2014-10-20

Windows 10 පැමිනෙමින් ඇත.

  ලොව බහුලතම Pc ප්‍රමානයක ධාවනය වන්නේ Windows මෙහෙයුම් පද්ධති වේ. මෙම මෙහෙයුම් පද්ධති සංස්කරන බොහොමයක් වේ. ඒවා අතරින් දැනට භාවිතය අවසන් වෙමින් ඇති මෙහෙයුම් පද්ධතිය ලෙසට Windows XP සැලකිය හැකි අතර windows 7 බහුල භාවිතාවක් අත්කර ගෙන සිටින මෙහෙයුම් පද්ධතිය ලෙසට සලකන්නට පුලුවන. windows 7 පද්ධතියටව් පසුව පැමිනි windows 8, 8.1 තීරනාත්මක වූ අතර ඒවා Desktop මූලික පරිගණක භාවිතාව Tablet මූලික භාවිතාවකට ඉලක්ක කර ගනිමින් නිර්මාණය වූ ඒවා ලෙසටද පිලි ගැනේ. එපමනකුදු නොව මෙම 8 හා 8.1 පද්ධති සමග පරිගණකයේ ධාවනයට අවශය මෘදුකාංග ඔවුනගේම app store වලින් ලබා ගන්නට වන යන්ත්‍රනයක්ද (Apple නැතිනම් Android වල මෙන්) හඳුන්වාදීමටද කටයුතු කරන ලදී. වඩාත්ම තීරනාත්මක අහිමි කිරීමක් හා හදුනවාදීමක්ද මෙම සංස්කරනය සමග සිදුවූ අතර එය නම් Desk Top භාවිතාවේදී වැදගත් වන Mouse මෙහෙයවීම මිත්‍ර Start Menu ව අහිමි කෙරුනු අතර වඩාත් Touch Screen මිත්‍ර Start Screenය හඳුන්වා දීමට කටයුතු කෙරෙනි. මීට අමතරව Tablet භාවිතාවේදී වඩාත් ප්‍රායෝගික Charms Bar භාවිතාවක් ගෙනෙන ලදී. පැමිනි වෙනස්කම් බොහොමය සමග මෙම මෙහෙයුම් පද්ධතිය තම නව සංස්කරනය සමග ලබා ගත්තේ සුමට හැරවීමකට වඩා තීරනාත්මක එකක් බව එම ආයතනයට පසක් කර දෙමින් නව මෙහෙයුම් පද්ධතිය බලපොරොත්තු වූවාට වඩා අඩු වේගයකින් භාවිතාකරන්නන් වෙතට පැමිනීම සිදුවිය. පසුව එම ආයතනය නිකුත්කල අනු සංස්කරන සමග පලමුවෙන් එහි තවත් app එකක් ලෙසට පමනක් පත්කර තිබූ පැරනි Desk Top මිත්‍ර මුහුනත වෙතටකෙලින්ම Boot වීමේ පහසුව මෙන්ම Full Screen ලෙසට පමනක් ධාවන වන ලෙසට සැකසී තිබුනු App මුහුනතවල් වලටද අවශ්‍ය විටකදී Task Bar අවධිකර  ගැනීමේ හැකියාව මුසුකර තිබිනි.
                                මේ වන විට ඔවුන් තමන්ගේ මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනයද නිවේදනය කර ඇති අතර එහි පෙර සංස්කරනයක්ද නිකුත් කරන්නට කටයුතු කර තිබේ. Start Menuව නව app සබඳතාද සමග මුසුකර යලි නිර්මාණය කර ඇති අතර තවත් නව අංගයන් කිහිපයක් සමග පැමිනෙන බවට පොරොන්දුව ලබා දී ඇත. දැනය නිකුත්ව ඇති සංස්කරනය ආයතනික මට්ටමේදී අවශ්‍යතා සමග අත්හදා බැලීම සදහා වැඩි අවධානයකින් නිර්මාණය කර ඇති අතර එල බෙන වසරේ මුල් භාගයේ පැමිනෙන සාමාන්‍ය භාවිතාකරන්නාහට ඉලක්කවන පෙර සංස්කරනයේදී ඒවායේ නිමැවුම වඩාත් ස්ථීරව අත්හදා බලන්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
                                    එම නව අංග අතර Cortana ලෙසට නම් දරන Microsoft ඩිජිටල් තාක්ශන සහයක මෘදුකාංගය ඔස්සේ භාවිතාකරන්නෙකුට තොරතුරු සෙවුමක සිට පනිවිඩයක් යැවීම දක්වා ශ්‍රව්‍යව මෙහෙයවීමට හැකි වන අතර එම හැකියාව පරිගණකය තුලට මෙන්ම අන්තර්ජාලය තුලට දක්වා වන විශාල වපසරියක ක්‍රියාත්මක වන ලෙස සැලසුම් ව තිබීම භාවිතාකරන්නා හට තම තොරතුරු භාවිතාවට නව මිහුනුවරක් ගෙනෙනු ඇති බවටයි පැවසෙන්නේ. මීට අමතරව භාවිතාකරන්නාගේ මුහුනතවල් උපාංග අනූව වෙනස් විය හැකි වුවද Smart Phone වල සිට Desk Top දක්වා සියලු උපකර සදහා එකම app භාවිතාවක් ගෙන ඒම වඩාත් පහසුවක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
                                                                                                                                     Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...