2014-02-05

Microsoft නව සභාපතිවරයා John Thompson

  ගතවගිය වසර 14ක කාලය තුල පලමු වතාවට මයික්‍රසොෆ්ට් වෙතට එහි සම නිර්මාතෘ Bill Gates හැරුනවිට නව සභාපතිවරයෙකු මේ වන විට පත්ව සිටී. නමින් John Thompson වන මෙතුමා ආයතනයේ නව CEO වරයා පත්කිරීම සදහා ක්‍රියාත්මකවූ කොමිටියෙහි  ප්‍රධානියා ලෙසටත් කටයුතු කල අය බවටයි සදහන් වූවේ. වෙබ් අවකාශය වෙතට දැනට නිකුත්ව ඇති එතුමාගේ කෙටි අදහස් දැක්වීමේදී ආයතනයේ නව CEO වරයාගේ පත්කිරීම පිලිබදව පැහැදිලි කරමින් පවසා සිටින්නේ තාක්ශනය මෙන්ම  වෙළඳ පොල සමග කටයුතු කිරීමේදී නව CEO වරයා ඔප්පුකර ඇති කුසලතාවයකින් හෙබි බවට තමන් විස්වාස කර ඇති බවයි. එසේම තම නව තනතුරෙහි කාර්යභාරය පිලිබදව අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ ආයතනයේ කොටස් කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් වඩාත් ආකර්ශනීය දෑ වෙළඳ පොලට යවමින් ඔවුනගේ ආයෝජනයන් සදහා වඩාත් වටිනාකමක්  ලබාදීම තම අරමුන වන බවය. නව සභාපතිවරයා Symantec වල 1999-2009 දක්වා CEO වරයා ලෙසටත් IBM වල top executive තනතුරකද කටයුතු කල අයෙකු වනවා. මේ වන විට එතුමා තමන්ගේම  Virtual Instruments නම් අයතනයක CEO වරයා ලෙසටත් කටයුතු කරමින් සිටිනවා. ආයත්නයේ හිටපු සබාපතිවරයා Bil Gates මහතා නව CEO වරයාගේ තාක්ශනික උපදේශක වරයා ලෙසට නව තනතුරු හුවමාරුව තුලදී ස්ථානගතවී තිබෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...