2013-09-30

silicon transistors වෙනුවට පැමිනෙන්නට ඇති carbon nanotube transistors!!!!!!

  silicon transistors වෙනුවට විකල්පයක් පිලිබදව අවධානය කාලයක තිස්සේ හදාරන්නන්ගේ ඉලක්කයක්ව තිබිනි. පලවන නවතම වාර්ථාවක් පවසන්නේ carbon nanotubes සමග smartphones, laptops, tablets සහ supercomputers සදහා කොටස් නිපදවා ගන්නට හැකිවා පමනක් නොව වඩාත් කුඩා හා බලයෙන් වැඩි මට්ටමේ සහයක් ඒවා ඔස්සේ ලබාගන්නට හැකි බවටයි ඔවුන් පවසන්නේ. විප්ලවීය වෙනසක් ගෙනෙන්නට සමත් වෙතැයි අනාවැකි පලවෙමින් ඇති මෙම නව භාවිතාව අඩු බල භාවිතයක් සමග අඩුවෙන් නිපැදවෙන තාපය වැනි දැනට භාවිතාවන ට්‍රාන්සිස්ටරයට සාපේක්ෂව වැඩි ලාභදායී බවක් මෙම  carbon nanotubes සමග ලබා ගන්නට හැකිවනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.Stanford University යෙහි විද්වතුන්  පිරිසක් පවසා සිටින්නේ තමන් මේ වන විටත් carbon nanotube transistors පමනක් භාවිතාවන සම්පූර්න ක්‍රියාකාරීත්වයක් ඇති  පරිගණකයක් නිපදවා ඇති බවකි.
              20 වන ශත වර්ෂයේ බලගතුම සොයා ගැනීම බවට පිලිගැනෙන transistor නොපැමිනීයානම් තවමත් සර්වරයක් යනු මහල් තුනක ගොඩනැගිල්ලක ප්‍රමානය ගන්නා බවට කෙරෙන උපමාව ඔස්සේ එහි කාර්යක්ශමතාවය පිලිබද මනා වැටහීමක් ලබාගන්නට හැකි වන අතර වෙගවත් පරිගණක උපාංග දියුනුවත් සමග transistor වල හැකියා සීමාවට තාක්ශනය පැමින ඇති බව පසුගිය කාලයේ නිතර අසන්නට සිදුවනු ප්‍රකට පිලිගැනීමක්ව ඇත. එම සීමා ‍රැගෙන එන "Moore's Law" මගහරින්නට නම් සිලිකන් වෙනුවට වෙනත් විකල්ප භාවිතයක් පිලිබදව දැඩි අවදානයක් ඇතිව තිබිනි. 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...