2014-03-03

බ්‍රවුසර යුද්දේ අලුත්ම තත්වේ!!!!

  පලවන නවතම වාර්ථා පවසන්නේ internet explora 11 යනු  දෙවන ස්ථානයේ ලොව වැඩිම භාවිතාවක් ඇති බ්‍රවුසරය බවට ගනනය වෙමින් ඇති බවකි. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය ඔක්තෝබරයේ එය මුලින්ම හදුනවාදුන්නේ Windows 8.1 සමග වන අතර පසුව නොවැම්බරය වන විට Windows 7 සදහාද හදුන්වාදෙන්නට කටයුතු කරනු ලැබුවා. හදුන්වාදීමෙන් පස් මසක් ගත වෙද්දී ලොව දෙවන වඩිම භාවිතාවක් ලබන බ්‍රවුසරය බවට මෙම සංස්කරනය ගනනය වී ඇත්තේ  Net Applications විසින් වෙබ් අඩවි 40000ක් මතට සිදුවූ unique visitors මිලියන 160ක් ඇසුරෙන් බවටයි වාර්ථා වන්නේ. කෙසේ වෙතත් තවමත් වැඩිම භාවිතාවක් ලබන බ්‍රවුසරය ලෙසට ගනනය වන්නේ XP, Vista, 7 and 8/8.1 පද්ධති සදහා සහය දක්වන IE8 බවටයි ගනය වන්නේ. ෆෙබරවාරි මාසය ඇසුඑර්න් මෙම ගනය සිදුවී ඇති අතර එහිදී IE8 සදහා 21.78%ක් ලෙසට වාර්ථා වනවා.IE11 සදහා 12.80% එම ගනනය වීම් වාර්ථා වනවා.
          Google's Chrome 32  බ්‍රවුසරය 9.86% ක්  වාර්ථා කරමින් තෙවන තැනටද මෑතකදී නිකුත්වූ Chrome 33 3.70% ක් වාර්ථා කරගන්නට කරගන්නට සමත්වූ බවටයි සටහන් වන්නේ. IE9 හා IE10 තෙවන හා හතරවන මට්ටමට සටහන් වන්නේ පිලිවලින් 8.80% හා 8.04% ක භාවිතාවක් අත්කරගනිමින් වන අතර Firefox වල 27 හා 26 සංස්කරන පිලිවලින් 7.90% හා 5.78%ක් ලබා ඇති බවටයි වාර්ථාවන්නේ. සමස්තයක් ලෙසට සැලකීමේදී IE 59.19 ක් ද , Firefox  17.68ක්ද , Crome 16.84ක්ද , Safari 5.67 ක් ද , Opera 1.23 ලෙසට ප්‍රතිශතයක් ලෙසට ලොව බ්‍රවුසර භාවිතාව ලබමින් ඇති බවටයි මේ වන විට වාර්ථාවන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...