2014-02-12

Windows XP සමග තවත් වැදගත් මෘදුකාංග සදහා සහය අවසන් වෙමින් ඇත....

  මයික්‍රසොෆ්ට් වෙතින් එලබෙන අප්‍රේල් 8 දායින් සහය අවසන් වන්නට ඇති වින්ඩොස්XP පමනක් නොව office 2003 හා Exchang 2003 ද වන බවට ප්‍රකාශ වනවා. ආයතනය පැහැදිලි කරන්නෙ මොන මෙහෙයුම් පද්ධතියක් සමග බාවිතා වෙමින් තිබුනද මෙම අනෙකුත් මෘදුකාංග දෙක සදහාද මෙදිනින් පසුව සහය අවසන් වීම සිදුවනු ඇති බවයි. විස්ටා මෙන්ම , අමතර වැය , කාලය වැනි සාධක බොහොමයක් නිසාම වින්ඩොස් XP මෙන්ම Office 2003 වල සිට Office 2007 දක්වා upgrade නොවීම සිදුව ඇති බවටයි ආයතනය පැහැදිලි කරන්නේ. සමහර විටක තීර්න ගන්නන් මෘදුකාංගයක නව සංස්කරනයක් සදහා පැමිනීමට ආරක්ශාව , ක්‍රියාකාරීත්වය , නවාංග ආදී සාධක අමතක කිරීම හුදු වෙළඳමය උපාංක්‍රමයක් ලෙසට පමනක් ගැනීම සාර්ථක තීර්නයක් නොවනු ඇති බවටයි විචාරක මතය වන්නේ.
              කෙසේ වෙතත් හදාරන්නන් පවසන්නේ තව දුරටත් Office 2003 භාවිතාවට අවශ්‍ය වන්නන් සදහා ගත හැකි ආරක්ශක උපංක්‍රම අතර default මට්ටමින් macros නතර කොට දැමීම වැදගත් වනු ඇති බවටයි. මයික්‍රසොෆ්ට් සමාගම office 2003 හා Office 2010 නිකුත්කිරීම අවසන් කොට ඇති මුත් සමහර online retailers සමග 2010 සංස්කරනය ඇති අතර ඩොලර් 100 - 840 අතර මිලකට ගත හැකිව තිබෙනවා. එපමනක් නොව හදාරන්නන් විකල්ප යෝජනාකරන්නටද කටයුතු කරනවා. OpenOffice මෙන්ම LibreOffice වැනි සාර්ථක මට්ටමේ නොමිළේ භාවිතාකල හැකි  විවෘත මෘදුකාංග පිලිබදව අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. ආයතනික මට්ටමේදී බොහෝ විට Windows XP හා Office 2003 මෙන්ම Exchange Server 2003 භාවිතාවීම සිදුවන අතර 2015 ජුලි 15 මයික්‍රසොෆ්ට් වෙතින් ඒ සදහාද නිල සහය අවසන්වීමට නියමිත බවත් පැවසෙන අතර Office for Mac 2011 Service Pack 2 (SP2) සදහාද සහය අවසන් වීමත් අප්‍රේල්8ට යෙදී ඇති නිසා  Service Pack 3 ලබා ගැනීම එම භාවිතාකරන්නන් සදහාද වැදගත් වනු ඇති බවටයි මතක්කර සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...