2014-10-07

"ඔබ මගේ විසිරීතිබූ මනස එක්තැන්කල කාචයක් කියලා කිව්වොත් හරියි මම හිතන්නේ".(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (22)

  පැමිනෙන අඩ අඳුර විසල් රුක්ෂයන්ගේ පත්‍රවල යට පස අදුරින් වසාලන මොහොත සැදෑවක අපූරත්වයේ උපරිමය ලෙසට මට දැනේ. පසුබිමින් පෙනෙන සැදෑ හිරු කෙමි වලින් දිලෙන වලාකුලු පොදි මෙන්ම ඈතින් යාන්තමට දිලෙන ගම්මාන කඳුවැටිය මේ විසිතුරු බව වඩාත් ඔපවත් කරන්නාක් බදුය. තැනින් තැන් වන නිවෙස් වල දැල්වෙන පහන් සිලු මේ අපූරත්වය වඩාත් වර්නවත් කරන්නේය. පමාවී කැදලිකරා පියා සලන පක්ෂීන් ‍රැන් මේ සිත්තමට අවසන් පින්සල් සටහන් තබනවා වැනිය.
                                 "අපේ මිත්‍රවයේ සංශිප්තයක් මට කියන්න පුලුවන්ද?" වරක් සෑදෑකදී අවන්හලේදී ඇය විමසා සිටියාය. ප්‍රකට බටහිර පියානෝ වාදකයෙකුගේ ඉතා සෙමින් ගලායන ස්වර සංකලනයන් ගෙන් අවන්හල කන්කලුවද තිබිනි. "ඔබ මගේ විසිරීතිබූ මනස එක්තැන්කල කාචයක් කියලා කිව්වොත් හරියි මම හිතන්නේ". එය සැබෑවකි. ඊට පෙර වසර ගනනාවක් තිස්සේ මාකල කිසිදු දේශනයකදී අත්පත්කර ගත නොහැකි මට්ටමේ විෂය කෙරෙහි නාභිගත වීමක් මටම දැනෙමින් තිබිනි. "දැනෙමින් තිබූ මනසේ අඩු කොටසක් ඔබ නැවත සොයා දුන්නා වගේ හැගීමක් මට දැනෙනවා වගෙයි" කියා කියන්නට මට අවශ්‍ය වුවද එය සීමාව ඉක්මවා යාමක් ලෙසට දැනෙනු ඇතැයි මනසට හැගිනි. වරක් ටිබෙටියානු මිතුරා මිත්‍රත්වය ගැන කල අපූර්ව සටහනක් මතකයට පිවිසේ. " දන්නවද, කවුරු හරි මිනිස්සු මවන එක්කෙනා තමන් මවන මිනිස්සුන්ගේ මනසවල් වල කුඩා කොටස් හරිම  නපුරු විදිහට වෙන් කරලා වෙනත් මිනිසෙකුගේ මනසට එකතු කරලා දානවලු. කලාතුරකින් හරි අපිට සමහර මිතුරන් හමුවුනාම ජීවිතය නැවත හමුවුනා වගේ සතුටක් දැනෙන්නේ ඒ නිසාලු" විසුලු සහගත ප්‍රබන්ධයක් ලෙසින් පැවසූවද එහි බරපතල ආකාරයේ අරුතක් ඇතැයි අද මට විස්වාසයක් නැගේ.
                                                                                                                                    Pubudu Siriwansa