2014-10-10

උපතින් පසුව ජීවිතේ සිදුවුනු තීරනාත්මක හැරවුමක........(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (25)

  එය සඳ මෙහෙවරට අයිති දවසක් වීම අප දෙබසට පහසුවකි. කෙමෙන් වලාකුලු අතරින් මෝදුවන අඩ සදු රුක්ෂ අතුපතරින් පෙරී පොලව මතට එන්නේ මහත් කම්මැලි ගමනින් ලෙසටය. ඈත ගම්මානයේ තැනින් තැන වන නිවේස් වලින් දැල්වෙන ගිනි මැලයන් පවසන්නේ පැහැදිලි අහස සමග අදත් තොරතුරු ගනු දෙනුවකට සූදානම් වෙමින් තිබෙන බවකි. මිනිසා යනු තවමත් හරි හැටි නොහැදෑරුනු විෂයකි. බෙදා වෙන් කරගත් විෂයන් කිහිපයක් ඔස්සේ ඔවුන් සෑහීමකට පත්ව සිටියද තවමත් ඔවුනට සංවෘතව පවතින කරුනු බොහෝම බව කලින් කලට හදාරන්නන් යෝජනා කර සිටිති. " කොටින්ම ඔබ "ඔබම" හරිහැටි නොදන්නා  කෙනෙකි". සමස්තයක් ලෙසට ඔවුන් යෝජනා කර සිටින්නේ මේ නිසා විය යුතුය. ආශ්‍රමය වැනි තැන් එක් අතකින් පර්යේක්ෂානාගාර බඳුය. ඔබට ඔබ වෙතට එබී බලන්නට අවශ්‍ය පරිසරය හා අවශ්‍ය විට සහය සූදානම්ව එහි ඇත. ඔබ ගොඩ නැගෙන අයුරු ඔබටම පහදා ගැනීමට එහිදී සහය වන්නේ වෙන නිසිම ආකාරයකට එම එබී බැලීම කල නොහැකි නිසා වෙනි.
                                              "දන්නවද , සමහර ජීවිතේ කාරනා තියෙනවා ගොඩක් විශ්ලේෂනයට සුදුසු නැති. සමහර අර්ධ අපැහැදිලි  දේ කවරදාකවත් උවමනවට වඩා පැහැදිලි කර ගන්නට උත්සාහ නොකල යුතුයි. ඒහෙම කලාම වෙන්නේ අර දේ සමග තිබුනු පූජනීය ගෞරවනීය බව අවසන් වනවා. මම හිතන්නේ ලොකු ස්වමීන්වහන්සේ සමග ඔනෑවට වඩා ඔබේ ඔය මානසිකත්වය විවෘත කරන්නට උත්සාහ නොකල යුතුයි. සමහර විටක කඳු මුදුනතේ විහිදේන අඩි පාරවල් දිගේ ඔහේ ඇවිදයන කොට ටික දිනකින් ඔවා සියල්ල අමතකව යාවි." ඔහු සමහර විට මම ඉතා අපහසුවට පත්වන තරමට එය ගැටලුවක් කොටගෙන සිටිනවා යැයි උපකල්පනයකට පිවිස සිටිනවා විය යුතුය. "මට මේ හැගීම් රටා බොහොම ප්‍රිය ජනක සිහින් වේදනාවල් වගේ. අත්පත් කර ගැනීමේ හැගීමකට වඩා බෙද හදා ගන්නට අපූරු ප්‍රිය තැනක් හමු උනා වගෙයි දැනෙන්නේ. හරියට ඔබ තුමා වගේ" මම පැවසුවෙමි. කිසිදිනක එම හමුව අමතක කල නොහැකි වනු ඇත. "උපතින් පසුව ජීවිතේ සිදුවුනු තීරනාත්මක හැරවුමක පසුබිම එම සිදුවීමයි, මතකද මම ඔබට කීවා නිම කර ගත නොහැකිවූ පොත් කිහිපයක්ම තිබෙන බව. අපගේ හමුවට පසු වසර ඇතුලත ඒ සියල්ලම සාර්ථකව අවසන් කරන්නට මට හැකි වුනා. අලුතුන් නිබන්ද කිහිපයක්ම අවසන් කරන්නට අවශ්‍ය මානසික සාමය ගෙනෙන්නට ඇය හේතුවක් උනා" මිතුරා හට බොහෝ දේ පැහැදිලි කරන්නට අවශ්‍යව ඇත .(www.siriwansa.blogspot.com)
                                                                                                                                Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...