2014-02-14

IE9 හා IE10 සදහා අනතුරු ඇගවේ!!!!

  Microsoft ආයතනය ගෙවී ගිය දිනයේ නිකුත්කල නිවේදනයකට අනූව IE9 හා IE10 වල දුර්වලතාවයක් ඔස්සේ පහර දෙන්නන් වෙතට පහසුවෙන් නිරවරනය වෙමින් ඇති බවට පවසා සිටියා. විටක පහර දෙන්නන් වෙතට බ්‍රවුසරයේ පාලනය ලබා ගත හැකි මට්ටමේ පහදීම් සදහාද මෙම දුර්වලතවයන් ඔස්සේ ඉඩ සැලසෙන බවටයි පැහැදිලි කර සිටියේ. වැඩියෙන්ම භාවිතාවන සංස්කරන දෙකක් වන IE9 , IE10 වෙතට එල්ල වී ඇති අනතුර හමුවේ ගනනය වන්නේ IE භාවිතාකරන්නන්ගෙන් තුනෙන් දෙකක් පමන භාවිතාකරන්නන් වෙතට මෙම අනතුරුදායක බව විවෘතව ඇති බවකි. එම නිවේදනයෙන් වැඩි දුරටත් පවසා සිටින්නේ IE11 වෙතට යාවත්කාලීන වීම වඩාත් ආරක්ශාකාරී වන අතර මේ වන විටත් හමුව ඇති ගැටලුව හදාරමින් ඇති බවකි. ආයතනයේ නිවේදනය ඔස්සේ සාමාන්‍ය පරිදි මීලග මයික්‍රසොෆ්ට් යාවත්කාලීන මාසික ගොනුව වන මාර්තු 11 ට පෙර ක්ශනික යවත්කාලීනයක් නිකුත්වීමේ සැලසුමක් හෙලි නොවන අතර විකල්ප බ්‍රවුසරයක් වෙතට පිවිසීම හැර වෙනත් විකල්පයක් භාවිතාකරන්නන් හට ඉතිරි නොවන්නේ තවමත් භාවිතාවෙමින් ඇති සමහර සංස්කරන සමග ඉහල බ්‍රවුසර සංස්කරන වෙතට යාවත්කාලීන වීම සදහා ඉඩ නොදෙන බැවිනි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...