2014-02-23

හදුනා ගත් Flash player plugin දුර්වලතාවයට පිලිසකර නිකුත්වේ

  Adobe ආයතනය ගෙවී ගිය දින කිහිපයකට පෙර තමන්ගේ  Flash player plugin වල හදුනාගත් දුර්වලතාවයක් සදහා හෝරා කිහිපයක් තුලදී පිලිසකර නිකුත්කරන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වූවා. serious vulnerability මට්ටමේ එම හදුනා ගැනීම සයිබර් ආරක්ශක සමාගමක් විසින් හෙලිකිරීමෙන් අනතුරුව මෙම පිලිසකර වීම සිදුවූ බවටයි වාර්ථ වූවේ. එම ආයතනය මෙම හානිකර බව ප්‍රසිද්ධ කරමින් හෙලිකර සිටියේ  zero-day exploit ආකාරයේ මෙම හානිය පහර දෙන්නන් විසින් වෙබ් අඩවි කරා පැමිනෙන්නන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකව තිබූ බවයි. ඔවුන් එම පැමින්න්නන් code-injection සමග exploit serve වෙතට හරවා යවන්නට කටයුතු කර ඇති බවටයි සටහන් වන්නේ.
                                     මෙම හානිකර බව Windows XP, Windows 7 , Java 1.6 හා Microsoft Office 2007 හෝ 2010 භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකව ඇති බවත් විශේෂයෙන්ම යාවත්කාලීනයන් රහිතව මෙම භාවිතාවන් සිදුවන පරිගණක ඔවුනගේ පහසු ඉලක්කවෙමින් තිබු බවටත් පවසා සිටියා. Adobe ආයතනය එම යාවත්කාලීනයන් නිකුත් කරමින් පවසා සිටින්නේ Flash player භාවිතාකරන්නන් අතර automatic updates අක්‍රියකර ඇති භාවිතකරන්නන් තම අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...