2014-04-01

දස වස සමරන Gmail සේවාව

  ඒ 2004 වර්ෂයේ අප්‍රේල් පලමු වෙනිදා වුවාය. ඒ වන විට නොමිලේ භාවිතාකල හැකි ඊමේල සේවාවන් දෙකක් විය. එනම් Yahoo හා Hotmail සේවාවන් දෙකයි. Google ආයතනය 1GB අවකාශයක් සමග හඳුන්වා දුන් Gmail සේවාව බොහෝ දෙනාගෙ අවධානය දිනා ගන්නට සමත්විය. හදාරන්නන් පසුකාලීනව මෙම  නව පැමිනීම විග්‍රහ කරන්නට යාමේදී එය ගෙන ආ වෙනස හඳුන්වන්නට "conversations" යන වදන යොදා ගැනීමේන්ම එය ඇතිකල වෙනස පිලිබදව යම් අදහසක් අපට ලබා ගන්නට හැකි වනු ඇත. දස වසක් ඇවෑමෙන් අද සලකන විට Gmail යනු ලොව ඊමේල් සේවාවන් අතරින් වැඩිම භාවිතාවක් ලබා ගත් සේවාව බවට පත්ව ඇත.
       Paul Buchheit විසින් තම පුද්ගලික ව්‍යාපෘතියක ලෙසට අරබන ලද මෙය පසුව Gmail team විසින් JavaScript මූලිකව ගොඩ නගන්නට මූලිකව කටයුතු කල බවට වාර්ථා වන අතර පසුව එවකට භාවිතාවෙ නොතිබුනු නවාංග රාශියක් HTML වැනි දියුනු කිරීම් සමග ගෙනෙන්නට කටයුතු කරන ලදී. ඉතා කුඩා ‍තෝරා ගත් අත්හදා බලන්නන් කන්ඩායමක් සමග ඇරබි එහි භාවිතාව කෙටි කලකින් කොතරම් ජනංප්‍රිය වීද යත් එහි Gmail invite codes නැතිනම් එම සේවාවට එක්වන ලෙසට ආයතනයෙන් නිකුත්කල ඇරයුම් පත් e Bay වැනි තැන් වල අලවියට තැබීම වැනි සිදුවීම් පවා සිදුවිය. අවසානයේ 2007 වසරේදී මෙම සේවාව සාමන්‍ය භාවිතාවට විවෘත වූ අතර වර්තමානය වන විට "Sponsored Links" වැනි දේ සදහා ඔවුන් ඊමේල වෙතට අනවසර එබී බැලීම් කරන බවට වන චෝදනා වැනි කාරනා සමගද ලොව වැඩිම භාවිතාවක් ලබන ඊමේල් සේවාව ලෙසට කැපී පෙනෙන සේවාවාක් සිටින අතරම ඔවුනගේ නව සංස්කරනයන් සමග අනෙකුත් ආශ්‍රිත සේවාවන් සමග ඒකා බද්ධ කරමින් ඊමේල් භාවිතාව වෙතට වඩාත් නම්‍ය ස්වරූපයක් ගෙන දෙමින් සිටී

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...