2014-07-14

මෘදුකාංග සමග කල්පනාකාරීව වගකීමකින් කටයුතු කරමු!!!!

 නව පරිගණකයක් සමග හෝ නව දෘඩ තැටියක් සමග මෙන්ම භාවිතාකරමින් සිටින පරිගණකයට නැවත අලුතින් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමේදී වඩාත් සැලසුම් සහිතව සිදුකිරීම වැදගත්වේ. ඔබගේ පරිගණකය භාවිතාකරන්නට බලාපොරොත්තුවන ප්‍රධාන ඉලක්ක සිහිතබා ගනිමින් එම සැලසුම් සකස් කිරීම වැදගත් වනු ඇත. ඔබ සතුව ඇති තරම් විවිධ මෘදුකාංග අඩංගු තැටි තිබීම හා දෘඩ තැටියේ ඉඩකඩ තිබීම පමනක් මෙහිදී වැදගත් කාරනා නොවන අතර පරිගණකය සමග ඔබ කරන්නට බලාපොරොත්තුවන කාරනා පිලිබදව ප්‍රථමයෙන් සැලකිල්ලට ගත යුතුය. මෙහෙයුම් පද්ධතිය , ආරක්ශක මෘදුකාංග හා පරුගනකයේ යහ පැවත්මට සහය වන අමතර මෘදුකාංග මුලින්ම සැලකිය යුතු ලෙසට පිලි ගැනෙන අතර ප්‍රධාන ආරක්ශක මෘදුකාංගය සමග නොපැමිනෙන  අමතර ආරක්ශක අංග සදහා බාහිර මෘදුකාංග විමසා බලා තොරා ගැනීම වැදගත්වේ. firewall මෘදුකාංගයක් Spam Filter වැනි මෘදුකංගයක් ආදී ලෙසට වර්ථමාන සංකීර්න භාවිතාවෙදී බහුලව අවශ්‍යවන ආරක්ශක අංග පිලිබදව සැලකිලිමත්වීම මෙන්ම ප්‍රධාන ආරක්ශක මෘදුකාංග සමග ඒවා පැමින නැතිනම් අන්තර්ජාලය ඔස්සේ සොයා බලා නොමිලේ හෝ ගෙවීම්  කලයුතු මෘදුකාංග සංස්කරනයක් තොරා ගැනීම වැදගත් වේ. කොතරම් සහතිකකරන ලෙසට මුත් අනිසි ලෙස සංක්‍රීය කරන ලද මෘදුකාංග භාවිතය  හානියක් සදහා විවර වීමක් වන බැවින් විශේෂයෙන් ආරක්ශක මෘදුකාංග භාවිතයේදී නම් මිලදී ගත යුතු සංස්කරනයකට යා නොහැකි නම් නොමිලේ භාවිතාකල හැකි සංස්කරනයකට යාම හිතකර වනු ඇත.
         නිතර මෘදුකාංග ස්තාපනය හා අස්තාපනය එතරම් හිතකර නොවේ. ඒ සදහා හේතු රාශියකි. පලමු කොට ඔබ ස්තාපනය කරන මෘදුකාංගයක සියලුම කොටස් පසුව අස්තාපනයේදී ඉවත්ව නොයෑම සැලකිය යුතුය. ක්‍රමයෙන් පරිගණකය තුල අනවශ්‍ය මෘදු අපද්‍රව්‍ය ‍රැස් වෙන ස්තානයක් බවට පත්වන්නට පටන් ගත්විට බොහෝ ගැටලු ඇති විය හැකි අතර එම ශේශයන් අතර සංක්‍රීය මට්ටමේ කොටස් ඉතිරිවීමවඩාත් හානිකර විය හැක. පෙරදී කරන ලද සැලසුමක් ඔස්සේ තොරා ගත් මෘදුකාංග පමනක් සොයා බලා ඒවා ස්තාපනයට කටයුතු කිරීම මෙන්ම නොවැලැක්විය හැකි ලෙසට නිතරම මෙම ස්තාපන / අස්තාපන කටයුතු සිදු වන්නේ නම් එසේ මෘදුකාංගයක් අස්තාපනයේදී  වඩාත් කල්පනාකාරීව සහය වෙමින් හැකි සියලුම පාහේ අස්තාපනය කරන මෘදුකාංගයට අදාල කොටස් ඉවත්කර ගන්නට සහය වන අමතර මෘදුකාංගයක් සොයා බලා එය ස්තාපනය කර ගැනීම සැදගත් වනු ඇත. විශේෂයෙන් ආරක්ශක මෘදුකාංග අස්තාපනයේදී භාවිතයට ගතයුතු සහය මෘදුකාංග එම ආයතනයන් විසින්ම නිකුත්කරන්නට කටයුතු කරන අතර බොහෝ පිලිගත්මට්ටමේ මෘදුකාංග සමාගම්ද තම මෘදුකාංගයන් සදහා අස්තාපනයේදී භාවිතාකරන්නට සහය මෘදුකාංග නිකුත් කරන්නට කටයුතු කරන අතර එම නිෂ්පාදකයින්ගේ වෙබ් අඩවි පිරික්සීමෙන් මෙම මෘදුකාංග ලබා ගන්නට හැකි වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...