2013-08-18

සම්බන්දවි ඇති Wireless Network එකට යාවී ඇති අනෙකුත් උපාංග හදුනා ගනිමු!!

    සමහර මෘදුකාංග පිලිබඳව තොරතුරු පලකිරීම විටක මද අපහසුවක් ගෙනෙන්නේ සද්භාවයෙන් ඒවා භාවිතාකරනු වෙනුවට අනෙකාට හානිකරන්නට මෙම පහසුම් යොදා ගැනීමට ඇති ඉඩකඩ සැලකිමේදීය. පසුගියදා පලවූ වාර්ථාවක් පැවසුවේ විදේශ රටක 17 හැවිරදි දරුවෙකු සම වයසේ යැයි සිතා ස්කයිප් ඔස්සේ සම්බන්දවූ අයෙකුගෙන් ලද තර්ජන හමුවේ සිය දිවි හානිකර ගන්නට ගත් තීර්නය ක්‍රියාත්මක කිරිමකි.දියුනු උපාංග ‍රැගෙන එන විසල් අවකාශය ගෞරවනීය භාවිතාකරන්නට විදිමත් භාවිතාකරන්නන් අවශ්‍ය වීම පැහැදිලි කාරනාවකි.අනෙක් අතින් තමන් භාවිතාකරන උපාංග වල බලගතු හැකියවන් ඔස්සේ තමන් වෙත පැමිනිය හැකි හානීන් පිලිබද අවබෝදයකින් සිටීනට භාවිතාකරන්නන් වෙතද වගකීමක් ඇත.
                            Wireless Network  ආකාරයේ භාවිතාවක් කරන ඔබට මෙම මෘදුකාංගය වැදගත් වනු ඇත. ඔබ සම්බන්දවී සිටින Wireless Network  සමග සම්බන්දව තිබෙන සියලු අනෙකුත් උපාංගවල  IP address, MAC address ආදිය මෙම මෘදුකාංගය ඔස්සේ ලබා ගන්නට හැකිවනු ඇත.දැනට භාවිතාවන සියලු මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සමග ක්‍රියාත්මකවන මෙම මෘදුකාංග ඔස්සේ කලාතුරකින් ඔබ සම්බන්දව සිටින ‍රැහැන් රහිත ජාලය හඳුනා ගැනීමට අපහසු වුවහොත් 'Advanced Options'  ඔස්සේ පිවිස මැනුවල් ආකාරයට එය තොරා දෙන ලෙසටයි ඔවුන් උපදෙන් දෙන්නේ.
http://www.nirsoft.net/utils/wnetwatcher_setup.exe

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...