2013-09-25

Windows RT වෙළඳ පොලතුල මයික්‍රසොෆ්ට් පමනක් තනිවේ.......

  මයික්‍රසොෆ්ට් සමගමේ වින්ඩෝස් 8 හි ARM-based සංස්කරනය වූ Windows RT මහත් අර්බුදකාරී තත්වයකට මුහුන දෙමින් සිටින බවටයි පෙනෙන්නට ඇත්තේ. එක් දෙසකින් පරිගණක භාවිතයේ අනාගත ගමන් මගේ අනාගතය ලෙසට ටැබ්ලට් උපාංගය පිලිගැනෙමින් ඇති අතර ඉදිරි වසරවලදී දෘඩාංග ආයතන බොහොමයක නිෂ්පාදන සැලසුම් PC මට්ටමමෙන් ඉවතට සැලසුම් වෙමින් පවතින අතරදී පවා මයික්‍රසොෆ්ට් වෙතින් එදෙසට තැබූ මෘදුකාංගමය පියවර Windows RT මෙන්ම Surface ලෙසට වන දෘඩාංග පියවර වෙළඳ පොලතුල අතාර්කික වීම හදාරන්නන්ගේ විමතියට කරුනක වී ඇත.කෙසේ වෙතත් මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම ARM දෙසට වන ගමන් මග මත නොසැලී සිටින බව සහතික කරමින් ඒවායේ දේවන සංස්කරනද වෙළඳ පොල වෙත නිකුත්කරන්නට කටයුතු කරන ලදී.
                                2012දී මයික්‍රසොෆ්ට් සමාගම තම Windows RT හඳුන්වාදෙන විට ඔවුන් සමග එම උපාංග වෙළඳ පොල වෙතට තවත් සමාගම් පහක් පමන පිවිසි අතර මේ වන විට ඉන් අවසාන සමාගම වන DELL සමාගමද එම වෙළ්ඳ පොලෙන් ඉවත්වන්නට කටයුතු කර තිබෙනවා. ඒ අනූව මේ වන විට එම වෙළඳ පොල තුල සිටින එකම සමාගම වන්නේ මයික්‍රසොෆ්ට් සමාගම පමනක් බවට පත්ව තිබෙනවා.පසුගිය කාලයේ Nokia ආයතනය සමග මයික්‍රසොෆ්ට් සමාගම එකගතාවයකට පිවිසි අතර ඉදිරියේදී මයික්‍රසොෆ්ට් දෘඩාංග නිෂ්පාදනයේ වැඩි වගකීමක් ඒ වෙත පැවරෙනු ඇති බවටයි විචාරකයින්ගේ මතය වෙමින් ඇත්තේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...