් නම් කර තිබුනා 'මව නැවත හමුවීම' කියලා.....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (46)

  "අපි ටිකක් නැවතිලා යමුද?" අදුරට පෙර දැල්ව ඇති පහන් කනුවකට යාබදව වූ අසුන් පෙලක් දක්වමින් ඇයට අසුන් ගන්නට ආරාධනා කරන ලද්දේ ඒ සදහා ඇගේ ප්‍රතිචාරයද නොතකමිනි.  ඉතිරිව ඇත්තේ ඉතා කෙටි කාලයකි. ජීවිතයේ සිදුවූ අපූරුතම හමුවීමකින් සමුගන්නට දින නියම වී ඇතිය. හැදෑරුම් සටහන් අතර සිරව සීමාවක් රටාවක් නැතිව ගලා ගිය ජීවිතයට මද හෝ විරාමයක් හමුව ඇතියා සේ දැනේ. හමුවූවාටත් වඩා වේගයකින් සමු ගන්නට සිදුවීම වචන කල නොහැකි රිදුමක්ව අත්මය පුරාවට දිව යන්නා සේ හැගේ. "දන්නවද, ඔබ හමුව නිසා ගෙවී ගිය කාලයනිසාම මට අධ්‍යාන ආයතනය සමග වුනු ගිවිසුම දීර්ඝ කර ගන්නට අතපසු උනා. පෙර වසරේදී එකග වූ මීලග ආයතනය සදහා සේවයට වාර්ථා කරන්නට පෙර දැනුම් දීම පැමුනුනාම තමයි තත්වය මතක් වුනේ. දැන් මම පරක්කු වැඩියි" දැඩි අපහසුතාවයට පත්ව මම පවසන්නට විනි. "සමහර විට ඔබට වැරදීමක් වෙන්න බැරිද.? මම කියන්නේ මම විශේෂ කෙනෙක් වෙන්නේ කොහොමද? ඔබට ඔනෑ තරම් මිතුරියන් හිතවතියන් හමු වෙලා ඇති." ඇය පවසන්නට අවශයව ඇත්තේ තත්වය මදක් හෝ සංසුන්  වන යමක් මිස සැබෑව කුමක් දැයි නොදන්නා නිසා නොවන බව මට හැගිනි.  "මම හිතන්නේ ඔබ මට වඩාත් විශේෂ කෙනෙක්. ඔබට මතකද අර උදයාන සිතුවම් දැක්මේ තිබුනු එක් චිත්‍රයක් නම් කර තිබුනා  'මව නැවත හමුවීම' කියලා. ඔබට තේරුනාද එහි ඇඳ තිබූ තරුනියගේ රූ සටහනට මතුපිටින් ඉස්මතු කරලා තිබුනා ආරක්ශිත බවක් හැගෙන රූ සටහනක්. මතකද එම සිතුවමේම පසකින්  කුඩාවට දක්වලා තිබුනා අනාරක්ශිතව වේදනාවෙන් සිටින කුඩා දරුවෙකු ගේ සටහනක්. ඔබ සිතනවාට වඩා සංකීර්න මානසික ක්‍රියාවලියක් එතන තිබුනා." වෛද්‍යවරියක වූ ඇයට වඩාත් දේ පැහැදිලි කරන්නට අවශ්‍ය නොවිනි. 
        Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...